වී සැදිල්ලක් යනු පාත්තයන්ගේ, තාරාවන්ගේ, සහ අනෙකුත් සංක්‍රමණික පක්ෂීන්ගේ සමමිතික වී-හැඩැති පියාසැරි සැදුමකි. හමුදාමය පියාසැරි මෙහෙයුමන්හිදීද වී සැදිලි භාවිතා කෙරෙයි.

කැනඩා පාත්තයින් වී සැදිල්ලක.

වායුගතිවිද්‍යාව සංස්කරණය

විශේෂයෙන්ම දිගු සංක්‍රමණික ගමන් පථ ඔස්සේ, පියාසැරි පක්ෂීන්ගේ කාර්යක්ෂමතාවය හා පරාසය, වී සැදිල්ල විසින් මහත් ලෙසින් අභිවෘධි කොට දෙයි . පළමුවැන්නා හැර ඉතිරි සියල්ලන් පියාසර කරන්නේ ඉදිරියෙන් පියාසර කරන පක්ෂියාගේ පියාපත්තුඩ සුළි වෙතින් පැන නගින උඩුගැසුමෙහිය. පියාසැරියෙහිදී තම තමන්ගේ බර දරාගැනුමට එක් එක් පක්ෂියාට උඩුගැසුම වෙතින් පිටිවහල සැපයෙන්නේ, සැහැල්ලු ගුවන්යානයකට ඉහල නැගුමට හෝ උස රඳවා ගැනුමට හෝ ඉහල නගින වාතයෙහිදී සීමා විරහිතව හැකි වන පරිද්දෙන්මය. සාමාජීකයන් 25 දෙනෙකුගෙන් සැදුම් ලත් වී සැදිල්ලකදී , ප්‍රේරිත රෝධයෙහි 65% ක අඩුවීමක් සාක්ෂාත් කරගැනුමට එක් එක් පක්ෂියාට හැකි වන අතර එම නිසාවෙන් ඔවුන්ගේ පියාසැරි පරාසය 71% කින් වර්ධනය කරගැනුමට හැකියාව ලබා දෙයි.[1] සැදිල්ලෙහි තුඩෙහි සහ ඉදිරියෙහි පියාසර කරන පක්ෂීන් කාලානුරූප චක්‍රීය ආකාරයකින් මාරු කරනු ලබන්නේ පියසැරි විඩාව සියළු රංචු සාමාජීකයන් අතර සම සේ බෙදී යන පරිද්දෙන්ය. සන්නිවේදනය පහසුවෙන් පවත්වාගෙන යෑමටද එක් එකා අතර දෘශ්‍ය සම්බන්ධය තබා ගැනුමටද මෙම සැදිල්ල විසින් පක්ෂීන්ට ඉඩ සලසයි.

ආශ්‍රිත සංස්කරණය

පරිහරණය කල යුතු පුස්තක සංස්කරණය

  • Holmes, Tony. Spitfire vs Bf 109: Battle of Britain. Oxford, UK/ New York: Osprey, 2007. ISBN 1-84603-190-7.
"https://si.wikipedia.org/w/index.php?title=වී_සැදිල්ල&oldid=251125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි