පුෂ්පගිරි විහාරය

ඉන්දියාවේ ඔඩිෂාවේ බෞද්ධ අඩවිය

පුෂ්පගිරි (ඔඩියා: ପୁଷ୍ପଗିରି) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා හි ජාජ්පූර් දිස්ත්‍රික්කයේ ලංගුඩි කඳුගැටයේ පිහිටි පුරාතන බෞද්ධ මහාවිහාර සංකීර්ණයකි. චීන දේශාටක හියුංසාංගේ (ආ. 602 – ආ. 664) සහ වෙනත් මූලාශ්‍රවල පුෂ්පගිරි විහාරය පිළිබඳ සඳහන් වේ. 1990 දශකය තෙක්ම විශ්වාස කෙරුණේ ජාජ්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි ලලිත්ගිරි-රත්නගිරි-උදයගිරි විහාර සමූහයම හෝ ඉන් එකක් හෝ පුෂ්පගිරි විහාරයට අයත් බවයි. මෙම ස්ථානවල බොහෝ ගොඩනැගිලි, විවිධ ප්‍රමාණවලින් යුත් ස්තූප, ප්‍රතිමා සහ අනෙකුත් කලාකෘති ගණනාවක්ම දක්නට ලැබේ.

පුෂ්පගිරි
ගිරි මුහුණතෙහි වූ කැටයම්
පුෂ්පගිරි විහාරය is located in ඔඩිෂා
පුෂ්පගිරි විහාරය
ඔඩිෂා තුල පිහිටීම
පුෂ්පගිරි විහාරය is located in ඉන්දියාව
පුෂ්පගිරි විහාරය
පුෂ්පගිරි විහාරය (ඉන්දියාව)
මූලික තොරතුරු
පිහිටීමඉන්දියාව
භූගෝලීය ඛණ්ඩාංක20°43′22″N 86°11′25″E / 20.722739°N 86.190338°E / 20.722739; 86.190338ඛණ්ඩාංක: 20°43′22″N 86°11′25″E / 20.722739°N 86.190338°E / 20.722739; 86.190338
අනුබැඳියාවබුද්ධාගම
ජනපදයඔඩිෂා
තත්ත්වයසංරක්ෂිත

කෙසේනමුත්, 1996-2006 අතර කාලයේ ලංගුඩි කඳුවල සිදුකළ පුරාවිද්‍යාත්මක කැනීම්වල දී පුෂ්ප සභාර් ගිරිය යනුවෙන් අභිලේඛනවල සඳහන් වන මෙම විහාරය සොයාගැනිණි. මෙය පුෂ්පගිරිය බව වර්තමාන විද්වතුන්ගේ මතයයි. මේ වනවිට මෙම අඩවිය, සංචාරක කර්මාන්තයට විවෘත කොට ඇත.

ආශ්‍රේයයන් සංස්කරණය

සැකිල්ල:Odisha

"https://si.wikipedia.org/w/index.php?title=පුෂ්පගිරි_විහාරය&oldid=518721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි