මැකින්ටොශ් ක්ලැසික් පරිගණකය

(මැකින්ටොශ් ක්ලැසික් (Macintosh Classic)පරිගණකය වෙතින් යළි-යොමු කරන ලදි)


Macintosh Classic යනු Apple සමාගම විසින් නිපදවන ලද පුද්ගල පරිගණක වර්ගයකි. 1990 ඔක්තෝබර් 15 දින මුල්වරට හදුන්වා දෙන ලද එය ඇමරිකානු ඩොලර් 1000 අඩුවෙන් මිල කරන ලද පළමු වන Apple Macintosh පරිගණකය වශයෙන් හඳුන්වා දිය හැක. Macintosh Plus සහ SE පරිගණකවල සාර්ථකත්වය Classic පරිගණකය නිපදවීම සඳහා මූලික අඩිතාලම දමන ලදී. Classic පරිගණක පද්ධතියේ විශේෂාංග එහි පෙර පරිගණකවල විශේෂාංගවලට සමාන වන අතර අඟල් 9 (සෙ.මී 23) ක monochrome CRT තිරය 512×342 පික්සල් ධාරිතාවයකින් යුක්ත වේ. තවද එහි මතකය මෙගාබයිට් 4ක ධාරිතාවයකින් යුක්තය. නවතම තාක්ෂණය භාවිතා කරමින් Classic පරිගණකය යාවත්කාලීන කිරීම සඳහා කටයුතු නොකිරීමට Apple සමාගම තීරණය කර තිබීම ඔවුන්ගේ බලාපොරොත්තුව වූ අවම මිල මට්ටමකට පරිගණකය ලබාදීම මල්ඵල ගැන්වීමට සමත් විය. කෙසේ වුවද නවතම විශේෂාංග රැසකින් සමන්විත වූ Classic පරිගණකය Apple සමාගමේ Mac පරිගණකයට තිබූ ස්ථානය අත්පත් කරගන්නා ලදී. එය Macintosh Plus පරිගණකයට සාපේක්ෂව 25%ප්රගතිශතයකින් වේගවත් වන අතර අඟල් 3.5(සෙ.මී 9)ක Apple SuperDrive floppy disk drive කින්ද විශේෂයෙන් සමන්විත වේ. Classic පරිගණකය යනු Jerry Manock සහ Terry Oyama විසින් 1984 දී වෙළෙඳපොල නිමයුමක් ලෙස ඉදිරිපත් කරන ලද Macintosh 128K හි අනුරූපණයක් ලෙස හැඳින්විය හැක. මෙහිදී ඇමරිකානු ඩොලර් 1000 සිට 1500 දක්වා වටිනාකමකින් යුක්ත නිෂ්පාදන 2ක් Apple සමාගම විසින් වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ලදී. මෙම නිෂ්පාදනය පිළිබඳව විචාරකයින් මිශ්රද අදහස් පළ කරනු ලැබූ අතර ඔවුන් බොහෝ දෙනෙකුගේ අවධානය මන්දගාමී Processor යෙහි ක්රිායාකාරීත්වය කෙරෙහි මෙන්ම expansion slotsහි මඳ බව කෙරෙහිද යොමුවි තිබිණ. බොහෝ දෙනෙකුගේ මතය වූයේ Classic පරිගණකය වදන් සැකසුම් මෘදුකාංග,පැතුරුම්පත් මෘදුකාංග සහ දත්ත සැකසුම් මෘදුකාංග සඳහා පමණක් සුදුසු බවයි.අවම මිල සහ අධ්යාාපන උපයෝජ්යපතාව Classic පරිගණකයෙහි අධ්යාCපන ක්ෂේත්රියෙහි ජනප්රිධයතාවට හේතු සාධක විය. එහි පැවැත්ම බිඳ වැටෙනා තෙක්ම 1991 වර්ෂය වන තුරු වඩා බලවත් Macintosh Classic II පරිගණකය සමග එක්ව අලෙවි කරන ලදී.

Macintosh Classic


ඉතිහාසය සංස්කරණය

විකාශනය සංස්කරණය

Apple සමාගමේ සම ස්ථාපක Steve Jobs 1985දී Apple සමාගම හැරයාමෙන් පසුව නිෂ්පාදන කාර්යය භාර වූයේ Apple සමාගමේ කළමනාකාරධූරය දැරූ Jean-Louis Gassée වෙතය.හෙතෙම ප්රපධාන වශයෙන් Apple සමාගමේ නිෂ්පාදන දිශා දෙකකට යොමු කරන ලදී.ව්යාsප්තකිරීම හා අනොන්යර ක්රිනයාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා විවෘත භාවයද ඉහල මිලද හදුන්වා දෙන ලදී. Gassée long ගේ තර්කයට අනුව ලාභය කුඩා පහළ වෙළෙඳපොළ ඉලක්ක කරනු වෙනුවට ලාභය වැඩි ඉහළ වෙළෙඳපොල ඉලක්ක කරගත යුතු බව පැවසුණි.මෙය ගෙනහැර දැක්වීම සඳහා ඔහු විසින් ප්රවස්තාර සටහන්ද යොදා ගන්නා ලදී. මෙම ප්රයතිපත්තිය මිල අධික පරිගණක පෙළක ආගමනයට මූලික විය. ඇමරිකානු ඩොලර් 1000කට මූලික සැකැස්ම කර තිබූ Macintosh පරිගණක අවසානයේදී වෙළෙඳපොළට නිකුත්කරන ලද්දේ ඇමරිකානු ඩොලර් 2495කටය.එතැන් පටන් Mac පරිගණකවල මිල ඉහල නැගීමට පටන්ගත් අතර Macintosh Plus පරිගණකය ඇමරිකානු ඩොලර් 2599කට මඳක් වැඩි වූ අතර මොඩලය අනුව SE පරිගණකවල මිල ඇමරිකානු ඩොලර් 2900 ත් 3900ත් අතර මිලකටද මූලික Macintosh II පරිගණකය ඇමරිකානු ඩොලර් 5500කටද මිල කෙරිණ. වඩාත් නවීන යන්ත්රර මීටත් ඉහළ මිලක් දැරූ අතර ඒවා අතර යතුරු පුවරුව හා මොනිටරය රහිතව ඇමරිකානු ඩොලර් 5369කට මිල නියම වූ Macintosh IIcx පරිගණකයද ඇමරිකානු ඩොලර් 6269කට මිල නියම වූ IIci පරිගණකයද ඇමරිකානු ඩොලර් 9900කට මිල නියම වූ IIfx පරිගණකයද විය. වර්ණවත් CRT තිර 1980 දශකයේ සිට මිල අධික වූ අතර අඟල් 14, 640x480 Apple පරිගණක මොනිටරය ඇමරිකානු ඩොලර් 999 මිල වූ අතර තත්වය ඉහල යන විට මිල අධික වීමද පැවතුණි. එම පෙළහි අඩුම මිලකට නියම කර තිබූ එකම පරිගණකය වූයේ ඇමරිකානු ඩොලර් 2000 කට පමණ මිල නියම වී තිබූ Mac Plus පරිගණකයයි. වෙළෙඳපොල පහළ අර්ධය අත්හැරීම සේම පුද්ගල පරිගණක සඳහා වූ ඉහළ අර්ධය නොසැලකීම හේතුවෙන් 1980 දශකයේ හොබවන ලද වාසනාව Apple සමාගමෙන් ගිලිහිණ. 1989 නත්තල් සමයේදී මෙම කඩා වැටීම පළමුවරට පෙන්නුම් කළ අතර Apple සමාගමේ කොටස්වල අගය එම කාර්තුව තුලදී 20% ප්රළමාණයකින් පහත වැටුණි. 1990 ජනවාරි මාස Gassée සිය තනතුරින් ඉවත් වූ අතර භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි ඔහු වෙත තිබූ අධිකාරිය අනුප්රාාප්තිකයන් කිහිප දෙනෙකු අතර බෙදා හරින ලදී.ඉල්ලුම ඉහල නැංවීම සඳහා අවම පිරිවැයකින් යුතු ව භාණ්ඩ නිෂ්පාදනයට Apple සමාගමේ ඉංජීනේරුවන් උනන්දු කරවන ලදී. Gassée ගේ ඉවත්ව යාමත් සමගම මිල අවම පරිගණක නිෂ්පාදනය කෙරෙහි නැවතත් විශාල වශයෙන් Apple සමාගම උනන්දු විය.විශාල වශයෙන් මිල අඩු ඇමරිකානු ඩොලර් 1000 පරිගණකය, වර්ණවත් තිර සහිත වියදම අවම පරිගණකය, මෙන්ම කුඩා පරිමාණ ව්යාුපාර සඳහා වර්ණ පරිගණක වශයෙන් මූලිකවම පද්ධති 3ක් හඳුනා ගන්නා ලදී.පසුකලෙක මේවා Classic, Macintosh LC, සහ Macintosh IIsi වශයෙන් නිෂ්පාදනය විය.


එළිදැක්වීම් සංස්කරණය


1990 ජූලි 10 වන දින MacWEEK සඟරාව වාර්තා කළ පරිදි Apple සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1ක මුදලක් Classic යන පරිගණක නාමය භාවිතා කිරීමේ අයිතිය වසර 5ක් සඳහා ලබා ගැනීම උදෙසා Modular Computer Systems නම් Daimler-Benz AG සමාගමේ උප සමාගමක් වෙත ගෙවා ඇත.මෙම ගිවිසුම අදාල කාලයෙන් පසුව Apple සමාගම විසින් නැවත අලුත් කරනු නොලැබුවේය.MacWEEK සඟරාවට අනුව Classic පරිගණකය එහි නියමුවන් සේම මෙගා හර්ට්ස් 8ක Motorola 68000 මයික්රොාප්රොපසෙසරයක් සේම අඟල් 9(සෙ.මී)තිරයක් භාවිතා කරන අතර ඇමරිකානු ඩොලර් 1500-2150 අතර මිල නියමයක පැවතුණි.

1990 ඔක්තෝම්බර් 15 දින පුවත්පත් සාකඡ්ඡාවකදී Apple සමාගමේ එවකට විධායක නිලධාරි John Sculley විසින් Classic පරිගණකය හදුන්වා දුන් අතර එහිදී ඔහු විසින් අදහස් දක්වමින් කියා සිටියේ නව පාරිභෝගිකයන් වෙත ළගා වීම සඳහා පවතින භාණ්ඩවල මිල අඩු කිරීම වෙනුවට පාරිභෝගික අදහස් සැලකිල්ලට ගනිමින් ඔවුන් වඩාත් අගය කරන අංග ඇතුළත් පරිගණක නැවත නිර්මාණය කෙරෙහි යොමු වූ බවයි. Apple සමාගමේ මෙම මිල උපායමාර්ගය ආයෝඡකයින්ගේ දැඩි සැලකිල්ලට භාඡනය වූ අතර ඔවුන්ගේ අදහස වූයේ ලාභාංශ අඩු වීමට එය හේතු විය හැකි බවයි. කෙසේ වෙතත් Apple සමාගමේ වෙළෙඳ කළමනාකරු Brodie Keast පැවසුයේ වඩා වැඩි පිරිසක් වෙත Macintosh පරිගණකය ළගා කරවීම සඳහා අවශ්යක ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානම් බවයි. ඒ සඳහා අවශ්ය ප්ර මාණයට ආක්ර මණකාරී මිල මට්ටම් සඳහා යොමු වීම ඔවුන්ගේ මූලික උපක්රනමය විය. Classic පරිගණකය නිකුත් කිරීමත් සමග Apple සමාගමේ කොටස් මිල ඇමරිකානු ඩොලර් 27.75 වූ අතර එය පසුගිය මාස 12 සාපේක්ෂව විශාල වශයෙන් පහත් අගයක් විය. Classic පරිගණකය ඇමරිකා එක්සත් ජනපදයේ නිකුත් කිරීමට සමාන්තරව ජපානයේ සහ යුරෝපයේද හඳුන්වා දෙන ලදී.ජපානය තුලදී Claasic පරිගණකය යෙන් 198,000(ඇ.ඩො 1523) උපයන ලද අතර එය ඇමරිකාව තුල ඉපයූ ආදායමට වඩා ඉහල අතර ජපානය තුල Toshiba Dynabook උකුල් පරිගණකය ලද ආදායම සම කරන්නකි.

ඇමරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් පළමු ගැනුම්කරුවන් වෙනුවෙන් ප්රලචාරණයට වැය කළ Apple සමාගමට ඉන්පසු මුහුණ දීමට සිදුවූයේ අධික ඉල්ලුමයි.මේ සඳහා පිළියමක් ලෙස පරිගණකය මූලිකව සකස් කිරීම සිදුකල සිංගප්පූරුව, කෝක් සහ අයර්ලන්තය තුල පිහිටා තිබූ නිෂ්පාදන ඉඩ ප්රමමාණය දෙගුණයකින් ඉහළ නංවන ලදී.වඩා වේගවත් සැපයුමක් සඳහා මුහුදු ප්රාවාහනය වෙනුවට ගුවන් ප්රණවාහනය යොදා ගන්නා ලදී. භාණ්ඩ හිඟතාව පාලනය උදෙසා Apple සමාගම අනුගමනය කළ දුර්වල උපක්රයම බොහෝ ගණුදෙණුකරුවන්ගේ දෝෂදර්ශනයට භාජනය විය.

Macintosh Classics සහ LC පරිගණක නිල වශයෙන් දැනුම් දීමට මාස 12කට ප්ර ථම Scholastic Software ආයතනයට පැවරූ අතර එම ආයතනය නව Macintosh නිෂ්පාදන 16 ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු විය. Scholastic ආයතනයේ ප්රිකාශකයකු වන Peter Kelman ගේ අනාවැකිය වූයේ Macintosh පරිගණකය අනූව දශකයේ පරිගණක දර්ශනය වනු ඇති බවයි. Classic පරිගණකය පාසල් සඳහා ඇමරිකානු ඩොලර් 800කට විකුණනු ලැබූ අතර මෙම කරුණ සේම එහි අධ්යlපන මෘදුකාංග අඩංගු වීම Classic පරිගණකය අධ්ය පන ක්ෂේත්ර යේ ජනප්රිහය වීමට බලපාන ලදී.

ලක්ෂණ සංස්කරණය

පහළ අර්ධ සීමාව මොඩලය මෙ.බ 1 මතක ධාරිතාවයකින් යුක්ත වූ අතර දෘඩ තැටියකින් සමන්විත නොවීය. එහි මිල ඇමරිකානු ඩොලර් 999ක් වූ අතර ඇමරිකානු ඩොලර් 1499 ක් වූ මොඩලය අමතර මෙ.බ 1 මතක ධාරිතාවයකින්ද මෙ.බ 40ක දෘඩ තැටියකින්ද සමන්විත විය. Macintosh Plus පරිගණකය අංග කිහිප යකින් වැඩි දියුණු කර බිහිවූ Classic පරිගණකය Mac පරිගණකය ප්ර9තිස්ථාපනය කරන ලදී. Plus පරිගණකයට සාපේක්ෂව 25% ගුණයකින් Classic පරිගණකය වේගවත් වූ අතර අමතර අංග ලෙස Apple SuperDrive යක් සහ අඟල් 3.5ක floppy disk ප්රාවපකයක් ද ඇතුලත් විය. SuperDrive උපාංගයට Macintosh, MS-DOS, OS/2, සහ ProDOS කියවීමට සහ ලිවීමට හැකියාව තිබුණි. කෙසේ වුවද Classic පරිගණකය Motorola 68000 මධ්යකයම සැකසුම් ඒකකයකින් යුක්ත වූ අවසාන පරිගණකය විය.

Classic පරිගණකය 6.0.7 සිට 7.5.5 දක්වා සියලුම අනුවාදවල පද්ධති පාලන මෘදුකාංග සඳහා සහය දක්වයි. 6.0.3 වන අනුවාදයේ පවා කියවීමට පමණක් හැකි මතකයේ සැගවුණු ධූරාවලි ලිපි ගොනු තැටි කලාප අඩංගු වේ. Mac Classic පරිගණකය 6.0.3 අනුවාදයට පත් (boot)කිරීමට එම ක්රිායාවලියේදී විධාන, තෝරගැනීම්, X සහ O යන යතුරු එකවර තෙරපීමෙන් කළ හැක. සමහර අතරමැදියන් විසින් Smartbundle නම් මෘදුකාංග පැකේජයක් Classic පරිගණකය සමඟ එක්ව විකුණන ලදී. ඇමරිකානු ඩොලර් 349ක් වූ එය T/Makerගේ WriteNow නම් වදන් සැකසුම් මෘදුකාංගයෙන්ද, Ashton-Tate ගේ Full Impact නම් පැතුරුම්පත් මෘදුකාංගයෙන්ද, RecordHolderPlus දත්ත සමුදායෙන්ද Silicon Beach මෘදුකාංග පැකේජයේ අයිතමවලින්ද සමන්විත වේ.

නිර්මාණය සංස්කරණය

 

Macintosh පරිගණකය Jerry Manock සහ Terry Oyama ගේ Macintosh 128K වෙළෙඳ නිමයුමෙහි අවසාන ප්රගතිග්රMහණය වන අතර මූලාකෘතියෙහි සමහර උපාංගද එහි ඇතුලත් වෙයි.එසේම Macintosh SE නිර්මාණය සඳහා භාවිතා කල Snow White නිර්මාණ භාෂාව යම්තාක් දුරට මෙහිදී භාවිතා කර ඇත. Macintosh SE පරිගනකයෙන් මෙහිදි භවිතා කරන ලද එකම කොටස වුයේ ඉදිරිපස පෑනලය පමනි. ෆ්ලොපි ප්රාහපකයේ ඉදිරිපස පැනලය හරහට ඇති රේඛාව පමණක් වන අතර SE පරිගණකයේ ඇති එකිනෙකට වෙනස් ඇලමුවාත (bezel) රේඛා Classic පරිගණකයේ භාවිතා කොට නොතිබුණා සේම මුල් පිටපත සිහිකරනු වස් එහි පාදම වටා වූ සිරස් රේඛා තිරස් විවර රේඛා 4කින් ප්රසතිස්ථාපනය කරන ලදී. එසේම Macintosh LC සහ Macintosh IIsi පරිගණකවල ඉදිරිපස මෙන් ඉදිරිපස ඇලමුවාත (bezel)වටා වූ වක්රඑ රේඛාව අඟල් 50(සෙ.මී 1.3) ක අරීය රේඛාවක් ලෙසට සකස් කරන ලදී. මෘදුකාංග පාලනය සඳහා සහය දීමක් වශයෙන් ඇලමුවාත (bezel) මත වූ තිරයේ ප්රසභා අංක මුහුණතද ඉවත් කරන ලදී.මෙම ඉදිරිපස වක්ර( ඇලමුවාත Apple නිෂ්පාදනවල හඳුනාගැනීමේ සලකුණක් වශයෙන් 1990 දශකයේ සැලකුණි.

පරිගණකයේ මධ්යියම විද්යුaත් පරිපථ ඵලකය වූ තර්කන ඵලකය මැකින්ටොශ් එස්.ඊ පරිගනකයේ නිර්මාණය පදනම් කරගෙන නිර්මාණය වී තිබුණි. කෙසේ වුවද එහි ප්රිමාණය එස්.ඊ ඵලකයේ භාගයක් තරම් වූ අගල් 9*5(සෙ.මි 23*13)දක්වා අඩුකර තිබුණේ මුහුණත් නැංවුම් තාක්ෂණය භාවිතයෙනි. මෙම නැවත නිර්මාණය සහ ප්රඵසරණ විවරය නොමැති වීම, නිෂ්පාදන වියදම අවම කිරීමට බලපාන ලදී. විස්තාරණ හැකියාවන්හි මඳ භාවය, තිරයේ කුඩා බව සහ desktop publishing ක්ෂේත්රබයේ Macintosh පරිගණකයේ වර්ධනය වෙමින් තිබූ ජනප්රිකයතාව ද්විත්ව පිටු දිස්වීම වැනි අරුම පුදුම දේ සඳහා හේතු වුණි. මෙය SCSI තීර්ථ (port) හරහා සම්බන්ධ වීම තුළින් සිදු වුණි. 1991 වර්ෂයේදී Classic II සඳහා Classic පරිගණකයේ නිර්මාණය භාවිතා කරන ලද අතර එහි සාර්ථකත්වය Macintosh SE/30 පරිගණකය ප්රIතිස්ථාපනය කිරීමට සමත් විය.


පිළිගැන්ම සංස්කරණය

සමහර විචාරකයින් Macintosh Classic පරිගණකයේ ක්රිවයාකාරීත්වය සහ විස්තාරණ අවස්ථාවල මඳබව පිළිබඳ අවධානය යොමුකරන ලදී. Classic පරිගණකයේ භාවිතයට පහසූ බව හා මිල Home Office Computing හි Liza Schafer ගේ ප්රcශංසාවට ලක් වුවද අඟල් 9 යේ තිරය ඇයගේ විවේචනයට ලක් වූයේ ඇ.එ.ජ භාවිතා කරන ලියුමක ප්රශමාණය වන අඟල් 8.5*11 සඳහා මෙය භාවිතා කිරීම අපහසු බවත් උසස් නිමාවක් සහිත desktop publishing සඳහා මෙය අවදානම් සහිත බවත් පවසමිනි. තව දුරටත් අදහස් දක්වමින් Schafer පවසා සිටියේ Classic පරිගණකයේ වටිනාකම එහි ක්රිුයාකාරීත්වයට වඩා සිත් ඇද ගන්නා සුලු බවත් දත්ත සැකසුම් හෝ පැතුරුම්පත් මෘදුකාංග සඳහා එය වඩා සුදුසු බවත්ය. PC Week සඟරාව සිය විවේචනය තුලින් කියා සිටියේ වේගවත් සැකසුමක් නොමැති වීම හා 7MHz ක වේගයක් පැවතීම වදන් සැකසුම් සඳහා මෙන්ම සීමිත චිත්ර ප්රමමාණවත් වුවද වඩාත් බලවත් කාර්යයන් සඳහා සුදුසු නොවන බවයි. මේ අනුව Classic පරිගණකය වඩාත් සුදුසු වූයේ සීමිත පරිගණක කටයුතු සඳහා පමණි. මීට සමාන අදහසක් දක්වමින් PC User හි ප්රුකාශකයකු පැවසූයේ මන්දගාමී සකසනය හා ව්යානප්ත කිරීමේ නොහැකියාව නිෂ්පානය අවම මිලකට ලබා දීමට හේතු වූ බවයි. MacWEEK සඟරාව අදහස් පල කරමින් කියා සිටියේ Macintosh Plus පරිගණකය සඳහා මිල අඩු ප්ර.තිස්ථාපනයක් වන මෙය මුල් කාලයේ Macintosh නිර්මාණ හොඳින් මූර්තිමත් කරන බවයි.

Electronic Learning සඟරාවේ 1991 වර්ෂයේ පෙබරවාරි මස කලාපයේදී Robert McCarthy පවසා තිබුණේ ගුරුවරුන්, අධ්‍යාපන පරිපාලකයන් සහ මෘදුකාංග නිර්මාණකරුවන් නව මිල අඩු Apple Macintosh පරිගණකය පිළිඛඳව උද්‍යෝගයට පත්ව ඇති බවයි. අධ්‍යාපන මෘදුකාංගවල සංවර්ධකයකු මෙන්ම ප්‍රකාශකයකු ද වන MECC හි උපායමාර්ග විධාන කළමනාකරු Steve Taffe පැවසූ අන්දමට විසින් Classic පරිගණකය පිළිබඳව ඔහුගේ උද්‍යෝගය පැහැදිලි කරන ලදී.එයට හේතුව වශයෙන් ඔහු දැක්වූයේ එය මිල අඩු Mac පරිගණකයක් වීමයි. දැන් සැම දෙනාටම උපයා ගත හැකි දෙයක් බවට Macintosh පරිගණකය පත්ව ඇති බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය. තවද MS-DOS පරිගණක සමග තරග වැදීමට තරම් Macintosh පරිගණකය බලවත් බවට ඔහු විශ්වාසයද පලකර සිටියේය. මීට අමතරව Apple පරිගණකය ඉතා ඉහළ පරිශීලක පහසුකම්වලින් යුක්ත බවද ඔහුගේ මතය විය.Apple සමාගමේ අධ්‍යාපනික උපායමාර්ග කළමනාකාර Sue Talley පවසා සිටියේ වර්ණ භාවිතය තීරණාත්මක සාධකයක් නොවන සාමාන්‍ය ජවයෙන් යුතු යෙදුම් සඳහා Apple පරිගණකය හොඳින් මුහුණ දෙන බවයි. ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ ලේඛන සහ මූලික ඵලදායීකත්ව වැඩ කටයුතු සඳහා එය වඩා සුදුසු වන බවයි. බොහෝ පාසල් Classic පරිගණකය මිලට නොගැනීමට තීරණය කිරීමට හේතුව වූයේ අධිමිල Macintosh LC සතු වූ මෙය සතු නොවූ වර්ණ පරිගණක තිරයයි.

පිරිවිතර සංස්කරණය

උපාංග පිරිවිතර
තිරය අගල් 9(සෙ.මි 23) monochrome CRT තිරය, 512 × 342 pixel resolution
ආචයනය 40 MB SCSI hard disk drive optional, Built-in SuperDrive 3.5 in floppy disk drive
සකසනය MHz Motorola 68000
බසයේ වේගය 8 MHz
සසම්භාවී ප්‍රවේශ මතකය MB, expandable to 2 or 4 MB using 120 ns 30-pin SIMMs and optional custom RAM-slot expansion card
Read-only Memory 512 KB
ජාලකරනය AppleTalk
බැටරිය 3.6 V lithium
භෞතික මිනුම් 13.2 in × 9.7 in × 11.2 in (33.5 cm × 24.6 cm × 28.4 cm; depth by width by height)
16 lb (7.26 kg)
තීර්ථ සබැදියාව ADB (keyboard, mouse)
mini-DIN-8 RS-422 serial ports (printer, modem, AppleTalk)
DB-19 (ext. floppy drive)
DB-25 SCSI connector (ext. hard drive, scanner)
1× 3.5 mm Headphone jack socket
ප්‍රසරන විවරය නොමැත
ශබ්ද 8-bit mono 22 kHz
Gestalt ID 17 (පරිගණක හදුනා ගැනීමේ කේතය)
කේත නාමය XO