ඛණ්ඩාංක: 60°0′N 105°0′E / 60.000°N 105.000°E / 60.000; 105.000

සයිබීරියාව (රුසියානු: Сиби́рь, tr. Sibir', IPA: [sʲɪˈbʲirʲ]( listen)) යනු, පෘථුල භූගෝලීය භූමි ප්‍රදේශයක් වන අතර, පෘථුලතම අර්ථදැක්වීම පරිදී උතුරු ආසියාව ලෙසින්ද හැඳින්වෙයි. දහහත්වන සියවසෙහි සිට, සයිබීරියාව ඓතිහාසික ලෙසින්, රුසියාවෙහි කොටසක් ලෙසින් පැවතී ඇත.


       සයිබීරියානු ෆෙඩරල් දිස්ත්‍රික්කය

       භූගෝලීය රුසියානු සයිබීරියාව

       පුළුල්තම අර්ථසැක්වීම සහ ඓතිහාසික භාවිතය පරිදී සයිබීරියාව

සයිබීරියාව යූරල් කඳුවැටියේ සිට පැසිෆික් සහ ආක්ටික් සාගර දක්වා විහිදී පවතී. තවද දකුණු දෙසින් කසක්ස්තානයේ උතුරුමැද කඳුකරය දක්වාත් චීනයේ සහ මොන්ගෝලියාවේ ජාතික දේශසීමා දක්වාත් සයිබීරියාව විහිදී පවතී. වර්ග කිලෝමීටර් මිලියන 13.1 ක් වූ භූමි ප්‍රමාණයක් සමඟ සයිබීරියාවට, රුසියාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 77% ක් අයත් වන නමුත් එහි පදිංචිකරුවන් සිටින්නේ මිලියන 40 ක් පමණි. එම ප්‍රමාණය රුසියාවේ මුළු ජනගහනයෙන් 27% ක් පමණක් වන අතර ඒ අනුව සයිබීරියාවේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පදිංචිකරුවන් තිදෙනෙක් වෙයි. (මෙම ප්‍රමාණය ඕස්ට්‍රේලියාවේ ජන ඝනත්වයට ආසන්න වශයෙන් සමාන වෙයි). මේ අනුව සයිබීරියාව පෘථිවියේ අවම ජන ඝනත්වයක් සහිත ප්‍රදේශයක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සයිබීරියාව&oldid=363899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි