පිළියන්දල, කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ අවට කි.මී. 18 ක් පමණ දුරින් පිහිටි නගරයකි. බොරලැස්ගමුව, මහරගම, කොට්ටාව, මත්තෙගොඩ, කැස්බෑව, බණ්ඩාරගම, මොරටුව සහ කටුබැද්ද ආදී නගර වලට මැදිව මෙය පිහිටා තිබේ. කැස්බෑව ආසනයෙහි පවතින ප්‍රධානම නගරය ද පිළියන්දල යි. ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රියාත්මක හෝරාස්ථම්භය පිළියන්දල පිහිටා ඇත. 1952 දී ඉදිකිරීම ආරම්භ කරන ලද එය 1953 දී නිම කරන ලද අතර එදින සිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. [1]

පිළියන්දල
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පිළියන්දල හෝරාස්ථම්භය

භූගෝලීය පිහිටීම සංස්කරණය

කළු ගඟේ ශාඛාවක් වන බොල්ගොඩ ගඟෙහි නැගෙනහිර ඉවුරු පිළියන්දල නගරයට සමීපව පවතියි. කෙමෙන් කෙමෙන් ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත්වන මෙම නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය පදිංචියට යෝග්‍ය ප්‍රදේශයක් ලෙස මහජනතාවගේ ප්‍රසාදය දිනාගෙන ඇත.

කර්මාන්ත සංස්කරණය

. ප්‍රදේශයෙහි පවතින කුඩා වැවක් වන කැස්බෑව වැව මෙයට මහඟු දායකත්වයක් සපයයි. වී ගොවිතැනට අමතරව, රබර් ද ආර්ථික භෝගයක් ලෙස ව්‍යාප්තව පැවතුනද එය සීඝ්‍රව හීන වෙමින් පවතියි.එහෙත් දැන් පිළියන්දල ප්‍රදේශයේ කුඹුරු බොහොමයක් කුඹුරු වගා කිරීම සිදු වන්නේ නැත.මෙයට හේතු වී ඇත්තේ වගා කරුවන් බොහෝ දෙනෙක් මහලු වියට පත් වීම ඔවුන්ගේ දරුවන් වගා වලින් ඈත් වී වෙනත් රැකියා වල නිරත වී සටින නිසා මෙහි කුඹුරු දැන් පුරන් වීගෙන යයි.

පෙර පැවති, ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය යටතේ ස්ථාපනය කල විශාල පිඟන් කර්මාන්ත ශාලාවක් පිළියන්දල නගරයෙහි පැවතුනද පෞද්ගලීකරණය කර කෙටි කලෙකින්ම එය වසා දැමීමට සිදුවුනි. අද වන විට එම කර්මාන්ත ශාලාව පැවති භූමියද, පෞද්ගලික සමාගමක් මඟින් මිලටගෙන, නිවාස ව්‍යපෘතියක් සඳහා යොදවා ඇත.

එහෙත් මේ වන විට පිළියන්දල ඇගලුම් කර්මාන්තශාලා බොහොමයක් පවතියි. තවද උසස් තත්වයේ හෝටල් පිලයන්දල බොල්ගොඩ ගඟ අසල ඇත. වෙනත් කර්මාන්තශාලා බොහොමයක්ද පිළියන්දල ඇත. ACL වයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව පිහිට ඇත.

අධ්‍යාපන ආයතන සංස්කරණය

රජයේ අධ්‍යාපන ආයතන සංස්කරණය

පිළියන්දල ප්‍රදේශය ආශ්‍රිතව රජයේ පාඨශාලා කිහිපයක්ම තිබේ.

6 වසර සිට උසස් පෙළ දක්වා පංති සහිත

1 වසර සිට උසස් පෙළ දක්වා පංති සහිත

1 වසර සිට 5 වසර ශිෂ්‍යත්වය දක්වා පංති සහිත

බස් මාර්ග සංස්කරණය

පිළියන්දල හරහා දිවෙන බස් මාර්ග

  • 120 - පිටකො‍ටුව-පිළියන්දල-කැස්බෑව/හොරණ
  • 162 - පිටකො‍ටුව - බණ්ඩාරගම
  • 255 - ගල්කිස්ස- කොට්ටාව (පිළියන්දල හරහා)
  • 120 - හොරණ - කොළඹ (පිළියන්දල හරහා)

පිළියන්දලින් අවසන් වන බස් මාර්ග

  • 127 - මොරගහහේන
  • 139 - කොහුවල
  • 139/1 - කළුබෝවිල
  • 149 - දියකඩ/දියගම/හෝමාගම
  • 157 - කහපොළ
  • 158 - මොර‍ටුව
  • 162 -බණ්ඩාරගම
  • 295 - දම්පේ
  • 296 - කොට්ටාව
  • 341 - මහරගම
  • 342 - කොට්ටාව (පොල්ගස්ඕවිට හරහා)
  • 149 - බණ්ඩාරගම (දියකඩ හරහා)
  • 162/1 - අම්බලන්ගොඩ(බස්නාහිර පළාත)
  • 795 - පිළියන්දල - ගෝණමඩිත්ත

මූලාශ්‍ර සංස්කරණය

  1. [1], Daily News - Features April 2003.


"https://si.wikipedia.org/w/index.php?title=පිළියන්දල&oldid=487731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි