මෙම ලිපියෙන් විස්තර වන්නේ බෝම්බවලින් ආරක්ෂා වීම සඳහා වූ බංකර වර්ගයක් ගැනය. අනෙකුත් භාවිත සඳහා බංකර බලන්න.

ඇල්බේනියාවෙහි වූ බංකර, ග්‍රාමීය ප්‍රදේශවල මෙවැනි ඉදි කිරීම් 750000 පමණ ඇත.
නෙදර්ලන්තයේ වූ ජර්මානු බංකරයක්

බංකරයක් යනු ආරක්ෂාකාරී යුධමය බලකොටුවකි. බොහොමයක් බංකර පොළව උඩ පිහිටා ඇති බ‍ලකොටු හා සසඳන විට පොළවට යටින් පිහිටයි. මේවා පළමු හා දෙවන ලෝක යුද්ධවලදී වඩා උපායශීලී මට්ටම්වලින් භාවිතා කරන ලදී. සීතල යුද්ධය අතරතුර දී යුධෝපායන් සම්බන්ධ වූ (අණ දීම් හා පාලනය) යටිතල පහසුකම් මෙන්ම රජයේ නියෝජිතයින් ආරක්ෂා කිරීමට හා න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමක දී ගබඩා කිරීම සඳහා අති විශාල බංකර සංකීර්ණ සාදන ලදී.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බංකර&oldid=471818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි