සාකච්ඡාව:විඥානය

Latest comment: වසර 7කට පෙර by Rsekanayake

"විඥ්ඥානය" ලෙස වූ ලිපියේ කරුණු සංශික්ප්තව ලිපිය ආරම්භයේදී සදහන් නොවන බැවින් ලිපිය සංස්කරණය නොකර විඥ්ඥානය යනු කුමක්ද යන්න වෙනත් කරුණුද ආශ්‍රයෙන් පහතින් කෙටියෙන් ලියමි. බුදුන්වහසේගේ ඉගැන්වීමට අනුව අප සිත ලෙස හදුන්වන සිත කොටස් තුනකින් යුක්තවේ."විඥ්ඥාන" "මනෝ" සහ "චිත්ත" වේ.

  1. බුදුන් වහන්සේ විඥ්ඥාන යනුවෙන් අදහස් කලේ බාහිර පරිසරයේ ක්‍රියාකාරකම් වලින් ඇස, කන, නාසය, දිව, ශරීරයන යන ඉන්ද්‍රියන් උතෙජනය වීමය.එය හැගීම, දැකීම, අවබෝදය ලෙස යමෙකුට කිව හැකිය.
  2. මනෝ ලෙස හදුන්වනු ලැබුවේ එලෙස ඉහතින් සදහන් කල "විඥ්ඥානය" මගින් ලබාදෙන තොරතුරු ග්‍රහණය කර යමෙකුගේ පසුගිය මතකයේ මොලයේ 1 තැන්පත්ව ඇති තොරතුරු සමග සංසන්දනය කර බලා ලබාදෙන විශ්ලේෂණ වාර්තාව "මනෝ" ලෙස හදුන්වයි.එය මොලයේ ක්‍රියාකාරකමකි.
  3. "චිත්ත" යනු, එසේ "මනෝ" කොටසින් විග්‍රහ කර ලබාදුන් වාර්තාවට අනුව " භාවික හැගීම්" පහලවීම වේ. එවිට ආශාව ,වයිරය ,තරහ ඇල්ම භය ආදිය වූ හැගීම් හටගනී. එවිට එය "චිත්තාවේග" ලෙස හදුන්වයි .චිත්තාවේග ක්‍රියාකාරකමක් ලෙස ,"කතාවෙන්" "ක්‍රියාවෙන්" පිටකරනු ලැබේ. එයට කර්මය(චිතාවේග තුලින් කර්මය ඇතිවේ) යයි කියනු ලැබේ.

මෙසේ ගත්කල අපගේ මොලය කොටස් දෙකකින් යුක්තවේ .එනම් "මනෝ"1(සිතීමේ කොටස) සහ "චිත්ත" 2 (හැගීම් ඇතිවන කොටස )වේ.--RsEkanayake 18:28, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:විඥානය&oldid=376567" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "විඥානය" page.