“සම්මතකරණය” යේ එක් භාවිතයක් මෙහි විස්තර කෙරේ. එහි කාර්මික සහ තාක්ෂණික යෙදුම් සඳහා “සම්මතකරණය” බලන්න. පරිසර විද්‍යාවේ එන Z - අගය සදහා “Z - අගය” බලන්න. සංඛ්‍යානයේ දී සම්මත අය ගණන ලෙස හැඳින්වෙන්නේ එක් සකස් නොකළ අය ගණනකින් ගහන මධ්‍යන්‍ය අඩු කර එය ගහනයේ සම්මත අපගමනයෙන් බෙදා ලබා ගන්නා මාන රහිත අගයකි. මෙම පරිවර්තන ක්‍රියාදාමය සම්මතකරණ නැතහොත් ප්‍රමාණකරණය ලෙස හැඳින්වේ. සම්මත අය ගණන Z - අගය , Z - අය ගණන , ප්‍රමත අය ගණන හා සම්මතකරණ විචල්‍ය ආදී නම්වලින් ද හැඳින්වේ. සම්මත අය ගණන මඟින් කිසියම් නිරීක්ෂණයක් මධ්‍යන්‍යයට සම්මත අපගමන කෙතරම් ප්‍රමාණයක් ඉහලින් හෝ පහලින් පිහිටයි ද යන්න දැක්වේ. මේ නිසා පර්යේෂණවල දී නිතරම අවශ්‍ය වන පරිදි වෙනත් ප්‍රමත ව්‍යාප්තිවලට අයත් නිරීක්ෂණ සංසන්දනය කළ හැකි වේ. සම්මත අය ගණන උච්ච - කාර්ය තේරුම් දත්ත විශ්ලේෂණයේ දී භාවිතා වන Z - සාධකයට සම නොවන නමුත් ඇතැම් විට මේවායේ අර්ථයන් පටලා ගැනීම සිදු වේ.

විවිධ ප්‍රමත ව්‍යාප්ති , සම්මත අපමන, සමුච්චිත ප්‍රතිශත, Z -අගයයන් සහ T - අගයයන්ගේ සැසඳුමක් රූපයේ දැක්වේ.
"https://si.wikipedia.org/w/index.php?title=සම්මත_අය_ගණන&oldid=469863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි