රතු රැජින (තෲ ද ලුකිං-ග්ලාස්)

රතු රැජින යනු ලුවිස් කැරොල්ගේ ෆැන්ටසි නවකථාවක් වන තෲ ද ලුකිං-ග්ලාස්හි හමුවන ප්‍රබන්ධ චරිතයකි. නිතරම ඇයව පෙර ග්‍රන්ථ‍ය වන ඇලිස්’ස් ඇඩේවන්චර්ස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්හි එන හාරත රැජින සමග වරදවා වටහා ගැනේ. නමුත් මෙම චරිත දෙක ඉතා වෙනස් ය.

රතු රැජින
ඇලිස් චරිතය
ඇලිස්ට උපදෙස් දෙන රතු රැජින, ජෝන් ටෙනියෙල්
පළමු පෙනීසිටීම තෲ ද ලුකිං-ග්ලාස්
තනන ලද්දේ ලුවිස් කැරොල්
නිරූපණය කරන ලද්දේ හෙලේනා බොන්හැම් කාටර් (ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්, ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්)
එමා රිග්බි (වන්ස් අපොන් අ ටයිම් ඉන් වොන්ඩර්ලෑන්ඩ්)
තොරතුරු
ස්ත්‍රී/පුරුෂ භාවයකාන්තා
වෘත්තියරැජින
කලත්‍රයා (කලත්‍රයන්)රතු රජු
විල් ස්කාර්ලට් (වන්ස් අපොන් අ ටයිම්හි පමණක්)
ජාතිකත්වයකැඩපත්ලන්තය

දළ විශ්ලේෂණය සංස්කරණය

තෲ ද ලුකිං-ග්ලාස් තුළ චෙස් ක්‍රීඩාවේ ඉත්තකු වන රතු රැජින එදිරිවාදියකු ලෙස සැලකිය හැක්කේ කථාවේ ඇය ඇලිස්ට විරුද්ධ පාර්ශ්වයේ රැජින වන නිසායි. නමුත්, ආරම්භයේ දී ඇය මිත්‍රශීලී තැනැත්තියකි. රතු රැජින චෙස් නීතිවල උසස් වීම පිළිබඳ කියා දෙයි. විශේෂයෙන්ම පෝන් කෙනකු ලෙස අරඹා පුවරුවේ විරුද්ධ පස අටවන කොටුව වෙත ළඟාවීමෙන් රැජිනක විය හැකි බව ඇය ඇලිස්ට කියා දෙයි. චෙස් ක්‍රීඩාවේ රැජිනක බැවින් රතු රැජිනට නිරායාසයෙන් වේගවත්ව චලනය විය හැක.

ආශ්‍රේයයන් සංස්කරණය

වැඩිදුර කියවීමට සංස්කරණය

සැකිල්ල:Alice