මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මෙය වෙබ් ලිපියක් හෝ වෙබ් අඩවියක් පිළිබද ලිපියක් නොවේ. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන වෙබ් අඩවිය පවත්වාගෙන යන ආයතනය සහ එහි සේවා සදහන් වන ලිපියකි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 175.157.177.69 (සාකච්ඡාවදායකත්ව) විසින් 23:11, 28 මැයි 2012‎ හිදී එක් කර ඇත

I think it's better to take this through the normal deletion process that involves a discussion rather than the speedy deletion process. --Lee (talk) 04:43, 29 මැයි 2012 (යූටීසී)Reply
පරිපාලක ලී මහතාගේ අදහසට/යෝජනාවට මම සහයෝගය පලකරමි. සියළු මකාදැමීම් ඉක්මන් මකා දැමීම තුලින් කරනවා වෙනුවට සමහරක් ඒවා සාමාන්‍ය මකාදැමීම තුලින් සිදු කිරීමෙන් පුළුල් සංවාදයකට ලක් කල හැකි වෙයි. --ශ්වෙත (talk) 05:17, 29 මැයි 2012 (යූටීසී)Reply
පරිපාලක ලී මහතාට සහ ශ්වේත වෙත ස්තුති වන්ත වෙමි. විකිපීඩියා සිංහල භාෂා අංශයට දින දින නව පිරිස් සම්බන්ධ කරවීමටත් ඔවුන්ට නිවැරදිව ලිවීමට අවස්ථා ලබාදීමත් සිදුකල යුතුයැයි මට සිතේ.--Sathiska (talk) 11:30, 29 මැයි 2012 (යූටීසී)Reply
මෙම ලිපිය මක දැමිය යුතු නොවේ. මෙතන තියන්නේ සේවාවක් මිසක් මේක ප්‍රසිද්ධ කරන දෙයක් නෙවෙයි. එමනිසා මෙම ලිපිය මකන්න එපා. බොහොමයක් තරග විභාග කරන ළමයි මෙම වෙබ් අඩවිය පාවිච්චි කරනවා. මේක ගැන මෙතන ලිව්වට කමක් නැහැ කියලයි මම නම් හිතන්නේ. මොකද මේක නිකම් පී කේ සොෆ්ට් වගේ නෙවෙයිනෙ. --උපුල් (talk) 17:24, 31 මැයි 2012 (යූටීසී)Reply
පී කේ සොෆ්ට් සම්බන්ධයෙන් නීතිය හෑල්ලුවට ලක් වුනු බව ඇත්ත. අපි ඒ දිනවල උඩු ගං බලා යන්න උත්සාහ කලේ ඒවට විරුද්ධව. කෙසේ වෙතත් නීතිය නීතියමයි. එය කාටත් පොදුයි. වෙබ් අඩවි ගැන ඉක්මන් මකා දැමීමක් තිබේ නම් එපමණයි. මේ ලිපිය ගැන තාම සාකච්ඡා වන්නේ ඉක්මන් මකා දැමීම යටතෙයි. මේක ගැන සාමාන්‍ය මකා දැමීම යටතේ සාකච්ඡා වෙනව නම් අපිට ඔය වැනි තර්ක විතර්ක ගෙන එන්න පුළුවන්. --- ශ්වෙත (talk) 04:01, 1 ජූනි 2012 (යූටීසී)Reply
අහ් ශ්වේත මහත්තය, මෙතන තර්කයක් නෑ.මොකද මම කියල තියන්නේ "මම හිතන්නේ කියලනෙ" , අදහසක් විතරයි. මම එහෙම කිව්වට කටත් පොදු දෙය කරන්න පුළුවන්, එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. එක හින්ද ඔන්න ඔහේ අනික් උදවිය කියන දෙයකුත් අහමු. මම මෙතන ආයෙ අදහස් දක්වන්න වෙලාව ගත කරන්නේ නෑ. "ලී" තුමා කියන්නෙත් වෙන කොහේද ගිහින් මේක කතා කරමු කියල නේද? මම ඔය ඉඳල ඉඳල ලිපියක් ලිව්වට ඔය විවිධ තැන් ගැන ගැන එච්චර දැනීමක් නම් නෑ. Edulanka ගැන විකියේ ලිව්වත් නැතත් ඒක ගොඩක් මිනිස්සු බලන බව නම් මම දන්නවා, ඒක හින්ද ඔන්න ඔහේ මැකුවත් මේ ලිපිය ලියපු කෙනා මොනවත් කිතන එකක් නෑ. --උපුල් (talk) 08:28, 1 ජූනි 2012 (යූටීසී)Reply
උපුල් මහත්තයා කාර් එකක් එලවනව නම් ඒක ඉඳල ඉඳල එලෙව්වත් හැමදාම එලෙව්වත් මහපාරේ මාර්ග නීති අනුව එලවන්න වෙනව නේද? ---ශ්වෙත (talk) 08:50, 1 ජූනි 2012 (යූටීසී)Reply
නීතිය නම් කාටත් එකයි, නීතියේ හැටි එහෙම තමයි. එක තමයි මම කිව්වේ මේ කාටත් පොදු දෙයක් කරමු කියල. --උපුල් (talk) 17:51, 1 ජූනි 2012 (යූටීසී)Reply
Please continue the discussion at Wikipedia:Articles for deletion/එඩියුලංකා--Lee (talk) 06:27, 1 ජූනි 2012 (යූටීසී)Reply

මවිසින් මෙම ලිපිය නිර්මාණය කරේ ශ්‍රී ලංකාව තුල අද දවස වන විට විශාලතම පිරිසත් නරඹන අධ්‍යාපනික වශයෙන් බොහෝ පිරිසකි සේවා සපයා ගන්නා සේවාවක් පිළිබද සමාජය දැනුවත් කිරීමට සහ මෙම ලිපියෙන් ආරම්භව මේ තුලින් මතුවන දිගු (සාපෙළ, උසස්පෙළ - දැනටමත් ලිව්වෙමි, IDN Domain යනාදී වශයෙන් බැදෙන ලිපි සකසමින් ඉදිරියට විකිපීඩියා ලිපි ලියන්නෙකු ලෙස ගමන් කිරීමටයි. මෙමගින් මෙම වෙබ් අඩවියට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නොමැත. මන්ද එවැනි දේ සමාජ ජාල අඩවි තුලින් පවසුවෙන් සිදුකල හැකි බැවිනි. සෑම අංශයකින්ම අධ්‍යාපන උපරිම වශයෙන් ලබාදෙන මෙම සේවාව පිළිබදව වූ ලිපිය විකිපීඩියා තුල තබාගැනීම සුදුසු යැයි මම යෝජනා කරමි.--Sathiska (talk) 07:07, 2 ජූනි 2012 (යූටීසී)Reply

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

ඇලෙක්සා වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවට අදාල වෙබ් අඩවි තුල මුල්ම හෙවත් ජනප්‍රියම අධ්‍යාපන වෙබ් අඩවිය වන්නේ මෙයයි. තහවුරුකිරීම් අවශ්‍ය සමහර තැන් සදහා තහවුරු කිරීමේ දිගු ඇතුලත් කලෙමි. මෙම සේවාවේ වැදගත්කම පිළිබද පාඨකයන් අදහස් ලෙස සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් සදහන් කර ඇති අතර ඒවා සදහාද දිගු අවශ්‍ය නම් ලබාදිය හැක. http://www.alexa.com/topsites/countries/LK --Sathiska (talk) 11:29, 29 මැයි 2012 (යූටීසී)Reply

Please continue the discussion at Wikipedia:Articles for deletion/එඩියුලංකා--Lee (talk) 06:27, 1 ජූනි 2012 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:එඩියුලංකා&oldid=386707" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "එඩියුලංකා" page.