ස්පුට්නික්-3 (රුසියානු බසින්: "Спутник-3") වූ කලි සෝවියට් සංගමය විසින් වර්ෂ 1958 මැයි 15 දා ගුවන් ගැන් වූ කෘත්‍රිම පෘථිවි උපග්‍රහයෙකි. මෙය යොදා ගැනුනේ ඉතා ඉහළ වායුගෝලය පිරික්සීම සඳහා යි.

ස්පුට්නික්-3 උපග්‍රහයා

සෝවියට් සංගමයේ ප්‍රථම කෘත්‍රිම උපග්‍රහයා ලෙස ගුවන් ගැන්වීමට කලින් සැලසුම් කර තිබුණද මෙය එකලස් කිරීමේ ප්‍රමාදය නිසා මීට වඩා නිර්මාණයෙන් සරල චන්ද්‍රිකාවක් වූ ස්පුට්නික්-1 ප්‍රථම උපග්‍රහයා ලෙසින් 1957 ඔක්තෝබර් 4 දා අභ්‍යවකාශ ගන්වන ලදි. ඉන්පසු ස්පුට්නික්-2 නම් චන්ද්‍රිකාව ද නිමවා අවසන් වූ හෙයින්, එය ද මෙයට කලින් ගුවන් ගන්වන ලදි.


"https://si.wikipedia.org/w/index.php?title=ස්පුට්නික්-3&oldid=261797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි