රොබර්ට් ජෝන් ලැක්මියර් ගප්පි

රොබර්ට් ජෝන් ලැක්මියර් ගප්පි (අගෝස්තු 15, 1836 ලන්ඩනයේදී – අගෝස්තු 5, 1916 සැන් ෆර්නැන්ඩෝහිදී, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ) යනු බ්‍රිතාන්‍යයේ-උපත ලද ස්වභාව විද්‍යාඥයෙක් වන අතර ඔහු නමින් ගප්පි මසුන් නම් කර ඇත. හේ, නීතිඥයෙකු සහ සැන් ෆර්නැන්ඩෝ (ට්‍රිනිඩෑඩ්) හී පුරපති වූ රොබර්ට් ගප්පි සහ ස්වදේශික ඉන්දියානුවන් කිහිප දෙනෙකු සමග ඔරිනොකෝ නදිය තරණය කල, චිත්‍ර ශිල්පිනියක හා ඡායාරූප ශිල්පයෙහි පුරෝගාමියෙකු වූ ඇමීලියා පාර්කින්සන් ගේ දරුවන් සතරදෙනාගෙන් එක් අයෙකු විය. "ලැක්මියර්" ලෙසින් හැඳින්වුනු ඔහු ඇතිදැඩිකලේ, ඔහුගේ සීයා හා ආච්චිවූ, හෙරෆර්ඩ්ෂයර්හී 13-වන සියවසට අයත් නෝර්මන් මාලිගයක්වූ කිනාර්ඩ්ස්ලි මාලිගයෙහි රිචර්ඩ් පාර්කින්සන් සහ ලුසී ලැක්මියර් විසිනි. රිචර්ඩ් පාර්කින්සන්ට අවශ්‍යවූයේ ලැක්මියර් විසින් මාලිගාවේ කටයුතු භාර ගැනීම වුවද මෙම භූමිකාව පිළිබඳ ඔහුගේ රුචිකත්වයක් නොතිබුණි. වෙනත් නෑදෑයෙකුගේ බූදලයකට හිමිකම ලද හේ, වයස අවුරුදු 18දී එංගලන්තය අතහැර ගිය නමුදු 1856දී නවසීලන්තයේ වෙරළ අසබඩදී නැව මුහුදු බත් වීමට මුහුණපෑය. මඕරිවරුන් හා සමගින් අවුරුදු දෙකක් ජීවත්වී එම පෙදෙස සිතියමට නංවන ලැක්මියර් නවසීලන්තයෙන් පිටවී තම දෙමව්පියන් ජීවත්වූ ට්‍රිනිඩෑඩ් වෙත පැමිණියේය. . ප්‍රංශ විප්ලවයෙන් බේරීමට ට්‍රිනිඩෑඩ් වෙත පලා ආ ප්‍රංශ වංශවතුන්වූ රොස්ටන්ට් සිටුවරයන්ගෙන් පැවත එන්නාවූ ස්වදේශීය ප්‍රංශ ක්‍රියෝල් වැවිලිකරුවෙකුගේ දියණිය වූ ඇලිස් රොස්ටන්ට් හා සමග විවාහ වන හෙතෙම ට්‍රිනිඩෑඩ්හී පළමු පාසැල් අධිකාරී බවට පත් විය. විද්‍යාවන් පිළිබඳ කිසියම් විධිමත් පුහුණුවක් ඔහු නොලැබ සිටි නමුත්, (ඔහු වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකු විය),[1] ලැක්මියර් එම පෙදෙසෙහි පෘෂාණි ධාතු විද්‍යාව පිළිබඳ බොහෝ ලිපි ගණනාවක් ලියා ප්‍රකාශයට පත් කලේය. ඔහු පූජකයෙකු යැයි සමහර කට කතා පැතිර තිබුනද රොබර්ට් ගප්පි සැබවින්ම අඥේයවාදියෙක් විය.[1]

1866දී ගප්පි විසින් ට්‍රිනිඩෑඩ්හිදී ගප්පි මසුන් සොයා ගත් අතර, එම වසර අගදී ඇල්බට් සී. එල්. ජී. ගුන්තර් විසින් ඔහුට ගරු කිරීමක් වශයෙන් එම මසුන් ජිරාඩිනස් ගප්පි ලෙසින් නම් කරන ලදි. කෙසේවෙතත්, මෙම මසුන් ඇමරිකාව තුල ඊට පෙර විස්තර කොට දක්වා තිබුණි. වර්තමානයේදී ජිරාඩිනස් ගප්පි යන්න පිසිලියා රෙටිකියුලාටාහී කණිෂ්ඨ තුල්‍යාර්ථයක් ලෙසින් සැලකෙතත් , "ගප්පි" යන පොදු නම තවමත් භාවිතයේ පවතියි.

