නිරූපණ ඒජන්සි යනු විලාසිතා කර්මාන්තයේ වැඩ කිරීම සදහා විලාසිතා නිරූපිකාවන් ලබාදෙන සමාගමකි. මෙම ඒජන්සි ඔවුන්ගේ ආදායම උපයන්නේ කොමිස් මුදල් හරහාය. (සාමාන්‍යයෙන් නිරූපිකාවන් සමග කරන ගනුදෙනු වලින්) සුපිරි ගණයේ ඒජන්සි විශාල ආදායම් ප්‍රචාරක ඒජන්සි හා විලාසිතා නිර්මාණ කරුවන් සමග කටයුතු කරයි. ඔවුන් ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සදහා මුදල් වියදම් කරන අතර එමනිසා ඔවුන්ට කර්මාත්නය තුළදී ඔවුන්ගේ තත්ත්වය ඉහළ දමා ගත හැක. මෙම සුපිරි ගණයේ ඒජන්සි මගින් නිරූපිකාවන් පුහුණු කිරීමට, පරීක්ෂා කිරීමේ දර්ශණ ලබාගැනීමට, සැකසුම් පත්‍ර නිපදවීමට හා කොම්ප්කාඩ් (සංයුති ඡායාරූප පත්‍ර) හා නිරූපිකාවන්ට අවශ්‍ය අනෙකුත් මුද්‍රණය කරන ලද ද්‍රව්‍යය සැපයීමට උදවුවේ.

ඔවුන් කාර්යයන් සොයා ගනු ලබන්නේ සැළසුම් කරුවන්ට ඡායාරූප කරුවන්ට හා ප්‍රචාරක ඒජන්සි වලට ඔවුගේ නිරූපිකාවන් ඉදිරි පත් කිරීමෙන් අදාල කර්තව්‍යය වෙන්කිරීමෙන් ඒ සදහා මුදල් ගෙවීමෙන් හා නිරූපිකාවන්ට ඔවුන්ගේ කාලය සදහා මුදල් ගෙවීමෙනි. තොරතුරු හැසිරවීම මගින් ඒජන්සියක් නිරූපිකාවන්ට ව්‍යාපාර අන්තය මත නොව නිරූපණය ගැන තම අවධානය යොමු කිරීමට ඉඩ ලබාදෙයි.

නිරූපණය යනු ඉතා තරඟකාරී හා වේගවත් ව්‍යාපාරයක් වන අතර එය සාම්ප්‍රදායික "9 සිට 5 දක්වා රැකියා" වලට වඩා ඉදිරියට පැතිරෙන නිසා සාමාන්‍යයෙන් ඒජන්සි අවලංගු කිරීම් හා ඉක්මනින් සිදු කළ යුතු කාර්යයන් වැනි දේ හැසිරවීම සදහා පැය 24 පුරාම ව්‍යාපාර කටයුතු කරගෙන යයි. බොහෝමයක් ඒජන්සි වල වැඩ කරන කාලයෙන් පසුවද හදිසි තත්ත්ව කළමණාකරණය සදහා සේවාවක් හෝ පුද්ගලයෙක් සිටි.

කර්මාන්ත තොරතුරු සංස්කරණය

වෙන්කිරීමේ ඒජන්ත වරුන් සංස්කරණය

නිරූපන ඒජන්සි[1] නිරූපිකාවන් භාවිතා කරන්නේ කවුරුන් ද යන්න පිළිබද සේවීම සදහා වෙන් කිරීමේ දෙපාර්ත මේන්තුවක් යොදා ගනී ඒජන්සියට මිනිසෙකු මගින් ක්‍රියාකරවන දුරකථනයක් හා සේවා ලාභියෙකුට ප්‍රවේශ විය හැකි කාර්යාලයක් ඇත. මෙම ඒජන්ත වරු නව කොම්ප් පත් සදහා මතක් කිරීම් යවයි. ඔවුන් ප්‍රචාරණය කිරීම ප්‍රකාශ කිරීම හා නව නිරූපන ආකාර සොයා ගැනීමට සොයා බැලීම සිදු කරයි.

ගිවිසුම් අත්සන් කිරීම සංස්කරණය

බොහෝමයක් ඒජන්සි එක් එක් වෙළද පොලෙහි විශේෂිත කොන්ත්‍රාත්තු සදහා ගිවිසුම් අත්සන් කරනු ලබයි. මෙහි ප්‍රමාණය නිරූපන කර්මාන්තයේ තත්ත්වය හා අත්දැකීම මත වෙනස් විය හැක. එසේ නමුත් හොද ඒජන්සි ඔවුන්ගේ නිරූපිකාවන්ගේ කාර්යයන් සේවීම හා ඔවුන්ගේ දක්ෂතා සදහා උපරිම මිල සාකච්ඡා කරන නිසා ඔවුන් විසින් වෙන්කරන ඕනෑම සියව කටයුතු සදහා නිරූපිකාව‍ගේ පාර්ශවය කළමණාකරණ කොමිස් මුදලක් (10% - 20% අතර) ඔවුන්ට ලැබේ. මීට අමතර ඒජන්සි විසින් නිරූපිකාවන් වෙන්කිරීම සදහා 20% ක සේවා ගාස්තුවක් අය කරනු ලබයි. එමනිසා සාමාන්‍ය ඒජන්සියක් සෑම වෙන්කිරීමකින්ම 10% - 40% ක ප්‍රමාණෙයක් උපයන අතර එයින් නිරූපිකාවගේ සාක්කුවෙන් පැමිණේන්නේ 20 % ක් පමණි. මෙය US වලින් පිටදී ඒ ඒ රටවල නීති හා බදු අනුව වෙනස් වෙයි.

සාකච්ඡා හා විවෘත දුරකතන සංවාද සංස්කරණය

නිරූපන එජන්සි වලට නිරන්තරයෙන් නව මුහුණු අත්‍යවශ්‍ය වේ. ඒජන්සියක සිටින නිරූපිකාවන් ගණන තීරණය වන්නේ එහි ඒජන්ත වරුන් විසින් ගෙන එන තත්ත්වය හා වසර පුරා සිදු වන වෙනස්වීම් අනුවය . මෙම අන්තය සදහා නිරූපණ ඒජන්සි මහජනයා සමග ගැටී පැවතීම සදහා දේශීය දුරකථන නාමා වලි වල ප්‍රචාරණය කිරීම සිදු කරනු ලබයි.

නව නිරූපිකාවන් එලි දැක්වීමේ ක්‍රියාවලිය ඒජන්සියෙන් ඒජන්සියට වෙනස් වෙයි.

  • ඩ්‍රයිකෝල් එකක් යනු නිරූපිකාවන් විසින් ඒජන්සියකට කොම්ප් පත් යැවීමයි. මෙය කුඩා ඒජන්සි සමග කටයුතු කරන ක්‍රමයක් වන අතර විශාල ඒජන්සි මගින් මේවා නොසැලකීම හෝ කුණු කූඩයට විසි කිරීම සිදු කරනු ලබයි.
  • තවත් ආකාරයක් වන්නේ වෝක් ඉන් ආකාරයයි. මෙහිදී නිරූපිකාවන්, පත් කර ගැනීමක් සදහා ඒජන්සියකට දුරකතන ඇමතුමක් ලබාදෙන අතර එම අවස්ථාවේදීම ඇයට සම්මුක පරීක්ෂණයක් ලැබෙයි. ඉන්පසුව නිරූපිකාවට ඒජන්ත වරයාගේ පැරණි අත්දැකීම් නැවත දැක්වීමට හා ඔහුගේ හෝ ඇයගේ හැකියා දැක්වීමට අවස්ථාවක් ලැබෙයි.
  • වඩාත් ජනප්‍රිය ක්‍රියාවලිය වන්නේ ඕපන් කෝල්ඩ් ක්‍රියාවලියයි. එහිදි ඒජන්සියකන් යම් නිෂ්චිත දිනයකදී ඕනෑම අයෙකුට ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටිය හැකියැයි ප්‍රචාරණය කරනු ලැබේ. කර්මාන්තය තුළ ඒජන්සියේ ජනප්‍රිය තාවය මත පදනම් ව හා ඒජන්ත වරයා විසින් කරන ලද ප්‍රචාරණය කිරීම් අනුව දුසිම් කිහිපයක සිට සිය ගණන් වු අපේක්ෂකයන් මේ සදහා පැමිණිය හැක. මේවායේදී වන පේලි නගර කිහිපයක් තරම් දුරට විහිදීම අරුමයක් නොවේ.

විලාසිතා සංදර්ශන හා විලාසිතා සති සංස්කරණය

ඒජන්තවරු දක්ෂතා කළමණාකාරවරු නිරූපිකාවන් පුරුදු කිරීමට සහ දියුණු කිරීමට එක්වී වැඩ කටයුතු කරයි. නිරූපිකාවන් සඳහා වන ඉතාමත් වැදගත් ඇගයීම්වලින් එකක් වන්නේ විලාසිතා සංදර්ශන හෝ විලාසිතා සතිවලට සහභාගී වීම හෝ ඒවායේ වැඩ කටයුතු සිදු කිරීමයි. විලාසිතා සංදර්ශනයක් යනු විලාසිතා නිර්මාණකරුවන් විසින් ඔවුන්ගේ නව ඇඳුම් පැලඳුම් ප්‍රදර්ශනය කිරීම සඳහා පවත්වනු ලබන උත්සවයකි. එක් එක් විලාසිතා සංදර්ශනය සඳහා එකතුවෙහි ප්‍රමාණය හා නිර්මාණකරුවාගේ වැදගත්කම මත පදනම්ව නිරූපිකාවන් 15 ත් 60ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. විලාසිතා නිරූපිකාවන් විලාසිතා නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද ඇඳුම් පැලඳ රන්වේ එක දිගේ ගමන් කරයි. මෙම අවස්ථාවලට පෙනී සිටීම ඕනෑම නිරූපිකාවකට අත්‍යවශ්‍ය කටයුත්තක් වේ.

විලාසිතා සතියක් යනු විවිධ විලාසිතා නිර්මාණකරුවන් මඟින් සිදු කරන විලාසිතා සංදර්ශන මාලාවකි. එක් එක් සංදර්ශනය ඔවුනොවුන්ගේ හැකියා විදහා දක්වන නමුත් බොහොමයක් නිරූපිකාවන්ට නිර්මාණකරුවන් කිහිප දෙනෙ‍කු සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ලැබේ. මෙය නිරූපිකාවන් සඳහා අවධානයට ලක් වීමට මහඟු අවස්ථාවක් වන අතර මෙමඟින් විශාල කොන්ත්‍රාත්තු හා ඉතා සිත් ඇද ගන්නා සුළු රැකියා සඳහා මඟ විවර කරවිය හැක. එක් එක් විලාසිතා සතිය අවස්ථා 2කින් සමන්විත වේ. වසන්ත එකතු සඳහා එකක් වන අතර සීත එකතුව සඳහා අනෙක් එක වෙයි.

නිව් යෝර්ක් පැරිස් හා මිලාන් වැනි ප්‍රධාන විලාසිතා අගනඟරවල දී පැවැත්වෙන විලාසිතා සතිවලදී විලාසිතා නිර්මාණකරුවන් 100ක් පමණ ඔවුන්ගේ කටයුතු එලි දැක්වීම සිදු කළ හැක. මෙම සතිවලට මර්සිඩීස් බෙන්ස් හෝ ඔලිම්පස් වැනි ඉතා විශාල වෙළඳ නම් මඟින් අනුග්‍රහය ලැබේ.

ස්කෑම්ස් (Scams) සංස්කරණය

පරණ ඒජන්සි බිඳ වැටෙන හා නව ඒජන්සි මඟින් ඔවුන්ගේ ස්ථාන ලබා ගන්නා නිරන්තරයෙන් වෙනස් වන කර්මාන්තයේ ඒජන්සියක් සඳහා වූ අවශ්‍යතාවය නිසා ස්කෑම් කලාකරුවන්ට නව, සැකයට බඳුන් නොවන නිරූපිකාවන් ගොදුරු කර ගැනීමට බොහොමයක් අවස්ථා ඇත. නීත්‍යානුකූල නිරූපන ඒජන්සියකට වෙළඳ වටපිටාව ගැන දැනුමක් තිබිය යුතු අතර ඔවුන්ගේ වෙළඳපොළ සඳහා අවංකවම නිරූපිකාවන් ඉදිරිපත් කළ යුතුය. එයට නිරූපිකාවගේ අලෙවිකරණය ද්‍රව්‍ය නිපදවීම සඳහා ඡායාරූපකරුවන්, ග්‍රැෆික් නිර්මාණකරුවන් හා මුද්‍රණකරුවන් සමඟ සබඳතා තිබිය යුතුය.

එක්සත් ජනපදයේ better business වංක ව්‍යාපාර පුහුණු වීම හා ස්කෑම් පවත්වන ඒජන්සිවලට එරෙහිව ‍චෝදනා ගොනු කරයි.

ස්කෑම් කලාකරුවන් හා විශ්වාසය තැබිය නොහැකි ඒජන්සි සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන ගිවිසුම් ඉල්ලා සිටින අතර නිරූපිකාවන් අධි කොමිස් ප්‍රතිශතයකට යොමු කරවීමට හෝ අනවශ්‍ය අයිතිවාසිකම් සඳහා අත්සන් කරවීමට අධි පීඩන උපාය මාර්ග භාවිතා කරයි.

නිරූපන ස්කෑම්වල එක් උදාහරණයක් වන්නේ තමන්ට වැඩ තිබේ යැයි කියා ගන්නා ඒජන්සියක් සත්‍ය වශයෙන්ම , නිරූපිකාවන් බවට පත්වීමට සිටින අයට ඡායාරූප හා නිරූපන පාඨමාලාවන් විකුණා මුදල් ඉපයීමට තැත් කිරීමයි. නීත්‍යානුකූල ඒජන්සියක් ඒජන්සි කොමිස් මුදලෙන් පිට ආදායම් එකතු කිරීම සිදු නොකළ ‍යුතුය.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "The 10 Best Modeling Agencies in Seocho-gu". September 18, 2015. May 22, 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 13, 2023.
"https://si.wikipedia.org/w/index.php?title=නිරූපණ_ඒජන්සි&oldid=544917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි