වැසිලි ආකිපොව්

න්‍යෂ්ටික සිදුවීමක් වැලක්වීමෙන ගෞරවයට පත් සෝවියට් නාවුක නිලධාරියා

වැසිලි අලෙක්සාන්ද්‍රොවිච් ආකිපොව් (රුසියානු බසින්: Василий Александрович Архипов) (1926 ජනවාරි 30 – 1999) සෝවියට් නාවික නිලධාරියෙක් වූවේ ය. කියුබානු මිසයිල අර්බුදය අතරතුර දී ඔහු න්‍යෂ්ඨික ටෝපීඩෝවක් දියත් කිරීම වැලකූ අතර, ඒ හරහා ඇති වීමට තිබූ න්‍යෂ්ඨික යුද්ධයක් වැළැක්වීමට ඔහු සමත් වූවේ ය. 2002 ඔක්තෝම්බර් 13 වන දින කියුබානු මිසයිල අර්බුධයට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් "National Security Archive" හි සභාපති තෝමස් බ්ලැන්ටන් 'වැසිලි ආකිපොව් නම් මිනිසෙකු ලෝකය බේරාගත්තේ ය' යනුවෙන් ප්‍රකාශ කළේ ය.[1]

වැසිලි අලෙක්සාන්ද්‍රොවිච් ආකිපොව්
උපත1926 (1926)
ස්ටාරයා කුපව්නා, මොස්කව් ඔබ්ලාස්ට්, සෝවියට් සංගමය
මරණය1999 (72–73 වයසැතිව)
පක්ෂපාතිත්වය සෝවියට් සංගමය
සේවය/ඛණ්ඩය සෝවියට් සංගමය නාවික හමුදාව
සේවය කළ වසර1945-1980 ගණන්
පදවියවයිස් අද්මිරාල්
සටන්/යුද්ධදෙවන ලෝක යුද්ධය
කියුබානු මිසයිල අර්බුදය
ප්‍රදානOrder of the Red Banner
Order of the Red Star

කියුබානු මිසයිල අර්බුදය සංස්කරණය

1962 ඔක්තෝබර් මස 27 වන දින (කියුබානු මිසයිල අර්බුදය අතරතුර දී) සෝවියට් ෆොක්ස්ට්‍රොට් පන්තියේ B-59 සබ්මැරීනය එක්සත් ජනපද නාවික හමුදා ඩිස්ට්‍රෝයර් නෞකා එකොළහක් සහ ගුවන් යානා වාහක නෞකාවක් විසින් කොටු කර ගනු ලැබී ය. සබ්මැරීනය හඳුනා ගනු වස් මතුපිටට ගෙන්වා ගැනීම සඳහා නෞකා විසින් පුහුණු ගැඹුරු බෝම්බ දැමීම ඇරඹින.[2] මේ පිළිබඳව සබ්මැරීනයට දැනුම් දී තිබුන ද, දැනටමත් යුද්ධයක් ඇරඹී තිබෙන්නට හැකි ය යන විශ්වාසය නිසා සබ්මැරීනයේ කපිතාන් වලෙන්තින් ග්‍රිගොරියෙවිච් සවිට්ස්කි හට න්‍යෂ්ටික හිසක් සහිත වූ ටෝපීඩෝවක් දියත් කිරීමට අවශ්‍ය වූවේ ය.[3]

සබ්මැරීනයේ සිටි නිලධාරීන් තිදෙනෙක් - සවිට්ස්කි, දේශපාලන නිලධාරී ඉවාන් සෙමොනොවිච් මස්ලෙනිකොව්, සහ දෙවැනි නිලධර ආකිපොව් - ඒකමතික ව එකඟ වන්නේ නම් පමණක් න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කිරීමට අවසර ලැබී තිබිණි. මේ අවස්ථාවේ තිදෙනා අතර පැන නැගුණු විවාදයේ දී ප්‍රහාරය එල්ල කිරීමට විරුද්ධ වූයේ ආකිපොව් පමණකි. සබ්මැරීනය මතුපිටට ගෙන, මොස්කව් සිට නියෝග ලැබෙන තෙක් කල් බැලීමට අවසන ඔහු සවිට්ස්කි ව පොළඹවා ගත්තේය. ඇති වීමට හැකිව තිබූ න්‍යෂ්ඨික යුද්ධයක් මෙසේ වැළකුනි.[3]

පසු දිවිය සංස්කරණය

2002 දී පැවති කියුබානු මිසයිල අර්බුදයට 40 වසරක් පිරීමේ සංවත්සරය තෙක් අර්බුදය සමයේ න්‍යෂ්ඨික අවි සහිත සබ්මැරීන සෝවියට් දේශයට තිබූ බව හා සබ්මැරීනය තුල වූ මෙම සිදුවීම ලෝකයට රහසක් ව පැවතිනි. න්‍යෂ්ඨික යුද්ධය මිනිස්සු සිතුවාට වඩා ඉතා ආසන්නව පැවති බව මෙහිදී රොබට් මැක්නමාරා පිලිගත්තේය.

සටහන් සංස්කරණය

  1. War History Online නම් වෙබ් අඩවියේ 2018 ජූලි මස 4 වන දින Herbert Kikoy විසින් රචිත "Vasili Arkhipov – Soviet Hero that Prevented WW 3" නම් ලිපිය
  2. All that's Interesting නම් වෙබ් අඩවියේ 2018 ජුනි මස 7 වන දින ප්‍රකාශිත "How Vasili Arkhipov Saved the World from Cold War Nuclear Armageddon" නම් ලිපිය
  3. 3.0 3.1 The Guardian නම් වෙබ් අඩවියේ "Thank you Vasili Arkhipov, the man who stopped nuclear war" නම් ලිපිය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වැසිලි_ආකිපොව්&oldid=593341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි