සංඛ්‍යානය (ඉංග්‍රීසි:  Statistics}) යනු දත්ත රැස්කිරීම, විශ්ලේෂණය, අර්ථ දැක්වීම / විස්තරකිරීම සහ ඉදිරිපත් කිරීමට අදාලවන ගණිතමය විද්‍යාවකි. එය රාජ්‍යය පාලනය, වළෙඳ කටයුතු, මානව චර්යා, සමාජ විද්‍යාව සහ ස්වභාවික විද්‍යාව ආදී පුළුල් විවිධත්වයක් ඇති අධ්‍යයන ක්ෂේත්‍ර සඳහා යොදා ගත හැකිය.

ප්‍රමිතිකරණ පරීක්ෂණ තක්සේරු කිරීම සඳහා භාවිතා කරන සංඛ්‍යාන ක්‍රමවේද දැක්වෙන ප්‍රමත සීනු හැඩැති වක්‍රයක ප්‍රස්තාරය මෙහි දැක්වේ. එහි පරිමාණයේ සම්මත අපගමන සමුච්චිත ප්‍රතිශත, ප්‍රතිශත තුල්‍යයන්, Z අගයයන්, T අගයයන්, සම්මත ක්‍රමයන් මඟින් දැක්වූ ප්‍රතිශත අඩංගු වේ.

දත්ත සමූහයක් සාරාංශ කොට දැක්වීමට හෝ විස්තර කිරීමට සංඛ්‍යාන ක්‍රමවේද භාවිතා කළ හැකිය. මෙය විස්තරාත්මක සංඛ්‍යානය නම් වේ. මීට අමතරව දත්තවල අඩංගු රටා දත්තවල සසම්භාවී හා අවිනිශ්චිත බව පැහැදිලිවන ආකාරයට ආදර්ශනය කර ඒ ඔස්සේ අධ්‍යයනය කරනු ලබන ගහනය හෝ ක්‍රියාවලිය පිළිබඳව අනුමිතීන්ට එළැඹිය හැකිය. මෙය අනුමිතීය සංඛ්‍යානය නම් වේ. විස්තරාත්මක සහ අනුමිතීය යන සංඛ්‍යාන ක්ෂේත්‍ර යුගලම ව්‍යවහාරික සංඛ්‍යානයෙන් නිර්මාණයවී ඇත. මේ හැරුණු විට සංඛ්‍යානයෙහි සෛද්ධාන්තික පදනම හා සම්බන්ධ වන ගණිතමය සංඛ්‍යානය නම් විෂයයක් ද පවතී.

ඉංග්‍රීසි බසින් සංඛ්‍යානය සඳහා යෙදෙන Statistics නම් වදනට සංඛ්‍යාති නම් අරුතද තිබෙන අතර එය සංඛ්‍යාති නම් අරුත දෙන Statics නම් වදනෙහි බහුවචන පදයද වේ. දත්ත සමූහයකට සංඛ්‍යයාත ඇල්ගෝරිතමයක් යෙදූ විට ලැබෙන ඵලය සංඛ්‍යාතිය නම් වේ. මෙය ආර්ථික විද්‍යා සංඛ්‍යානය සහ අපරාධ විද්‍යා සංඛ්‍යාන ආදී ක්ෂේත්‍රවල භාවිතා වේ.

ආශ්‍රිත ලිපි සංස්කරණය

සංඛ්‍යානයේ පදනම් සහ ප්‍රධාන ක්ෂේස්ත්‍ර

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සංඛ්‍යානය&oldid=616963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි