වාෂ්පීකරණයේ එන්තැල්පිය

වාෂ්පීකරණයේ තාපය හෝ වාෂ්පීභවනයේ තාපය ලෙසින්ද සැලකෙන, වාෂ්පීකරණයේ එන්තැල්පිය, (සංකේතය) යනු , යම් ද්‍රව්‍යයක දී ඇති ප්‍රමාණයක් දී ඇති පීඩනයකදී (බොහෝවිට වායුගෝලීය පීඩනය) වායුවක් බවට පෙරැලීමට අවශ්‍ය වන ශක්ති ප්‍රමාණයයි.

ජලයේ, මෙතනෝල්හී, බෙන්සින්හී, සහ ඇසිටෝන්හී වාෂ්පීකරණ තාපයන් උෂ්ණත්වය මත යැපීම

එය බොහෝවිට මනිනුයේ ද්‍රව්‍යයක සාමාන්‍ය තාපාංකයේදීය; වගුගත කෙරුණු අගයයන් සාමාන්‍යයයෙන් 298 K වෙත සංශෝධනය කෙරුණද, මැනුණු අගයයෙහි අවිනිශ්චිතතාවට වඩා එම සංශෝධනය බොහෝවිට කුඩාය.

කුඩා උෂ්ණත්ව වෙනස් වීම් වලදී හා Tr<<1.0 ට පහළ අගයයකදී නියත වාෂ්පීකරණයේ තාපයක් උපකල්පනය කළ හැකි වුවද වාෂ්පීකරණයේ තාපය සත්‍ය ලෙසින් උෂ්ණත්ව-පරායත්ත වෙයි. උෂ්ණත්වය වැඩි වෙත්ම වාෂ්පීකරණයේ තාපය අඩු වන අතර අවධි උෂ්ණත්වයට ඉහළින් ද්‍රව සහ වායු කලාප එකවිට නොපවතින බැවින්, අවධි උෂ්ණත්වයේදී (Tr=1) එය සම්පූර්ණයෙන් නැතිවී යයි.