විකිපීඩියා:ලිංගික අන්තර්ගතය

ලිංගික අන්තර්ගතය යන්නට අයත්වන්නේ, එක් අයෙකු හෝ කිහිප දෙනෙකු අදාල වන ලෙසින්, සැබෑ හෝ සමාකෘත අයුරින් ලිංගික වශයෙන් සුප්‍රකාශිත හැසිරීම දක්වන මාධ්‍යයන් වෙති. ලිංගික ප්‍රවේශනය, අප්‍රවේශක ලිංගික කාර්යය සහ ස්වයං මෛථූනය යන්නන් මෙයට අයත් වෙති. අර්ධ හෝ පූර්ණ නග්නත්වය, ලිංගික අන්තර්ගතය ලෙසින් නොසැලකෙයි.

භාවිතා වන ප්‍රතිපත්ති සංස්කරණය

විකිපීඩියාව බලධරයෙක් විසින් විශෝධනය නොකෙරෙයි

විකිපීඩියාව තුල අනෙකුන්ට පීඩාකාරී වන අන්තර්ගතයන් තිබිය හැකිය. ලිංගික වශයෙන් කරුණු ගැබ් වීම නිසාම, ලිංගික අන්තර්ගතය ඉවත් කිරීම කල නොහැකිය.

රූප භාවිත ප්‍රතිපත්තිය

අනෙකුත් සියළු රූප ලෙසින්ම, ලිංගික රූපයන් අරභයාද, හිමිකම් තත්ත්වයන් පිළිබඳව සහ ඒවායේ ප්‍රභවයන් කුමන ඒවාද යන්න දැක්විය යුතුය. විකිපීඩියාව තුල කිසියම් රූපයක් භාවිතා කිරීම කල හැකි වන්නේ, පොදු වසම යටතේ හෝ නො-නිදහස් අන්තර්ගත භාෂිතය යටතේ හෝ එය සඳහා හිමිකම් වරපතක් සහිත වෙයි නම් පමණි. කෙසේ වෙතත්, සුදුසු සන්දර්භයක් සහිතව රූපයන් භාවිතා කල යුතු වෙයි.