පෙට්‍රොස් “පීට්” සම්ප්‍රාස් (1971 අගෝස්තු 12වන දින උපත ලැබීය) ග්‍රීක සම්භවයකින් යුත් ලෝකයේ හිටපු අංක ‍එකේ ඇමරිකානු ජාතික ටෙනිස් ක්‍රීඩකයෙකි. ඔහුගේ අවුරුදු 15ක ක්‍රීඩා ඉතිහාසයේ දී, ඔහු විසින් තරඟ 52 දී ග්‍රෑන්ඩ් ස්ලෑම් පිරිමි තනි ශූරතා 14ක් ජයග්‍රහණය කර වාර්තාවක් තබා ඇත. සම්ප්‍රාස් එක දිගට අවුරුදු 6ක්ම ලෝකයේ අංක ‍ලෙස ATP වාර්තාවන්හි ඇතුළත් වූ අතර, මෙය “ඕපන් ඊරා” සඳහා වාර්තාවක් වන අතර සම 3වන ස්ථානය ලබා ගත්තේය. සැම්ප්‍රාස් විම්බ්ලිඩන් තනි ශූරතාවය සත් වාරයක් ජයග්‍රහණය කළ අතර, එය විලියම් රෙන්ෂෝ සමඟ පිහිටුවා ඇති වාර්තාවකි. ඔහු එක්සත් රාජධානි විවෘත තරඟයේදී ද තනි ශූරතා 5ක් ජයග්‍රහණය කළ අතර, එය ජිමි කොනර්ස් සමඟ පිහිටුවා ඇති “ඕපන්ඊරා” වාර්තාවකි. බඩ් කොලින්ස් විසින්, සම්ප්‍රාස් මෙතෙක් විසූ හොඳම පිරිමි ටෙනිස් ක්‍රීඩකයන් 5 දෙනා අතුරෙන් එක් අයකු ලෙස නම් කර ඇත. එමෙන්ම ටෙනිස් සඟරාව විසින් ඔහු 1965 සිට 2005 කාල වකවානුව අතරතුර සිටි විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සඳහන් කර ඇත. 2007 ජුලි මස 17 වන දින, සම්ප්‍රාස් “සුප්‍රසිද්ධ ජාත්‍යන්තර ටෙනිස් කමිටුව” (International Tennis Hall of Fame) ඇතුළත් කර ගන්නා ලදී.

පටබැඳි නම් පිස්ටල් පීට්, King of Swing
රට   එක්සත් ජනපදය
පදිංචිය ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියාව ,ඇ.එ.ජ
උපන්දිනය අගොස්තු 12, 1971
උපන් ස්ථානය වොෂින්ටන්, D.C., එක්සත් ජනපදය
උස 1.85 m (6 ft 1 in)
බර රාත්තල් 170 (77 kg)
වෘත්තීමය පිවිසීම 1988
විශ්‍රාම ගැනීම 2002
තරඟ කිරීම දකුණත්; තනි අත් පසු අත
ක්‍රීඩා මුදල් ත්‍යාගය ඇමරිකන් ඩොලර් 43,280,489(වාර්තාගත වැඩිම)
තනි වෘත්තීය වාර්තා 76 222
තනි වෘත්තීය ශූරතා 64
ඉහලම වාර්තාව (තනි) අංක 1 (1993 අප්‍රේල් 12)
ග්‍රෑන්ඩ් ස්ලෑම් ප්‍රතිඵල (තනි) ඕස්ට්‍රේලියා විවෘත W (1994, '97),ප්‍රංශ විවෘත SF (1996),විම්බල්ඩන් W (1993, '94, '95, '97, '98, '99, '00),එකසත් ජනපද විවෘත W (1990, '93, '95, '96, '02)
යුගල වෘත්තීය වාර්තා 70
යුගල වෘත්තීය ශූරතා 2
ඉහලම වාර්තාව (යුගල) අංක 27 (1990 පෙබරවාරි 12)

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පීට්_සැම්ප්‍රාස්&oldid=368249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි