යූහූ GmbH සහ සමාගම KG යනු ආසක්ත නිෂ්පාදිත නිර්මාණකරුවෙකු වන අතර, ජර්මනියේ බූහ්ල් හී කේන්ද්‍රගතව ව්‍යාපාර කටයුතු සිදු කරයි. එහි සමාගම් උද්‍යෝග පාඨය යනු "මැලියම් කියන්න එපා, යූහූ කියන්න!" යන්නයි. සමාගම් ලාංඡනය කළු අකුරු සහිත කහ පැහැ වන අතර බොහෝ වෙළෙඳපොලහිදී "ඩර් අල්ස්ක්ලිබ" ("සර්ව-අලවනය") යන ජර්මානු වාක්‍යාංශය සහිත වෙයි.

UHU Adhesive

ඉතිහාසය සංස්කරණය

1905දී, ඔසු මිශ්‍ර කරන රසායනඥයෙකුවූ ඕගස්ට් ෆිෂර් නමැත්තා විසින්, 1884දී කෙවින් කාර් නමැත්තා විසින් ඇරඹුනු කම්හලක් මිලදී ගත්තේ, තීන්ත, රබර් මුද්‍රා පෝරු, සායම් සහ ආසක්ත නිෂ්පාදනය දීර්ඝ වශයෙන් සිදුකිරීමේ අභිලාෂයෙනි. 1932දී, ෆිෂර් විසින් විශද කෘත්‍රිම රෙසින ආසක්තයක් නිපැයූ අතර ඕනෑම දුව්‍යයක් ඇලවීමේ හැකියාව එය සතු විය. ලේඛන භාණ්ඩ අංශයෙහි නිෂ්පාදිතයන් කුරුල්ලන් අනුව නම් කිරීමේ එකල පැවැති සම්ප්‍රදායය අනුව යමින්, ෆිෂර් විසින් මෙම මැලියම් වර්ගය යූහූ ("ඌ-හූ" ලෙසින් ජර්මන් බසින් ශබ්ද නැගුනද, බොහෝ ඉංග්‍රීසි-දොඩන රටවල එය "යූ-හූ" ලෙසින් ශබ්ද වෙයි) ලෙසින් නම් කෙරුනේ, එකල බ්ලැක් ෆොරස්ට්හී දක්නට ලැබුනු කුරුල්ලෙකුවූ, රාජාලි-බස්සා සඳහා ජර්මානු නමවූ යූහූ ආශ්‍රයෙනි.

1971දී ෆිෂර්ගේ සමාගම, එහි ප්‍රමුඛතම නිෂ්පාදිතය අනුව යමින් යූහූ ලෙසින් නම් වෙනස් කෙරුනු අතර, එංගලන්තයේ බීකම් සමූහය (පසුව ග්ලැක්සෝස්මිත්ක්ලයින් හි කොටසක් බවට පත්විය) විසින් පවරා ගනු ලැබූ නමුදු, 1989දී කළමනාකරණ කොටස් මිලදී ගැනුමක් ඔස්සේ යළි මුල් අයිතිකරුගේ පාලනයට නතු විය. 1994දී යූහූ සමාගම, සන්නම් පාරිභෝගික භාණ්ඩ නිපයන්නකු වූ බෝල්ටන් සමූහයේ සම්පූර්ණ හිමිකම් සහිත අනුබද්ධ සමාගමක් බවට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=යූහූ&oldid=442982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි