විකිපීඩියා පරිපාලකවරු
විකිපීඩියා නම් අන්තර්ජාල විශ්වකෝෂය තුල, පරිපාලක ධූරය සඳහා සාර්ථක ඉල්ලීමකින් අනතුරුව, විශ්වාසදායක පරිශීලකයන් පරිපාලකයන් ලෙසින් පත් කල හැකිව ඇත[1]:327. සිංහල විකිපීඩියාවෙහි පරිපාලකවරුන් 3 සංඛ්‍යාවක් සිටිති [2] (මැයි 2024 වන විට). අනෙකුත් සංස්කාරකවරුන් හා සසඳන විට, පරිපාලකවරුන්ට අමතර තාක්ෂණික වරප්‍රසාද තිබේ.
විකිපීඩියාවෙහි පරිපාලකයෙක් වීම යන්න බොහෝ විට නිරූපණය කෙරෙන්නේ "පිසදමනය දීම [හෝ ගැනීම]" ලෙසින් වන අතර,[2] එය වෙනත් තැන්හීද එලෙසින්ම භාවිතා වන ප්‍රකාශයකි.[3] 2006 වසරෙහිදී ද නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, විකිපීඩියාව තුල එකල සිටි 1,000 පමණ පරිපාලකවරු , "භූගෝලීය වශයෙන් ප්‍රකීර්ණක" බවයි.[4]
භූමිකාව සංස්කරණය
පරිපාලක වරප්‍රසාද ප්‍රදානය ලැබුමෙන් අනතුරුව, කිසියම් රාජකාරි ඉටු කරනු වස් පරිශීලකයෙකුට අමතර කෘත්‍යයන් සඳහා සම්ප්‍රවේශයන් ලැබෙයි.[5] මේවා අතර, "අපිරිසිදු දේ ශුද්ධ පවිත්‍ර කිරීම",[1] නුසුදුසු යැයි සැලකෙන ලිපි මකා දැමීම, පිටු ආරක්ෂණය කිරීම (එම පිටුව සඳහා සංස්කරණ වරප්‍රසාද සීමා කිරීම),[6]:66 සහ කඩාකප්පල්කාරී පරිශීලකයන්ගේ ගිණුම් වාරණය කිරීම වෙයි. [1][5] පරිශීලකයෙක් වාරණය කිරීම සිදු කල යුත්තේ විකිපීඩියාවේ ප්‍රතිපත්ති වලට අනුකූලව වන අතර මෘදුකාංග විසින් ස්ථීර ලෙසින් ලොග ගත කෙරෙන වාරණය සඳහා හේතුව සඳහන් කල යුතුය.[1]:401[6]:120 "සංස්කරණ වාසි දිනීම" සඳහා මෙම වරප්‍රසාදය භාවිතා කිරීම නුසුදුසු බවට සැලකෙයි.[1]
ආශ්‍රිත සංස්කරණය
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 අයියර්ස්, ෆෝබි; මැතිව්ස්, චාල්ස්; යේට්ස්, බෙන් (2008). හවු විකිපීඩියා වර්ක්ස්. නෝ ස්ටාර්ච් ප්‍රෙස්. ISBN 9781593271763.
- ↑ 2.0 2.1 "විකිපීඩියා:පරිපාලකවරු". විකිපීඩියා. විකිමාධ්‍ය පදනම. සම්ප්‍රවේශය 29 ජූලි 2015.
- ↑ බර්ක්, මොයිරා; ක්‍රෝට්, රොබට් (අප්‍රේල් 2008). "ටේකිං අප් ද මොප්: අයිඩෙන්ටිෆයිං ෆියුචර් විකිපීඩියා ඇඩ්මිනිස්ට්‍රේටර්ස්". CHI '08 Extended Abstracts on Human Factors in Computing Systems: 3441–3446. doi:10.1145/1358628.1358871.
- ↑ හැෆ්නර්, කැටී (17 ජූනි 2006). "ග්‍රොයිං විකිපීඩියා රිෆයින්ස් ඉට්ස් 'එනිවන් කැන් එඩිට්' පොලිසි". ද නිව්යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය 23 ජනවාරි 2014.
- ↑ 5.0 5.1 මෙයර්, රොබින්සන් (16 ජූලි 2012). "3 චාට්ස් දැට් ෂෝ හවු විකිපීඩියා ඊස් රනිං අවුට් ඔෆ් ඇඩ්මින්ස්". දි ඇට්ලෑන්ටික්. සම්ප්‍රවේශය 23 ජනවාරි 2014.
- ↑ 6.0 6.1 එබර්ස්බැක්, අන්ජා; අඩෙලං, ඇන්ඩ්‍රියා; ඩුවෙක්, ගන්ටර්; ග්ලේසර්, මාකුස්; හෙයිග්ල්, රිචඩ්; වාර්ටා, ඇලෙක්සැන්ඩර් (2008). විකි: වෙබ් කලැබරේෂන්. ස්ප්‍රිංජර්. ISBN 9783540681731.