සාකච්ඡාව:වෘක්කාණු

Latest comment: වසර 10කට පෙර by තඹරු විජේසේකර in topic වෘක්කාණු? (-ව?)

වෘක්කාණු? (-ව?) සංස්කරණය

සිංහල බසේ බහුවචන හැදුණ හැටි පිළිබඳ ඔබේ තර්කයට ගරු කරනවා Singhalawap. නමුත් මේ ලිපියෙදි පොඩි කේස් එකක් එනවා. මේක පටන් ගන්නෙ ම “වෘක්කයේ තැනුම් ඒකකය යි“ කියලා. එතකොට ඒක “වෘක්කාණුව“ නෙ? (LOL, කාණුව) එතකොට මේ ලිපියෙ හැම එකක් ම බහු වචන කරන්න වෙනවානෙ. ඔය definitions එහෙ ම පොඩ්ඩ එහෙමෙහෙ වුණ ගමන් හෙන කේස්! (අනේමන්ද, විභාගෙදි නම් එහෙමයි) අපි සාමාන්‍ය අවස්ථා වලදි ඔබ කිව් දේ කරමු. නමුත් මෙහෙම විශේෂ අවස්ථාත් එනවා නෙ? අයියගෙ අදහස මොකද ඒ ගැන? --තඹරු විජේසේකර සාකච්ඡාව 03:08, 25 ජූනි 2013 (යූටීසී)Reply

තඹරුගේ තර්කයේ ගතයුත්තක් තිබෙනවා. සිංහලවැප් විසින් මම පටන් ගත්ත ලිපි වල මාතෘකා බහු වචනයට හරවද්දී මම සද්ද නැතුව හිටිය. ඇණයක් වී සිටින විට මල කඩ ඇණයක් නොවිය යුතු නිසා. ඒ වුනාට මෙතනට පොඩ්ඩක් හොට දැම්මා. -- ශ්වෙත (talk) 08:21, 25 ජූනි 2013 (යූටීසී)Reply
විශේෂ අවස්ථාවක් කියලා හිතයවනං ආපහු වෙනස් කරන්න. මගේ අවුලක් නෑ.Singhalawap (talk) 11:13, 25 ජූනි 2013 (යූටීසී)Reply
වෘක්කාණු, වෘක්කයේ තැනුම් ඒකක වේ කියලා ලියන්නත් පුළුවං. විභාගෙ ෆේල් වෙන්නෑ ෂුව'. Singhalawap (talk) 11:15, 25 ජූනි 2013 (යූටීසී)Reply
මෙහේ පොත්පත්, ගුරුවරුත් ඉංග්‍රීසි ගෙඩිපිටින් translated නිසා වෙන්නැති එහෙනං ඒකවචනෙට සිත්බැඳගෙන ඇත්තෙ. මොකක් උණත් අදහස පිට පනිනවානම් එච්චර තමා ඉතිං. ;) --තඹරු විජේසේකර සාකච්ඡාව 12:07, 25 ජූනි 2013 (යූටීසී)Reply
@ශ්වෙත: හෙහේ! :D හැබැයි O2 නැතිවිට මළකෑම නවතිනවා. But පණකෙන්ද! කෝකඋනත්, හොට දාන එකටනං මාත් කැමතියි. එතකොට අදහස් හුවමාරු වෙනවා - සහෝදරත්වය උඩුදුවනවා --තඹරු විජේසේකර සාකච්ඡාව 12:24, 25 ජූනි 2013 (යූටීසී)Reply
තව විශේෂ අවස්ථා හමුවුණා: මහින්දාගමනය, දුමින්දාගමනය, හෘදය, අන්තර්ජාලය, ආවර්තිතා වගුව, ආදරය, භාර්යාව etc. කොහොමද මෙහෙම එකක් බහුවචන කළොත්? (අන්තිම එකනම් කෝමදැයි නොදනිමි :P ) අවස්ථානුකූල වෙමු නෙහ්? (NOT අවස්ථාවාදී) එතකොට ශේප්. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:37, 25 ජූනි 2013 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:වෘක්කාණු&oldid=268401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "වෘක්කාණු" page.