බ්‍රේටන් චක්‍රය

තාපගතිවිද්‍යා චක්‍රය

බ්‍රේටන් චක්‍රය යනු නියත පීඩන චක්‍රයකි. එය වායු ට’බයින් එන්ජින්වල ක්‍රියාව, ජෙට් එන්ජින්වල මූලධර්ම හා වෙනත් දේවල් විස්තර කරයි. එය එම අදහස වර්ධනය කළ ඇමෙරිකානු ඉංජිනේරුවරයෙකු වූ ජෝජ් බ්‍රේටන්ට (1830 – 1892) පසුව නම් කරන ලදී. එසේ වුවත් එය සැබවින්ම ‍ෙයාජනා කරන ලද්දේ 1791 දී බාබර් විසිනි. එය ඇතැම් විට ජෝයුලි චක්‍රය ලෙසද හඳුන්වනු ලැබේ. එරික්සන් චක්‍රය ද එවැන්නක් වන නමුත්, භාහිර තාපය භාවිතා කරන අතර ප්‍රතිජනකයක භාවිතය අන්තර්ගත වේ.


ඉතිහාසය සංස්කරණය

1872 දී ජෝජ් බ්‍රේටන්, ඔහුගේ රෙඩී මෝටරය සඳහා ජෙටන්ට් බලපත්‍රයකට ඉල්ලුම් කළේය. එම එන්ජිමේ වෙනම පිස්ටන සම්පින්ඩකයක් හා ප්‍රසාරකයක් භාවිතා කරන ලදී. සම්පීඩිත වාතය අභ්‍යන්තර ගින්නක් මගින් ප්‍රසාරක සිලිණ්ඩරයකට ඇතුළු වීමේ දී රත් කරන ලදී. බ්‍රේටන්, පිස්ටන් එන්ජිම හැරුණු විට වෙනත් කිසිදු දෙයක් නිපද නොවූ නමුත්, වර්තමානයේදී බ්‍රේටන් චක්‍රය යන පදය ගෑස් ට’බයින සමග සාමාන්‍යයෙන් සම්බන්ධ වී පවතී.

වෙනත් අභ්‍යන්තර දහන බල චක්‍ර මෙන්ම බ්‍රේටන් චක්‍රය ද විවෘත පද්ධතියකි. එසේ නමුත්, තාපගති විද්‍යාත්මක විශ්ලේෂණය සඳහා එය පිටවන වායූන් චූෂණයේදී නැවත භාවිතා කරන බව සංවෘත පද්ධතියක් මෙන් විශ්ලේෂණය කිරීමට හැකියාව ලබාදෙමින් සම්ප්‍රධානුකූලව පිළිගනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රේටන්_චක්‍රය&oldid=469078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි