'පුලතිසි පුරය' මෙතුමාගේ නගරය වන්නට ඇතැයි සැලකේ.

මෙම නගරය පසුකලක පොළොන්නරුව නමින් හැදින්වින.

පොත්ගුල් විහාර පරිශ්‍රමයේ ඇති පිළිමය ඇතැමෙකුට අනුව, මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවකි. තවත් අයෙකුගේ මතය නම්, එය පුලතිසි රිසිවරයාගේ පිළිරුවක් බවය. පොත්ගුල් විහාරය පුස්තකාලයක් බැවින් දෙවන මතය ගැන සැලකිලිමත් වීම වටී.

පුලතිසි මුණිවරයා යනු හෙළයේ මහා විද්වතාය. හෙළ  විද්වත් බවේ සංකේතය ලෙසින් සැලකෙන්නේ පුලතිසි රිසිවරයාය. ලං‍කාවේ ප්‍රධාන මුනිවරයන් වන කපිලථ, ඉසුරු, වෙස්ස හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස සැලකෙයි. පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය  නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. එසේම රාවණගේ මුත්තා පුලස්ති, තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියවේ.  

ග්‍රීසියේ ඇති ‘පවුලතිත්’ නම් වෛද්‍ය ශාස්ත්‍රය ඔවුන්ට පුලතිසි ඉසිවරයා ගෙන් ලද්දකි. මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස්රෝහලක් තිබී ඇත.

හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. ඒ බව ලංකාවෙහි විසූ අති පුරාණ ශාස්ත්රශඥයෙක් වූ පුලස්ති ඍෂිහු වරක සංහිතාවෙහි සඳහන් හිමාලයෙහි පවත්වන ලද මහා වෛද්යු සම්මෙලනයට පවා ගියහ. ආදි වශයෙන් පවුලේ වෙද පොත  නැමති ග්‍රන්ථයෙහි ඩී. සි. ජයසේකර මහතා ප්‍රකාශ කරයි. මෙතුමාගේ ඔසු උයන් පිහිටියේ  රාවණා ඇල්ල අසල හා බඹර කන්ද ඇල්ල අසල බවට මතයක් ඇත.

ජ්‍යෝතිෂයේ මූලික සිද්ධාන්ත හතරෙන් දෙකක් වන සූර්ය සිද්ධාන්තය හා පවුලප්තය සිද්ධාන්තය පුලතිසි ඉසිවරයා නිර්මාණය කළ ඒවා ය. හෙළ නැකත් කලාව නිර්මාණ මෙතුමා විසින් සිදු කළ අතර එහි කොටස් පහත පරිදිය.

  • සප්ත යෝගය - ඉන්ද්‍ර ගුරුළුව, පංච පක්ෂිය, යමකාලය, දඩු මරණය, දින මුර්තුව, ඊසකය, ශිවා ලිඛිතය
  • උමා ජ්යො‍තිෂය
  • හෝරා වග
  • සුදර්ශන වක්ර ය
  • සෙත් වග
  • වාස්තු වග
  • උමා පද්ම හා උමා ගුරුළුව

මේ අතර ස්ත්‍රී ජාතික චන්ද්‍රිකා නම් ග්‍රන්ථය පුලතිසි ප්‍රමුඛ ඉසිවරු හතරදෙනෙක් විසින් නිමවන ලද බව පැවසේ. නාලන්දා ගෙඩිගෙය යනු පුලතිසි ඉසිවරයාගේ සොහොනයි. 

අනුරාධපුරය වනාහී ලංකාවේ අගනගරය වූයේ විජයාවතරණයෙන් පසුව නොවේ. මහා වංශයේ සදහන් වන්නේ අනුරාධ නම් ඇමතියෙකු විසින් පිහිටවන ලද ජනපදයක් ගැන තොරතුරුය. නමුත් අනුරාධපුරයට ඊට වැඩි ඉතිහාසයක් පවතින බව ඇතැල් නුවර බ්‍රහ්මී අක්ෂිරයෙන්ම කොටන ලද අනුරද නාමය ඇති පාත්‍රා කැබැල්ලෙන් පසක් වේ.

හිරණ්‍යය කස්සප රජුගේ පුත් අනුරාධයන් මෙම නගරය තනවන්නට ඇතැයි හෙළ මතවාදයයි. පණ්ඩුකාභය රජු හෙළයින්ගේ පුරාතන අගනගරට නැවතත් පාලනය ගෙනගියා පමනි.

සිව්හෙළේ ගුවන් විදුලියේ හෙළවරුණ වැඩසටහන ඇසුරෙනි

"https://si.wikipedia.org/w/index.php?title=පුලස්ති_මුණි&oldid=667447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි