සාකච්ඡාව:අැමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය

Latest comment: වසර 7කට පෙර by L Manju

කරුණාකර මා විසින් පරිවර්තනය ආරම්භකල මෙම ලිපිය මකා දැමීමෙන් වැළකී සිටින්න.මකාදැමීමෙන් සිංහල විකීපීඩියා පරිශීලකයින්ට වැදගත් ලිපියක් අහිමිවනු ඇත.--Chandra prabhath (talk) 04:12, 28 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

හිතවත් Chandra prabhath පරිශීලකතුමනි, මෙම වැදගත් ලිපිය මකා දමා නැත. මා විසින් එහි වූ ඉංග්‍රීසි අන්තර්ගතය ඉවත් කලෙමි. ඒ සිදුකලේ සිංහල විකිය තුල ඊට අදාල නොවන භාෂාවකින් (ඉංග්‍රීසි) තොරතුරු පැවතීම හේතුවෙනි. එවැනි ලිපි බොහොමයක් අතීත පරිශීලකයන් අතින් නොදැනුවත්කම් හේතුවෙන් මෙහි තැනී තිබුණත් ඒවා පරිවර්තනය වන්නේ කලාතුරකිනි. මේ නිසා එවැනි ලිපි පිරිසිදු කිරීමට කල් ගතවනවා සේම සිංහල විකියේ ගුණාත්මකභාවය ගැනද ගැටළු සහගත තත්වයක් ඇතිවේ. විදෙස් බසකින් මෙහි තැනෙන ලිපියක් සාධාරණ මකාදැමීමේ උපමාන යටතේ මකාදැමීමට යෝජනා කල හැකිය. නමුත් මා විසින් සිදුකලේ ඉංග්‍රීසි අන්තර්ගතය ඉවත් කිරීම පමණි. එම නිසා මා නැවතත් ඔබේ සංස්කරණය ප්‍රතිවත්‍ය කරමි. ලිපිය සෙමින් පරිවර්තනය වූවත් අවශ්‍ය වන තොරතුරු (කේත) ඉංග්‍රීසි විකියෙන් ටිකි ටික ලබා ගැනීමේ හැකියාව අපහට පවතී. එම නිසා විදෙස් භාෂාවක තොරතුරු වෙනුවට කරුණාකර ලිපියට සිංහල අන්තර්ගතයන් පමණක් යොමන්න තරම් කාරුණික වන්න. ස්තූතියි--L Manju (talk) 05:38, 28 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply


ඔබේ අදහසට මා ගරු කරමි.සිංහල විකීපීඩියාව තුල පරිවර්තනය නොකල ලිපි බොහෝමයක් ඇත.එවන් ලිපි කිහිපයක්ම මා විසින් පරිවර්තනය කිරීහට උස්සාහ ගතිමි.කෙසේ නමුත් ලිපියක් මකා දැමීමට පෙර සාකච්ඡා පිටුවේ සටහනක් තබා එයට ප්‍රතිචාර නොලැබුනොත් පමණක් එය මකා දමනමෙන් ඉල්ලා සිටිමි.ස්තූති--Chandra prabhath (talk) 07:49, 28 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

වෙනත් බසකින් සමන්විත එවැනි ලිපි පරිවර්තනය කිරීමට ඔබ දරණ වෑයම අගයමි. මින් පසු සාකච්ඡා පිටුවේ සටහනක් හෝ අදාල පිටුව මත නිවේදනයක් යෙදීමට මම උත්සහ දරන්නම්.--L Manju (talk) 08:01, 28 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
Return to "අැමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය" page.