පොදු පරිගණකයක් (හෝ මහජන ප්‍රවේශ පරිගණකය) යනු පොදු ස්ථානයක පවතින ඕනෑම විවිධාකාර පරිගණකයන් අතරින් එකක් වේ. පොදු පරිගණක තිබෙන ස්ථානයන් කිහිපයක් නම් පුස්තකාල , පාසැල් හෝ රජය විසින් මෙහෙයවන පහසුකම් සේවා සහිත ස්ථාන වේ.

පොදු පරිගණකවල පෞද්ගලික පරිගණකවලට සමාන මෘදුකාංග හා දෘඩාංග කොටස් ඇත. කෙසේ නමුත් , එසේ නමුත් ඒවායේ කාර්යය භාර්යය හා ක්‍රියාව සම්පුර්ණයෙන් වෙනස් වේ. පොදු ප්‍රවේශ පරිගණකයක් දවස පුරාම විවිධ විශ්වාස කටයුතු නොවන තනි පුද්ගලයන් විසින් භාවිතා කරයි. මෙම පරිගණක දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන අපයෝජන ද වලට එරෙහිව අගුළු ලෑම හා සුරක්ෂිත කිරීම කළ යුතුය. සාමාන්‍යයෙන් පරිශීලකයාට මෘදුකාංග පිහිටුවීමට හෝ සැකසුම වෙනස් කිරීමට බලතල නොමැත. පෞද්ගලික පරිගණකයක් වෙනස් වන්නේ එය තනි වගකිව හැකි පරිශීලකයෙක් භාවිතා කරන අතර ඔහුට තම කැමැත්ත අනුව පරිගණකයේ මෘදුකාංග හා සැකසුම හැඩගසැගත හැකි නිසාය.

තව දුරටත් පොදු ප්‍රවේශ පරිගණක පාලිත ප්‍රවේශයකට වූ PC වෙන්කිරීමේ පද්ධතිය (Pc Reservation System) වැනි මෙවලම් සමග සැපයේ.

‍ලෝකයේ පළමු පොදු ප්‍රවේශ පරිගණක මධ්‍යස්ථානය වන්නේ කැලිෆෝනියාවේ මැරින් පරිගණක මධ්‍යස්ථානය වන අතර එය 1977 දී ඩේවිඩ් හා ඇනීෆෝක්ස් යුවල සාමූහිකව ආරම්භ කරන ලද්දකි.

"https://si.wikipedia.org/w/index.php?title=පොදු_පරිගණක&oldid=623697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි