යුගදනවි බලාගාරය (කෙරවලපිටිය බලාගාරය) ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති දෙවන විශාලතම විදුලි බලාගාරයයි. මෙගාවොට් 300 ක විද්‍යුත් ජනන ධාරිතාවක් සහිත මෙම බලාගාරය, බස්නාහිර පළාතේ කෙරවලපිටිය හී ස්ථාපනය කොට තිබේ.

යුගදනවි බලාගාරය
Yugadanavi Power Station
යුගදනවි බලාගාරය is located in ශ්‍රී ලංකාව
යුගදනවි බලාගාරය
Location of යුගදනවි බලාගාරය
Yugadanavi Power Station
රටශ්‍රී ලංකාව
පිහිටුමකෙරවලපිටිය, කඳාන
ඛණ්ඩාංක07°00′40″N 79°52′30″E / 7.01111°N 79.87500°E / 7.01111; 79.87500ඛණ්ඩාංක: 07°00′40″N 79°52′30″E / 7.01111°N 79.87500°E / 7.01111; 79.87500
තත්ත්වයසක්‍රීය
ගොඩනැගීම ඇරඹුනේ2007 නොවැම්බර්
අධිකාරී දිනය2010 පෙබරවාරි
ගොඩනැගුම් පිරිවැයඅමෙිරිකා ඩොලර් මිලියන 300
අයිතිකරු(වන්)West Coast Power
(Private) Limited

විදුලි බලාගාරයෙහි ඉදිකිරීම් 2007 නොවැම්බරයේදී ඇරඹි අතර, අදියර දෙකකින් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. මෙගාවොට් 200 ක විදුලි ප්‍රමාණයක් ජනනය කරන පළමු අදියරේ ඉදිකිරීම් මාස 10 කදී නිම කෙරුණු අතර, බලාගාරයේ දෙවැනි අදියර 2010 පෙබරවාරියේදී සම්පූර්ණ කෙරිණි. 2008 දෙසැම්බර් 8 වන දින පැවැති බලාගාරයෙහි පළමු අදියර විවෘත කිරීමේ අවස්ථාවට ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්වූ බව පැවසෙයි.

බලාගාරයේ ඉදිකිරීම කටයුතු වෙනුවෙන් HSBC හරහා යූරෝ මිලියන 152 ක ණය මුදලක් ලැබුණු බවද සඳහන්ය.[1]

පිරිවිතරයන් සංස්කරණය

අක්කර 25 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර පවතින බලාගාරය සතුව, මෙගාවොට් 100 ක ධාරිතාවයක් ඇති GE Frame 9E ගෑස් ටර්බයින දෙකක් සහ එක් GE හුමාල ටර්බයිනයක් පවතී. වාර්ෂිකව බලාගාරය මගින් ගිගාවොට්පැය 1,800 ක විද්‍යුත් ප්‍රමාණයක් ජනනය කරනු ලබයි.[2][3][4] බලාගාරයේ සිසිලන පද්ධතිය සඳහා පැයට ඝනමීටර 25000 ක මුහුදු ජල ප්‍රමාණයක් යොදා ගනු ලැබේ.[5]

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "CCGT පවර් ප්ලාන්ට් ඉන් ශ්‍රී ලංකා". Industcards.com. 5 ජූලි 2013. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2013. {{cite web}}: External link in |publisher= (help)
  2. "යුගදනවි පවර් ප්ලාන්ට්". Lakdhanavi Limited. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2013. {{cite web}}: External link in |publisher= (help)
  3. "යුගදනවි පවර් ප්ලාන්ට්". GEO. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2013. {{cite web}}: External link in |publisher= (help)
  4. "තර්මල් පවර් ප්ලාන්ට් කමෙන්සස්". NewsFirst.lk. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2013.[permanent dead link]
  5. "කෙරවලපිටිය පවර් ප්ලාන්ට් ඔපන්ඩ්". Target.lk. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2013.


"https://si.wikipedia.org/w/index.php?title=යුගදනවි_බලාගාරය&oldid=596685" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි