මයිල ගොයා
(Sri Lanka Woodpigeon)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Columbiformes
කුලය: Columbidae
ගණය: ' Columba'
විශේෂය: C. torringtoni
ද්වීපද නාමය
Columba torringtoni
Blyth & Kelaart, 1853
මයිල ගොයා

මයිල ගොයා ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර වල වාසය කරන අතිශයින්ම රුක්වාසී පක්‍ෂියෙකි. පරෙවි ගෝත්‍රයේ පරෙවි කුලයට අයත්වන අළු කොබෙයියාට වඩා තරමක් ලොකු පක්‍ෂියෙකි. ඉතා පරීක්‍ෂාකාරී කුරැල්ලෙකි. බොහෝ විට තුරැ වියනෙහි සැඟවී වාසය කරයි. නමුත් ශක්තිමත් පියාසරකරුවෙකි. ලිංගික ද්විරූපතාවයක් නැත. පිටිකර ප්‍රදේශයේ කැපී පෙනෙන කළු සහ සුදූ පැහැති චෙස් බෝඩ් පැල්ලමක් දක්නට ලැබේ. මෙය පහළින් හා දෙපසින් රෝස පැහැති පුදේශයකින් වට වී ඇත. ‍බොටුව සුදු පැහැවන අතර පිට,පියාපත් සහ පෙඳය අඳුරැ අළු පැයැතිය.

විවිධ කුඩා ඵල වර්ග ආහාරයට ගන්නා මයිලගොයා වල් කුරුඳු ශාකයේ ඵල වර්ලවලට බෙහෙවින් ප්‍රියකරයි. සාමාන්‍යයෙන් වාසය කරන්නේ යුගල් වශයෙන් නමුදු ආහාර බහුලව ඇති තැන්වලදී කුඩා රංචු ලෙස එක් වේ. සාමාන්‍යයෙන් නිහඬ කුරුල්ලෙකි. පෙබරවාරි-මැයි සහ අගෝස්තු-ඔක්තෝම්බර් යන කාලවලදී අභිජනනය කරයි. මොහුගේ කැදැල්ල වනාන්තරයේ ගසක වියනෙහි කුඩා අතු කැබලි වලින් තනනු ලබන තරමක් පැතලි එකකි. මෙහි එක් සුදු පැහැති බිත්තරයක් දමනු ලැබේ. යම් යම් කාලවලදී වඩා පහත් ප්‍රදේශ වලට සංක්‍රමණය වන හෙයින් සිංහරාජයේ සහ මහනුවර ප්‍රදේශයේ කැලෑ වලද මෙම පක්‍ෂියා දැකිය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=මයිල_ගොයා&oldid=451013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි