බිපාශා බාසු (1979 ජනවාරි 7 වන දින උපත ලැබූ) ප්‍රධාන වශයෙන් නිළියක් වන අතර, නිරූපිකවක් ලෙසටත් කටයුතු කලාය. 1996 දි,"ෆෝර්ඩ්'ස් ගොඩ්‍රිජ් සින්තෝල් සුපර් මොඩෙල්" තරඟයෙන් ජය ගත් ඇය ඉන්දියාවේ සිටින ප්‍රධාන නිළියන්ගෙන් අයෙකි.

බිපාශා බාසු
බිපාශා බාසු 2009 අප්‍රියෙල් හි ෆිල්ම් ෆෙයාර් කවර නිකුතුව දියත් කීරිමකදි
උපත7 ජනවාරි 1979 (1979-01-07) (වයස 45)[1]
නව දිල්ලිය, ඉන්දියාව
සක්‍රීය වසර2001–වර්ථමානය තෙක්
සහකරුවා(වන්)ඩිනෝ මොරියා (1996-2002)
ජෝන් ඒබ්‍රහම් (2002-2011)
වෙබ් අඩවියBipashaBasunet.com

මුල් දිවිය සංස්කරණය

ඇය නව දිල්ලියේ උපත ලැබු බෙන්ගාලි හින්දු පවුලකට අයත් තැනැත්තියකි. දියණියන් තිදෙනාගෙන් දෙවනියා ඇය වන අතර,වැඩිමහල් සොයුරිය "බිදිශා" වන අතර නැගණිය "විජෙයතා" ය. නව දිල්ලියේ උපත ලැබුවද,පසුව ඔවුන් කල්කටාවට පැමිණීයහ. පළමුව වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට අදහස් කල ඇය, පසුව නිරූපනයට හා රඟපෑමට ආවේ අහම්බෙනි. බාසු,12 ශ්‍රේනිය දක්වා විද්‍යාව "භවාන් ගන්ගාබ්ක්ස් කනෝරියා විද්‍යාමන්දිර් හි" ඉගෙන ගත් අතර, පසුව "භවානිපූර් ගුජරාතී එඩුයුකේශන් සොසිටි විදුහලින් ව්‍යාපාර අධ්‍යනය හදාරන ලදී. ඇය කල්කටා විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තාය. කල්කටාවේ දි ඇය අමතරව නිරූපනයට හා වැඩසටහන් වලටද පෙනි සිටියාය. ඉහත සඳහන් කල පරිදි ඇයට වෛද්‍යවරියක වීමට ඕනෑ වුව ද, විච්ඡේදන වලට ඇති අකමැත්ත නිසාවෙන් ඇය ගිනුම්කරණය සඳහා යොමු විය. 1996 දි,ඇය ප්‍රසිද්ධ නීරූපිකවක් වන "මෙහෙර් ජෙසියා " මුන ගැසුණු අතර ඇයගේ ඉල්ලීමකට අනූව බාසු "ගොඩ්‍රිජ් සින්තෝල් සුපර්මොඩෙල්" තරගයට ඉදිරිපත් වි ජයග්‍රහණය කලාය.

මූලාශ්‍ර සංස්කරණය

  1. ටයිම්ස් නිව්ස් නෙට්වර්ක් (TNN) (6 ජනවාරි 2012). "බිපාෂා බාසු ටු මැරි බයි එන්ඩ් ඔෆ් 2012?". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 14 ජනවාරි 2012.
"https://si.wikipedia.org/w/index.php?title=බිපාශා_බාසු&oldid=486048" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි