පුරාතන ඊජිප්තියානු ගුණ කිරීම

ගණිතයෙහි, පුරාතන ඊජිප්තියානු ගුණ කිරීම (ඊජිප්තියානු ගුණ කිරීම, ඉතියෝපියානු ගුණ කිරීම, රුසියානු ගුණ කිරීම, හෝ ගැමි ගුණ කිරීම ලෙසින්ද හැඳින්වුණු) යනු, ලිපිකරුවන් විසින් භාවිත කළ ගුණ කිරීමේ ක්‍රම දෙකින් එකක් වන අතර, ගුණ කිරීමේ චක්‍රය අවශ්‍ය නොවන, එහෙත් දෙකෙන් ගුණ කිරීමෙහි සහ බෙදීමෙහි, සහ එකතු කිරීමෙහි හැකියාවන් පමණක් අවශ්‍ය වන, සංඛ්‍යා දෙකක් ගුණ කිරීම සඳහා වන ක්‍රමාණුකූල ක්‍රමයකි. ගුණ්‍යයන් අතුරින් එකක් (සාමාන්‍යයෙන් විශාලතමය) දෙකෙහි බල එකතුවකට වියෝජනය කරන එය, දෙවන ගුණ්‍යයෙහි දෙගුණයන් වගුවක් නිර්මාණය කරයි.

දෙවන ඊජිප්තියානු ගුණ කිරීමේ හා බෙදීමේ ශිල්ප ක්‍රමය පිළිබඳ කරුණු සොයා ගත්තේ, ක්‍රි.පූ. දහහත්වන සිවයසෙහිදී, අහ්මස් ලියන්නා විසින් ලියන ලද , හයරටික් ක්‍රමයට ලියැවුනු මොස්කව් සහ රයින්ඩ් ගණිතමය පැපිරස අනුසාරයෙනි. පුරාතන ඊජිප්තුවෙහි පාදය 2 සංකල්පය නොපැවතුනද, මෙම ඇල්ගොරිතමය අනිවාර්යයෙන්ම, ගුණකය හා ගුණ්‍යය ද්වීමය බවට හැරවීමෙන් පසුව දීර්ඝ ගුණ කිරීම සිදු කෙරෙන ඇල්ගොරිතමයම වෙයි. ද්වීමය බවට පෙරලීමෙන් පසුව අර්ථ නිරූපණය කෙරෙන මෙම ක්‍රමය, එබැවින් වර්තමානයෙහිදී පුළුල් ලෙසින් භාවිතා වන්නේ, නූතන පරිගණක සකසනයන් තුල ක්‍රියාත්මක කෙරෙන ද්වීමය ගුණක පරිපථ තුලය.

වියෝජනය සංස්කරණය

දෙකෙහි බල සංඛ්‍යාවන්ගේ එකතුවක් බවට වියෝජනය කිරීම, දහයේ පාදයේ සිට දෙකේ පාදය දක්වා පෙරැලීමක් ලෙසින් භාවිතා කිරීම අරමුණු නොවීය; එවැනි සංකල්ප පිළිබඳ ඊජිප්තියානුවෝ නොදැන සිටි අතර, වඩාත් සරල ක්‍රම භාවිතයට උත්සුක වූහ. යළි යළිත් ගණනය කිරීම වලක්වා ගැනීම සඳහා පුරාතන ඊජිප්තියානුවෝ දෙකෙහි බල ඉමහත් සංඛ්‍යාවක් වගු ගත කොට ගබා ගත්හ. සංඛ්‍යාවක් වියෝජනය කිරීමෙහිදී සිදුවන්නේ, එය සැදී ඇති දෙකෙහි බල සොයාගැනුමයි. ඊජිප්තියානුවෝ ආනුභවික ලෙසින් දැන සිටියේ, යම් සංඛ්‍යාවක් වියෝජනය කිරීමේදී සඳහා කිසියම් දෙකෙහි බලයක් එක් වරක් පමණක් භාවිතා වන බවයි. වියෝජනයේදී ඔවුහූ ක්‍රමානුකූලව ප්‍රගමනය වූහ; මුලින්ම ඔවුන් සොයාගත්තේ, ප්‍රශ්නයට තුඩු දී ඇති සංඛ්‍යාවට අඩු හෝ සමාන වූ විශාලතම දෙකෙහි බලය වන අතර, ඉන්පසුව මෙම අගය මුල් සංඛ්‍යාවෙන් අඩු කර ප්‍රතිඵලයට මෙම ක්‍රියාවලිය දිගටම යෙදුවේ අවසන කිසිවක් ඉතිරි නොවන තෙක්ය. (ගණිතයෙහි ශුන්‍ය සංඛ්‍යාව භාවිතා කිරීම ඊජිප්තියානුවෝ දැන නොසිටියහ).

විශාලතම දෙකෙහි බලය සොයාගැනුමට 1 සංඛ්‍යාවෙන් අරඹා ඔබගේ පිළිතුර දෙගුණ කරමින් යන්න.

නිදසුන:

1 x 2 = 2
2 x 2 = 4
4 x 2 = 8
8 x 2 = 16
16 x 2 = 32

25 සංඛ්‍යාව වියෝජනය කිරීමෙහි නිදසුන:

  1. 25 16,
  2. 25 – 16 = 9,
  3. 9 ට අඩු හෝ සමාන හෝ විශාලතම දෙකෙහි බලය වන්නේ 8,
  4. 9 – 8 = 1,
  5. 1 ට අඩු හෝ සමාන හෝ විශාලතම දෙකෙහි බලය වන්නේ 1,
  6. 1 – 1 = 0

මේ අනුව 25 යනු 16, 8 සහ 1 යන දෙකෙහි බල වල එකතුවයි.