පාරිසරික පුරාවිද්‍යාව

පාරිසරික පුරාවිද්‍යාව යනු මිනිසුන් හා ඔවුන්ගේ පරිසරය අතර ඇති දීර්ඝ කාලීන සබඳතාව පිළිබඳ අධ්‍යයනයයි. මෙම සම්බන්ධතාවය ලේඛණ ගත කිරීමට හා පහදා දීමට පේලියෝඑත්නො‍බොටනි, භූ රූප විද්‍යාව, පෙලිනොලජි, වූ භෞතික විද්‍යාව, භූ දර්ශණ පුරාවිද්‍යාව මනුෂ්‍ය ජීව විද්‍යාව හා මනුෂ්‍ය පරිසර විදයාව ඇතුළත් විවිද උප අංශ ඇතුළත් වෙයි. පාරිසරික පුරාවිද්‍යාව , අතිතයේ සිදු වු වේගවත් දේශගුණ වෙනස් වීම් වලට මනුෂ්‍යයන් ප්‍රතිකාර දැක්වු අයුරු පෙන්වන ආනුභාවික සාක්ෂි සැපයිය හැකි විෂය පථ කිහිපයෙන් එකක් නිසා එහි ජනප්‍රිය බව පසුගිය වසර කිහිපය තුළ ඉතා වේගයෙන් වර්ධනය වී ඇත.

පාරිසරික පුරාවිද්‍යාව නාමික විෂය පථයක් ලෙස මතුවි ඇත්තේ පසුගිය වසර 30 තුළ දී පමණි. එය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර බොහෝමයක් කැණීම් ව්‍යාපෘති වල ප්‍රධාන සංරචකයක් ලෙස වර්ථමානයේදී භාවිතා වේ. බොහෝමයක් විශ්ව විද්‍යාල මෙම විෂය සම්මත පාඨමාලාවක් ලෙස උගන්වනු ලබන අතර ඔවුන් විසින් මෙය වෙනම උපාධියක් ලෙස උගන්වනු ලැබේ. ලන්ඩනයේ රෝයල් පොළෝවේ විශ්ව විද්‍යාලය මෙම ක්ෂේත්‍රයේ සිටින නියමු විශ්ව විද්‍යාලයක් වන අතර එහිදි මෙය උගන්වනු ලබන්නේ පාරිසරික පුරා විද්‍යා උපාධියේ කොටසක් ලෙස ය.