ලේඛන නාමාවලිය සංස්කරණය

(අසම්පූර්ණ)

  • ගප්පි, ආර්.ජේ.එල්. (1866). "ඔන් ද ටර්ෂරි මලස්කා ඔෆ් ජැමෙයිකා". ජියෝලොජිකල් සොසයිටිහී ත්‍රෛමාසික ජර්නලය. 22: 281–295. doi:10.1144/GSL.JGS.1866.022.01-02.19.
  • ගප්පි, ආර්. ජේ. ලැක්මියර්; හොග්, ජාබෙස් (1868). "IV. ඔන් ද ලින්ගුවල් ඩෙන්ටිෂන් ඔෆ් සම්වෙස්ට් -ඉන්ඩියන් ගැස්ටරොෆොඩා". ට්‍රාන්සැක්ෂන්ස් ඔෆ් ද ලිනයන් සොසායටි ඔෆ් ලන්ඩන්. 26: 191. doi:10.1111/j.1096-3642.1968.tb00505.x.
  • ගප්පි, ආර්.ජේ.එල්. (1868). "ඔන් ද ටෙරෙස්ට්‍රියල් මලස්ක්ස් ඔෆ් ඩොමිනිකා ඇන්ඩ් ග්‍රෙනාඩා, විත් ඇන් එකවුන්ට් ඔෆ් සම් නිව් ස්පීෂීස් ෆ්‍රොම් ට්‍රිනිඩෑඩ්". ඇනල්ස් ඇන්ඩ් මැගසින් ඔෆ් නැචුරල් හිස්ට්‍රි. 1 (4): 429–442.
  • 1872. තර්ඩ් සීරීස් ඔෆ් ඇඩිෂන්ස් ටු ද කැටලොග් ඔෆ් ද ලෑන්ඩ් ඇන්ඩ් ෆ්‍රෙෂ්වෝටර් මලස්කා ඔෆ් ට්‍රිනිඩෑඩ්: විත් අ රිවයිස්ඩ් ලිස්ට් ඔෆ් ඕල් ද ස්පීසීස්.
  • 1873. "ඔන් සම් නිව් ටර්ෂරි ෆොසිල්ස් ෆ්‍රොම් ජැමෙයිකා". ප්‍රොසීඩින්ස් ඔෆ් ද සයන්ස් ඇසෝසියේෂන් ඔෆ් ට්‍රිනිඩෑඩ් 2(2): 72-88, ලන්ඩනය.
  • ගප්පි, ආර්. ජේ. ලැක්මියර් (1874). "IV.—ඔන් ද වෙස්ට් ඉන්ඩියන් ටර්ෂරි ෆොසිල්ස්". ජියෝලොජිකල් මැගසින්. 1 (9): 404. doi:10.1017/S0016756800168475.
  • ගප්පි, ආර්. ජේ. ලැක්මියර් (1874). "I.— ඔන් ද වෙස්ට් ඉන්ඩියන් ටර්ෂරි ෆොසිල්ස්". ජියෝලොජිකල් මැගසින්. 1 (10): 433. doi:10.1017/S0016756800169638.
  • ගප්පි, ආර්. ජේ. ලැක්මියර් (1875). "VI.—සප්ලිමන්ට් ටු ද පේපර් ඔන් වෙස්ට් ඉන්ඩියන් ටර්ෂරි ෆොසිල්ස්". ජියෝලොජිකල් මැගසින්. 2: 41–42. doi:10.1017/S0016756800111744.
  • ගප්පි, ආර්.ජේ.එල්. (1876). "ඔන් ද මයෝසීන් ෆොසිල්ස් ඔෆ් හයිටි". ජියෝලොජිකල් සොසයිටිහී ත්‍රෛමාසික ජර්නලය. 32: 516–532. doi:10.1144/GSL.JGS.1876.032.01-04.58.
  • ගප්පි, ආර්. ජේ. ලැක්මියර්; ඩාල්, ඩබ්. එච්. (1896). "ඩිස්ක්‍රිප්ෂන්ස් ඔෆ් ටර්ෂරි ෆොසිල්ස් ෆ්‍රොම් දි ඇන්ටිලියන් රීජන්". ප්‍රොසිඩින්ස් ඔෆ් ද යුනයිටඩ් ස්ටේට්ස් නැෂනල් මියුසියම්. වොෂිංටන්, ඩී.සී. 19 (1110): 303–331. doi:10.5479/si.00963801.19-1110.303.
  • ලැක්මියර් ගප්පි, ආර්. ජේ. (1911). "ඔන් ද ජියෝලොජි ඔෆ් ඇන්ටිගා ඇන්ඩ් අදර් වෙස්ට් ඉන්ඩියන් අයිලන්ඩ්ස් විත් රෙෆරන්ස් ටු ද ෆිසිකල් හිස්ට්‍රි ඔෆ් ද කැරිබියන් රීජන්". ජියෝලොජිකල් සොසයිටිහී ත්‍රෛමාසික ජර්නලය. 67: 681. doi:10.1144/GSL.JGS.1911.067.01-04.26.
  • 1912. "ෆොසිල්ස් ෆ්‍රොම් ස්ප්‍රිංවැලි නියර් කුවා, ට්‍රිනිඩෑඩ්". ඇග්රිකල්චරල් සොසයිටි ඔෆ් ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබේගෝ, 2: ලන්ඩනය.

ආශ්‍රිත සංස්කරණය

වැඩිමනත් කියවීම් සංස්කරණය

  • හැරිස් ජී. ඩී. (1921) "අ රිප්‍රින්ට් ඔෆ් ද මෝ ඉන්ඇක්සෙසිබ්ල් පේලියොන්ටොලොජිකල් රයිටිංග්ස් ඔෆ් රොබර්ට් ජෝන් ලැක්මියර් ගප්පි". බුලටින්ස් ඔෆ් ඇමරිකන් පේලියොන්ටොලොජි 8(35): 149-346, plates 5-14.