මූලික වීජ ගණිතය සමන්විත වන්නේ ගණිතයෙහි ප්‍රධාන ශාඛාවන්ගෙන් එකක් වන වීජ ගණිතයෙහි මූලික සංකල්පයන් කිහිපයක් වෙතින් වෙයි. අංක ගණිතය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය මත පදනම් වෙමින් ද්වීතියික පාසැලෙහි සිසුන්ට එය සාමාන්‍යයෙන් උගන්වනු ලැබෙයි.

යන වර්ගජ සමීකරණය සඳහා විසදීම. මෙහි, යන සංකේත සියල්ලම, සංඛ්‍යා නිරූපණය කරන විචල්‍යයෝ වෙති.
යන වීජීය සමීකරණය සඳහා ද්වී-මාන ප්‍රස්තාරකරණය (රතු වක්‍රය)

මූලික වීජ ගණිතය යනු වීජ ගණිතයෙහි සරලම ආකාරයයි. එය අංක ගණිතයේ මූලික මූලධර්ම ඉක්මවූ ගණිත දැනුමක් නොමැති යැයි සිතිය හැකි සිසුන් හට උගන්වනු ලැබේ. අංක ගණිතයේදී ඉලක්කම් හා ඒවායේ ගණිත කර්මයන් (+, −, ×, ÷ වැනි) පමණක් භාවිතා වේ. වීජ ගණිතයේදී ඉලක්කම් (අංක) නිතරම සංකේත (a, x, හෝ y වැනි) වලින් දක්වයි.

මෙය ප්‍රයෝජනවත් වීමට හේතු:

  • එය අංක ගණිත නීති සාධාරණීකරණය සඳහා වැදගත් (උදාහරණ :- ඕනෑම a හා b සඳහා a + b = b + a බව ) වන අතර එනයින් එය තාත්වික සංඛ්‍යා පද්ධතියේ ගුණාංගවල ක්‍රමවත් අධ්‍යයනයට තබන මුල් පියවර වේ.
  • එය නොදන්නා සංඛ්‍යා සමුද්දේශ ලෙස යොදා ගැනීමට ඉඩ සලසන අතර සමීකරණ නිර්මාණයට සහ ඒවා විසඳන ආකාරය අධ්‍යයනයට ආධාර වේ. (නිදසුනක් ලෙස 3x + 1 = 10" ආකාරයේ x නම් සංඛ්‍යාව සෙවීම)
  • එමගින් ශ්‍රිතමය සම්බන්ධතා සූත්‍රකරණය කළ හැක. (නිදසුන් :- ඔබ ටිකට් x සංඛ්‍යාවක් විකිණූ විට ඔබගේ ලාභය ඩොලර් 3x – 10 කි. මෙය f(x) = 3x - 10 ලෙස ලිවිය හැක. මෙහි f යනු ශ්‍රිතය වන අතර x යනු ශ්‍රිතය යෙදෙන සංඛ්‍යා .)


බහුපද ප්‍රකාශන සංස්කරණය

බහු පද ප්‍රකාශනයක් යනු ආකලනය , ව්‍යාකලනය හා ගුණනය යන කර්මයන් පමණක් භාවිතා කරමින් විචල්‍යයන් සහ නියත එකක් හෝ කිහිපයක් ඇසුරින් ගොඩනගනු ලබන ප්‍රකාශනයකි.(මෙහිදී එකම විචළ්‍යයක පුණරාවර්තිත ගුණිතය ධන පූර්ණ සංඛ්‍යාමය ඝාතයක් සමග නියතයක ඝාතීයකරණය නම් වේ.) නිදසුනක් ලෙස යනු x නමැති තනි විචල්‍යයේ බහුපද ප්‍රකාශනයකි.

වීජ ගණිතයේ හමුවන වැදගත් ගැටළු කාණ්ඩයක් ලෙස බහුපද ප්‍රකාශනවල සාධක සෙවීම හඳුනා ගත හැක. එහිදී ඇති බහුපදය වෙනත් බහුපදවල ගුණිතයක් ලෙස ප්‍රකාශ කෙරේ. ඉහත නිදසුනක් ලෙස ගත් බහුපද ප්‍රකාශනය ලෙස සාධකවලට වෙන්කළ හැක.

"https://si.wikipedia.org/w/index.php?title=මූලික_වීජ_ගණිතය&oldid=353701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි