විචල්‍යය අර්ථ දැක්වීම

රේඩියන එකක් යනු, වෘන්තයේ අරයට සමාන දිගකින් පරිධිය ඔස්සේ වු චාප ඛාන්ඩයක් මගින් වෘත්ත කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයයි.

රේඩියන් 1 කෝණයක්, වෘන්තයේ අරයට සමාන චාප දිගක් වෘත්තය මත ආපාතනය කරයි.

වඩාත් සාධාරණ ලෙස “අර” දෙකකින් ආපාතනය කරන ඕනෑම කෝණයක රේඩියන් වලින් විශාලත්වය, සංවෘත වූ චාප කොට‍සේ දිග වෘත්තයේ අරයට දක්වන අනුපාතයට සමාන වේ. එනම්, θ = s /r වේ. මෙහි θ යනු රේඩියන වලින් ආපාතිත කෝණයද s යනු චාප දිගද r යනු වෘන්තයේ අරයද වේ. විලෝම වශයෙන්, රේඩියන් වලින් කෝණයේ අගය වෘන්තයේ අරයෙන් ගුණ කළ විට සංවෘත චාප කොටසේ දිගට සමාන වේ. එනම්, s = r θ

ඒ අනුව, පූර්ණ පරිභ්‍රමණයක (අංශක 360) රේඩියනවලින් විශාලත්වය යනු මුළු පරිධිය අරයෙන් බෙදු විට ලැබෙන අගයයි. එනම් 2 π r/r හෝ 2π මෙලෙස රේඩියන 2π අංශක 360 කට සමාන වේ. එහි අදහස රේඩියන එකක් අංශක 180/ π ට සමාන වන බවයි

"https://si.wikipedia.org/w/index.php?title=විචල්‍යය_අර්ථ_දැක්වීම&oldid=470910" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි