සමාජ මානව විද්‍යාව

හවායි පැසිෆික් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන රොබට් බොරොෆ්ස්කි ට අනුව සමාජ මානව විද්‍යාව විසින් "මානව විද්‍යාවට හා මානව විද්‍යාඥයන්ට අපේ කාලයේ සමාජයීය ප‍්‍රශ්න දෙසට ආලෝකය විහිදුවමින් එමෙන්ම සමාජයීය වෙනසක් සඳහා අනුබල දීමේ පැහැදිලි අරමුණින් යුක්තව ඒවා පිළිබඳව පුළුල් මහජන සංවාදයක් ධෛර්යමත් කරමින් විෂය ඉක්මවා ගොස් ගැටළුවලට සාර්ථකව මුහුණදීම සඳහා ඇති හැකියාව ප‍්‍රදර්ශනය කෙරේ." (බොරොෆ්ස්කි 2004 සංරක්ෂණය කළ පිටපත 2007-04-14 at the Wayback Machine).

මෙරිල් සින්ගර් සමාජ මානව විද්‍යාව යන සංකල්පය විවේචනයට ලක් කළේ එය විසින් ප‍්‍රායෝගික මානව විද්‍යාව නොසලකා හැර ඇතැයි යන පදනම මත සිටිමිනි. බොහෝ ප‍්‍රායෝගික මානව විද්‍යාඥයින් විසින් සමාජ මානව විද්‍යාව යැයි දැන් විස්තර කරනු ලබන දේ දැනටමත් කරනු ලබන හෙයින් සමාජ මානව විද්‍යාඥයින් ප‍්‍රායෝගික මානව විද්‍යාඥයින්ගෙන් දුරස් කිරිමේ උපක‍්‍රමයක් මිස නව ලේබලයක් අවශ්‍යවන්නේ මන්දැයි තේරුම් ගැනීමට දුෂ්කරයැයි ඔහු ලියයි. (ඩන්ගර්-2006) ‘‘එමෙන්ම තමන් ප‍්‍රායෝගික මානව විද්‍යාවෙන් සිතාමතා වෙන්කොට දකින අළුතින් බිහිවන ලේබලයන්හි අරමුණ කුමක්දැයි ප‍්‍රශ්න කළ යුතුව ඇත. ඉන් ඒවා ගොඩනංවන්නන් හෝ පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ඨ වන අතර විෂයයෙහි වඩා පුළුල් ශුභ සිද්ධිය වෙනුවෙන් ඉන් ඉටුවන සේවය කුමක්දැයි දැකීම දුෂ්කර‘‘ යැයි රිල්කෝ බෝවර් විසින් ලියා ඇත. (රිල්කෝ- බෝවර් 2000) සින්ගර් ගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වන එරික් හැන්ස්ටාඞ් සමාජ මානව විද්‍යාව හේතුකොට ගෙන අවශයයෙන්ම ප‍්‍රායෝගික මානව විද්‍යාව බැහැර කිරිමක් සිදු නොවන බව තර්ක කරයි. (හැන්ස්ටාඞ් 2001) එක් වැදගත් කාරණයක් හේතුකොට ගෙන "එය ප‍්‍රයෝජනවත් අර්ථාලංකාරයක් වේ යයි ද සමාජ හා ශාස්ත‍්‍රීය අවබෝධය අතර වෙනසක් ඇතැයි යන කාරණයට එය අවධානය යොමු කරයි" ද යනුවෙන් පවසන ඇලන් ජෙෆ්රි ෆීල්ඞ්ස් (ෆිල්ඞ්ස් 2001) සමාජ මානව විද්‍යාව යන සංකල්පය වෙනුවෙන් පෙනී සිටි.

"https://si.wikipedia.org/w/index.php?title=සමාජ_මානව_විද්‍යාව&oldid=593644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි