බ්‍රෝඩ්වේ රංග පීඨය

නිව් ඇම්ස්ටර්ඩම් රංග පීඨයෙහි The Lion King ප්‍රදර්ශනය වෙමින්, 2003

වාර සංස්කරණය

ලාභ ලැබීමේ පරමාර්ථයෙන් සිදු කරන නිසා බොහෝ බ්‍රෝඩ්වේ දර්ශන අවසානය කලින් තීරණය නොකෙරුණු විවෘත - අවසාන ඇති පෙළ (open-ended runs) ‍වලින් යුක්තය. මෙහි අදහස වන්නේ දර්ශනයේ දර්ශනතලය කලින් නියම කර නොමැති බවයි. එම දර්ශන කාලය විවේචන, ප්‍රතිචාරය, හා වෙළඳ ප්‍රචාරවල ඵලදායිතාවය වැනි කරුණු මත බලපායි. මෙම කරුණු දර්ශනයේ ටිකට් අලෙවිය මතද, බලපෑමක් ඇති කරයි. දර්ශන පටන් ගත් සැනින්ම ලාභ ලැබිය යුතු යයි අවශ්‍යතාවයක් නොමැත. දර්ශන සතියක වියදම් පියවන ලෙස හෝ ඉදිරියට ‍යන්නේ නම්, දර්ශන දිගටම පවත්වාගෙන යාමට කටයුතු යොදයි. මෙහි අරමුණ වන්නේ පසුව මුල් වියදම් පියවන්නේ යැයි හෝ ලාභ ලැබීම ආරම්භ වේ යැයි මතයයි. සමහර අවස්ථාවල නිෂ්පාදකයින් නිෂ්පාදන භාගය (Royalty) තාවකාලිකව අඩුකරන ලෙස හෝ ඉවත්කරන ලෙස හෝ රැඟුම්කරුවන්ට තමන් අයිතිවන සංගම්වල අනුමැතිය සහිතව තම වැටුප් අඩුකරන ලෙස‍හෝ ඉල්ලීම් සිදුකල හැක. සාමාන්‍යයෙන් නාටකයේ ලාභ භුක්ති විඳින්නන් නොවන රඟමඩල හිමියන්, රඟමඩල කුලිය අඩු කිරීමට හෝ ඉවත් කිරීමට හෝ මුදල් දර්ශන පවත්වා ගෙන යාමට ණයට දීම හෝ සිදුකල හැක. (එක් අවස්ථාවකදී රඟමඩල හිමියකු අති විශාල මුදලක් දර්ශන විවෘතව තබාගැනීමට ණයට දී ඇත. එසේ වුවත් නිෂ්පාදනය වෙනත් වෙන්කරවා ගැනීමක් (booking) නිසා වෙන රඟමඩලකට ගෙනයාමට සිදුවිය)


සමහර දර්ශන වාණිජමය නොවන සංවිධාන විසින් නිෂ්පාදනය කරයි. එසේ සිදුකරන්නේ සම දායකත්ව වාරික පදනම යටතේය. ලින්කොලින් කේන්ද්‍ර රඟමඩල, රවුන්ඩ්අබවුට් (Roundabout) රඟමඩල ආයතනය, හා මෑන්හැටන් රඟමඩල සමාජය මෙවන් ලාභ නොලබන දැනට පවතින ස්ථිර "බ්‍රෝඩ්වේ" ස්ථාන වේ. ආර්ථිකමය ගැටළු, රැඟුම්කරුවන්ගේ කලින් වෙන්කරවා ගැනීම් හා රඟමඩල වල තාවකාලික උපයෝග්‍යතාව වැනි හේතු නිසා සමහර "බ්‍රෝඩ්වේ" නිෂ්පාදන සීමිත ගිවිසුම් වාර ගණනක් යටතේ නිෂ්පාදනය කෙරේ. එනමුත් සමහරක් "සීමිත ගිවිසුම් වාර" නිෂ්පාදන හොඳ විචාර හෝ ‍ හොඳ ලාභ ලැබීම් නිසා සීමිත වාර ගණනට වඩා ඉදිරියට දර්ශනය කිරීමට කටයුතු යෙදිය හැක. 2007 වසරේ පැවති "ඕගස්ට් ඕසේජ් කවුන්ට්" (August Osage County) මෙයට හොඳ උදාහරණයකි.


‍ඓතිහාසිකව, "බ්‍රෝඩ්වේ" හි සංගීත නාටක "සෘජු" (Straight) නාටකවලට වඩා දර්ශන වාර ගණනින් වැඩිවේ. 2006 ජනවාරි 9 දින, "මැජෙස්ටික් තියටර්" හිදී පැවති "ද ‍ෆැන්ටම් ඔෆ්ද ඔපෙරා" "බ්‍රෝඩ්වේ" සංගීත නාටක ඉතිහාසය වැඩිම වාරගණනක් ප්‍රදර්ශණය වු නාටකය බවට පත්විය. එය 7486 වාරය වූ අතර "කැට්ස්" නාටකය අභිබවා ගියේය.

සේවක මණ්ඩලය සංස්කරණය

"බෝඩ්වේ" හි සංගීතමය හා වේදිකා නාට්‍යවල සාර්ථකත්වය ප්‍රසිද්ධ රැඟුම්කරුවන්ගේ ප්‍රධාන චරිත නිරූපණය මත රඳා පවතී. එමඟින් වැඩි ප්‍රේක්ෂක ජනතාවක් එම නාටක වෙත එක්රොක් කර ගැනීමට හැකි වේ. චිත්‍රපට හා රූපවාහිනි නළුවන් බොහෝවිට එම චරිතවලට හෝ ඒවායෙන් ඉවත්වන අයට ආදේශ කිරීමට හෝ යොදාගනී. එනමුත් ‍තවමත් වේදිකා නාටකවලට මුල් තැනත්, චිත්‍රපට හා රූපවාහිනි රඟදැක්වීම්වලට දෙවැනි තැනත් ලබාදෙන වේදිකා නළුවන්ද සිටියි.


අතීතයේදී, වේදිකා නළුවන් තුළ "වෝඩිවිල්" හා "බර්ල්කියු" වැනි සජීවී රඟදැක්වීම් පිළිබඳ සුපිරි ආකල්පයක් තිබිණි. ඔවුන් ඒවා අශීලාචාර, අනවශ්‍ය ලස්සනක් ඇති හා වාණිජමය නිර්මාණ ලෙස සැලකීය. ඔවුන්ගේ කලාව පිළිබඳව ඔවුන් තුළ අධි තක්සේරුවක් පැවතිණි. මෙම ආකල්පය "නියම රඟමඩල" නම් වචනයෙන්ද පිළිබිඹු වේ. මෙම නිහතමානි ආකල්ප රේඩියෝ, රූපවාහිනි හා චිත්‍රපට රඟදක්වන්නන්ද පිළිගන්නා ලදී. චිත්‍රපට හා රූපවාහිනි නාටකවලට වැඩි මුදලක් ගෙවන බැවින් වත්මන් කලාකරුවන් තුළ මෙවැනි ආකල්ප දක්නට හැක්කේ මද වශයෙනි.එහෙත් "legit" (ලෙටය) හා "variety" (විවිධ) ලෙස රඟදැක්වීම් වල දක්නට ලැබුණු බෙදීම අදටත් එලෙසම පවති. කෙසේ වුවත් නළුවන්ගේ සංගමයේ ව්‍යුහය "Actors Equity" (නළුවන්ගේ න්‍යාය) "නියම රඟමඩලේ" නළුවන් විසින් නිරූපණය කරනු ලබන අතර "විවිධ නළුවන්ගේ ඇමරිකානු ශිල්ප ශ්‍රේණිය" (American Guild of variety Artists) නිරූපනය කරන්නේ කථා පිටපතක් නොමැතිව කරන රඟ දැක්වීමකිනි. සංගමයේ අධිකාරිත්වය යටතේ නාටක හෝ සංගීතමය නාටක හෝ කිසිවක් නොපැමිණෙන බැවින් "බ්‍රෝඩ්වේ" නළුවන් නිරන්තරයෙන්ම න්‍යායාත්මක (Equity) කොන්ත්‍රාත්තු යටතේ ක්‍රියා කරති.


"බ්‍රෝඩ්වේ" දර්ශන වලට සම්බන්ධ සෑම කෙනෙකුම ඉහත කී යම් සංගම් හා අනිකුත් ආරක්ෂක හා වෘත්තීය සංවිධාන නියෝජනය කරයි. නළුවන්, නැට්ටුවන්, ගායකයින් හා වේදිකා කළමනාරුවන්ද " නාට්‍යකරුවන්ගේ න්‍යාය සම්මේලනයේ” සමාජිකයන්ද, සංගීතඥයන් හා "ඇමරිකානු සංගීතඥයන්ගේ පෙඩරලයෙන්ද", වේදිකා උදව්කරුවන්, ඇඳුම් අන්දවන්නන්, කොණ්ඩ මෝස්තර ශිල්පින්, නිර්මාණ ශිල්පින් හා ආසන පෙන්වන්නන්ද යන හැම "වේදිකා සේවකයන්ගේ අනතර්ජාතික මිත්‍රත්වයට" අයත් වේ. අධ්‍යක්ෂකවරුන් හා නර්තන රචකයන්, "වේදිකා අධ්‍යක්ෂක හා නර්තන රචකයන්ගේ සමිතිය" ටද, තිර රචකයන් "නාට්‍ය රචක ශ්‍රේණියටද", රඟමඩල කළමණාකරුවන්, ආයතන කලමණාකරුවන් හා මාධ්‍ය එජන්තවරු "කලමණාකරුවන් හා‍ වේදිකා මාධ්‍යය ඒජන්තවරුන්ගේ සම්මේලනය" ටද අයත් වේ.එහෙත් නළු වරණ අධ්‍යක්ෂවරුන් තවමත් (casting directors) සමිතියක් පිහිටුවාගෙන නොමැත. (ප්‍රධාන කළමණාකරුවන් හා නිෂ්පාදකයන් කළමණාකාරිත්වයට අයත් වේ.)

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රෝඩ්වේ_රංග_පීඨය&oldid=270511" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි