වාර්තාමය ඡායාරූපකරණය

සාමාන්‍යයෙන් වාර්තාමය ඡායාරූප කරණය එක්තරා ආකාරයකට වෘත්තීය ඡායාරූප පත්‍රකලාවේදයේ එක් ආකාරයකි. නමුත් ඇතැම් විට ආධුනිකයින් හෝ ශිෂ්‍යයින් හෝ පවා මෙම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක විය හැකිය. සාමාන්‍යයෙන් ඡායාරූප ලබාගන්නා තැනැත්තා උත්සාහ කරනුයේ කිසියම් වස්තුවක (බොහෝ විට මෙහිදී පුද්ගලයින්ගේ ඡායාරූප ලබාගැනේ). සත්‍ය ඉලක්ක ගත කරන ලද සහ අවංක ඡායාරූපයක් ඉදිරිපත් කිරීමටයි. සාමාන්‍යයෙන් ඡායාරූපයෙන් එය ලබාගත් තැනැත්තාගේ කිසියම් චින්තන පැතිකඩක් නිරූපණය කරයි.

Manuel Rivera-Ortiz:දුම්කොළ අස්වැන්න නෙළීම, කියුබාව,2002

මෙවැනි ඡායාරූප ප්‍රකාශයට පත් කිරීම අරමුණු කොට ගෙන ලබා ගැනීම ප්‍රමුඛවෙයි. නමුත් ඇතැම් විට කලාගාර, ප්‍රදර්ශන හෝ වෙනත් පොදු අවස්ථාන්හිදි ඉදිරිපත් කිරීම සදහා පමණක් අරමුණු කොට ගෙන ලබා ගැනෙන අවස්ථාද පවතී. ඇතැම් විටෙක කිසියම් සංවිධානයක් හෝ ආයතනයක් එහි ක්‍රියාවලීන්හි වාර්තාමය ඡායාරූප ලබාගැනීම සිදු කරන නමුත් එම ඡායාරූප එම ආයතන වල පෞද්ගලික ලේඛනාගාර වෙත පමණක් යොමු කෙරේ.


සටහන් සංස්කරණය

Documentary_photography
"https://si.wikipedia.org/w/index.php?title=වාර්තාමය_ඡායාරූපකරණය&oldid=472582" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි