මෞනි රෝයි යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියක සහ නිරූපිකාවකි. ඉන්දියාවේ වෙසෙන වඩාත් ජනප්‍රියම නිළියන්ගෙන් අයකු වන ඇය ප්‍රධාන වශයෙන්ම කීර්තියට පත්වූයේ ක්‍යුන්කි සාස් භි කභි බාහු ති හි ක්‍රිෂ්ණතුල්සිගේ චරිතයත්, දේවොන් කේ දේව්...මහාදේව් හි සති දේවතාවියගේ චරිතයත් සහ නාගින් රූපවාහිනී කතාමාලාවේ ශිවන්‍යා සහ ශිවංගි යන චරිත ද්විත්වයත් නිරූපණය කිරීම හේතුවෙනි.[3][4] මීට අමතරව ඇය විසින් ජුනූන් – අයිසි නෆ්රත් තෝ කෙයිසා ඉෂ්ක් තුළ මීරාගේ චරිතය ද නිරූපණය කොට තිබේ.[5] 2014 වර්ෂයේ ජලක් දිඛ්ලා ජා වැඩසටහනේ තරගකාරිණියක වූ ඇය එහි අවසන් වටය දක්වාම පැමිණියා ය. ඇය පුහුණු කථක් නර්තන ශිල්පිණියක ද වේ.[6]

මෞනි රෝයි
මෞනි රෝයි 2016 TSA අංගයක දී
උපත28 සැප්තැම්බර් 1985 (1985-09-28) (වයස 38)[1]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිරූපිකාවක, නිළියක
සක්‍රීය වසර2007—වර්තමානය

වෘත්තිය සංස්කරණය

මෞනි රෝයි සිය රංගන දිවිය ඇරඹූයේ 2007 වර්ෂයේ ඒක්තා කපූර්ගේ ක්‍යුන්කි සාස් භි කභි බාහු ති නාට්‍යය තුළිනි. මෙහි ඇය පුල්කිත් සම්රත් සමග ප්‍රධාන චරිතයක් වූ ක්‍රිෂ්ණතුල්සිගේ චරිතය නිරූපණය කළා ය. සාරා නච්කේ දිඛා වැඩසටහනේ පළමු වාරයට ඉදිරිපත් වූ ඇය කරිෂ්මා ටන්නා සහ ජෙනිෆර් විංගට් අභිබවා ජය ගන්නට සමත් වූවා ය. අනතුරුව මෞනි විසින් කස්තුරි නැමැති රූපවාහිනී කතාමාලාව තුළ ශිවානිගේ චරිතය නිරූපණය කරන ලදී.

2009දී, රෝයි සහ ගෞරව් චොප්රා පති පත්නි ඕර් වෝ සඳහා සම්බන්ධ වූහ. ඉන් අනතුරුව 2010දී, ඇය දෝ සහේලියාන් තුළ රූප්ගේ චරිතය නිරූපණයෙහි යෙදුණා ය. ලයිෆ් ඕකේ නාළිකාවේ 2011 සිට 2014 වර්ෂය දක්වා විකාශය වූ මිත්‍යාමය රූපවාහිනී කතාමාලාවක් වූ දේව්නොන් කේ දේව්...මහාදේව් තුළ සති දේවියගේ චරිතය නිරූපණය තුළින් මෞනි බෙහෙවින් ප්‍රසිද්ධියට පත්වූවා ය. එම කාලයේම 2013දී ඇය විසින් ලයිෆ් ඕකේ නාළිකාවේ ජුනූන් – අයිසි නෆ්රත් තෝ කෙයිසා ඉෂ්ක් කතාමාලාවේ ද චරිත නිරූපණය කරන ලදී. මෙහි ඇය විසින් නිරූපණය කරන ලද්දේ ආදිත්‍ය රෙඩිජ්ට එදිරිව මීරා නැමැති ප්‍රධාන චරිතයයි. 2014දී, මෞනි කලර්ස් නාළිකාවේ නර්තන රියැලිටි වැඩසටහනක් වූ ජලක් දිඛ්ලා ජාහි හත්වන වාරයට දායක වූයේ පූණිත් පතක් සමග ය. සම්පූර්ණ සති 14ක් පුරාවට ඇය තරගයේ රැඳී සිටීමට සමත්වූ අතර, එහි අවසන් වටය දක්වා පැමිණීමෙන් පසු තරගයෙන් ඉවත් වන්නට සිදු විය.

2015දී, මෞනි යළි රූපවාහිනිය වෙත පිවිසියේ ඒක්තා කපූර්ගේ අධිස්වාභාවික රූපවාහිනී කතාමාලාවක් වූ නාගින් ඔස්සේ ය. මෙහි ඇය ශිවන්‍යාගේ චරිතව නිරූපණය කරන ලද අතර, සෙසු ප්‍රධාන චරිත අර්ජුන් බිජ්ලානි සහ අදා ඛාන් විසින් නිරූපණය කරන ලදී. ඇය බොක්ස් ක්‍රිකට් ලීගයේ අර්ජුන්ගේ මුම්බායි ටයිගර්ස් කණ්ඩායමේ ක්‍රීඩාකාවක් බවට ද පත්වූවා ය. මීට අමතරව ඇය විසින් &TV නාළිකාවේ නර්තන වැඩසටහනක් වූ සෝ යූ තින්ක් යූ කැන් ඩාන්ස් තුළ සත්කාරකත්වය හොබවන ලද්දේ රිත්වික් ධන්ජනි සමග ය. මේ වනවිට රෝයි නාගින් 2වන කථා වාරයේ ද්විත්ව චරිත නිරූපණයක නියැළෙමින් සිටින්නී ය.

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය තේමාව චරිතය සටහන් Ref(s)
2007–08 ක්‍යුන්කි සාස් භි කභි බාහු ති ක්‍රිෂ්ණතුල්සි/ සැබෑ ඡත්‍රී [3]
2008 සාරා නච්කේ දිඛා තරගකාරිණිය
2008 කස්තුරි ශිවානි සභර්වාල්
2009 පති පත්නි ඕර් වෝ තරගකාරිණිය
2010 දෝ සහේලියාන් රූප්
2010 ෂ්... ෆිර් කොයි හේ (3වන වාරය) කොයිනා
2011–14 දේවොන් කේ දේව්...මහාදේව් සති දේවතාවිය
2012–13 ජුනූන් – අයිසි නෆ්රත් තෝ කෙයිසා ඉෂ්ක් මීරා
2014 ජලක් දික්ලා ජා 7 තරගකාරිණිය [7]
2014 බිග් බොස් 8 ඇය ලෙසම විශේෂ නිරූපණය
2015-16 නාගින් ශිවන්‍යා (නාගිනිය)
2015 මෙරි ආෂිකි තුම් සේ හි ඇය ලෙසම පසුබිම් නිරූපණය
2015 කුම්කුම් භාග්‍යා ශිවන්‍යා විශේෂ නිරූපණය
2015–16 බිග් බොස් 9 ඇය ලෙසම විශේෂ නිරූපණය
2016 තෂාන්-ඉ-ඉෂ්ක් ඇය ලෙසම විශේෂ නිරූපණය
2016 ඒක් තා රාජා ඒක් ති රාණි ඇය ලෙසම විශේෂ නිරූපණය
2016 කොමඩි නයිට්ස් ලයිව් ඇය ලෙසම ආරාධිත
2016 කොමඩි නයිට්ස් බචාඕ ඇය ලෙසම ආරාධිත
2016 සෝ යූ තින්ක් යූ කැන් ඩාන්ස් සත්කාරක [8]
2016 ජලක් දිඛ්ලා ජා 9 ඇය ලෙසම අර්ජුන් බිජ්ලානිගේ නර්තන සහකාරිණිය (ආරාධිත)
2016–වර්තමානය නාගින් (වාරය 2) ශිවන්‍යා[9] / ශිවංගි රහේජා (නාගිනිය) [10][11]
2016 බිග් බොස් 10 ඇය ලෙසම විශේෂ නිරූපණය

චිත්‍රපට සංස්කරණය

වර්ෂය තේමාව චරිතය සටහන්
2011 හීරෝ හිට්ලර් ඉන් ලව් සහිබාන්
2016 තුම් බින් II ඇය ලෙසම "නච්නා ආඔන්දා නහින්" ගීතයේ විශේෂ නිරූපණය

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Mouni Roy's birthday celebration". Lehren. Times of India. 29 September 2015. සම්ප්‍රවේශය 3 March 2016.
  2. Agarwal, Stuti (3 September 2013). "Mouni Roy and Mohit Raina approached for Nach Baliye 6". Times of India. සම්ප්‍රවේශය 13 November 2013.
  3. 3.0 3.1 Tejashree Bhopatkar (5 September 2014). "Teacher's Day: Smriti Irani was Mouni Roy's teacher!". The Times of India. සම්ප්‍රවේශය 3 March 2016.
  4. Naithani, Priyanka (7 March 2013). "Mohit Raina dating Mouni Roy?". Times of India. සම්ප්‍රවේශය 27 May 2014.
  5. Maheshwri, Neha (8 June 2013). "Mouni Roy bereaved". Times of India. සම්ප්‍රවේශය 13 November 2013.
  6. Hegde, Rajul (12 June 2014). "'I hope Jhalak Dhikhhla Jaa increases my fan base'". Rediff. සම්ප්‍රවේශය 2016-07-21.
  7. Vijaya Tiwari (24 June 2014). "Purab Kohli: Mouni Roy is someone to look out for in Jhalak Dikhhla Jaa". The Times of India. සම්ප්‍රවේශය 3 March 2016.
  8. "Rithvik Dhanjani, Mouni Roy to host Indian 'So You Think You Can Dance'". The Indian Express. 5 April 2016. සම්ප්‍රවේශය 9 April 2016.
  9. "Mouni Roy s Double role comes to an end". www.missmalini.com. සම්ප්‍රවේශය 21 October 2016.
  10. "Naagin season 2 to be back in less than 100 days". The Times of India. 1 June 2016. සම්ප්‍රවේශය 25 June 2016.
  11. "Mouni Roy in a double role in Naagin 2". The Times of India. 8 September 2016. සම්ප්‍රවේශය 8 September 2016.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Jhalak Dikhhla Jaa 7

"https://si.wikipedia.org/w/index.php?title=මෞනි_රෝයි&oldid=540563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි