ලංකාපුර හෙවත් මලෑඬුර යනු රාවණා රජ කල රාජධානියයි. මෙය ත්‍රිකූට හෙවත් කදු තුනකින් වටව පිහිටුණ බව විශ්වාස කෙරේ. මෙය වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හැඳින්වේ.ලංකාපුරයෙ කුල දෙවඟන ලෙස හැඳින්වෙන්නේ ලංකේශ්වරි දේවියයි.

රාමා විසින් රාවනාට විරුද්ධව යුද්ධයට සූදානම් වීම, 19 වෑනි ශතවර්ෂයේ අදිනලද චිත්‍රයකි. .

පිහිටි ස්ථානය සංස්කරණය

රාමායණයට අනුව, රාවණා රාම අතින් මියයාමෙන් පසු ලංකාපුර පාලනය රාවණාගේ සොහෙයුරකු වූ විභීෂණ ට භාර දුන් බව කියවේ. විභීෂණ ගෙන් පසු ද, ඔහුගෙන් පැවැතෙන පරම්පරාව රාජ්‍යය පාලනය කළ බව සඳහන් ය.

ලංකා පුර රටේ පාලකයින් සංස්කරණය

මෙය මුලින් පාලනය කළේ සුමාලි නම් සුර බවත් පසුව විශ්‍රවස් (කුවේර / කුබේර) නම් සර රජෙක් ලංකාපුර පාලනය භාර ගත් බවත් රාමායණයේ සඳහන් වේ. විශ්‍රවස් ගේ පාලන කාලයෙන් පසුව රාවණා රජු රටේ පාලනය භාර ගන්නා අතර සුර අසුර යුද්ධයෙන් පසු අසුර පාලනය යම් තාක් දුරට නැසී යයි.

මහාභාරත ග්‍රන්ථයට අනුව අසුර රජකු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර ලංකාපුර පාලකයා ව සිටියදී රාවණා විසින් කුවේර යුධමය අතින් පරාජය කොට ලංකාවේ පාලනය ලබා ගෙන ඇත. කුවේර ගේ අගනුවර රාක්ෂ (රකුස්) ජනයා විසින් ආරක්ෂා කළ බව කියවේ.


See also සංස්කරණය

External links සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලංකාපුර&oldid=649933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි