බව ‌සතරෙහි, වෙසෙසින් විදු-චුම්භකත්වයෙහි ලා ලොරෙන්සු වැර (ඉංගිරිසියෙන්: Lorentz force) යනු විදු-යකැති පිටි හෙයින් තිත් (ලක්ෂ්‍ය) සුවැසිරියකට වන විදිලි හා යකැති හා වැරෙහි එකතුවයි. E විදිලි පිටියකැ හා B කාන්දම් පිටියකැ හා v පිරිවෙයකින් සැලෙන q සුවැසිරි අංශුවක් F = q(E + v x B) කැ වැරක් අත්විඳී.

බුබුළු ගබකැ වෙයින්-සැලෙන සුවැසිරි අංශු මත කෙරෙන ලොරෙන්සු වැර. මෙහි දන හා රිණ හා සුවැසිරි ගමන් පෙත් පිළිවිරුදු දිසාවනට වක්‍ වේ.

F = qE (විදිලි වැර)

සුවැසිරිය දන නම්, විදිලි වැරෙහි දිසාව විදිලි පිටියේ දිසාවට සැමැයේ.

F = qv*B (යකැති වැර)

යකැති වැරෙහි දිසාව දකුණත් නියෙන් ලැබේ.

සුවැසිරි අංශු E විදිලි පිටියකැ හා B කාන්දම්  පිටියකැ v පිරිවෙයකින් යන්නේ නම්,

F = qE + qv*B

F: වැර (දෛශික)

q: සුවැසිරිය (අදීශ)

E: විදිලි පිටිය (දෛශික)

v: අංශුවේ පිරිවෙය (දෛශික)

B: කාන්දම් පිටිය (දෛශික)

  • is vector cross product.
"https://si.wikipedia.org/w/index.php?title=ලොරෙන්සු_වැර&oldid=662959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි