නියපොතු කපනය ("නියපොතු සිඳිනය" ලෙසද හැඳින්වෙන) යනු අතැඟිලිනියපොතු සහ පාඟිලිනියපොතු අගින් සිඳීම සඳහා භාවිතා කෙරෙන හස්තීය මෙවලමකි.

නියපොතු කපනයන් වර්ග කිහිපයක්
ඇන්සෝනියා, කනෙක්ටිකට් හි එච්. සී. කුක් සමාගම විසින් නිෂ්පාදිත කාටර් නියපොතු කපනය සඳහා ගුඩ් හවුස්කීපිං හි පලවූ 1902 වෙළෙඳ දැන්වීමක්

නිර්මාණය සංස්කරණය

නියපොතු කපනයන් සාමාන්‍යයෙන් නිමැවෙන්නේ ලෝහයෙන් වුවද ඒවා ප්ලාස්ටික් වලින්ද නිමැවිය හැක.[1] අඬු වර්ගය සහ සංයුක්ත ලීවර වර්ගය සාමාන්‍යයෙන් භාවිත වන ප්‍රධාන වර්ග දෙකවෙති. මෑතදී,[කවදාද?] ඔබන-බොත්තම වර්ගයෙහි තුන්වන වර්ගයක්ද වෙළෙඳපොලට නිකුත් කෙරණි.[කවුරුන් විසින්ද?] සියල්ල සාමාන්‍ය ගෙදරදොර භාණ්ඩය. බොහෝ නියපොතු කපනයන්, නියපොතු වෙතින් කුණු ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා භාවිතා කල හැකි තවද මෙවලමක් සහිතව එළිදකිති. නිය සිඳිනයකට සමහරවිටෙක, නියපොතුවල රළු අග සීරුවෙන් කැපුමට උපකාරී වන සිඟිති පීරක් සවිකර තිබෙයි. කඩතොලු සහිත හෝ කැපීමේදී අත්හැරුනු හෝ අමතර නියපොතු ඉවත් කිරීමට නිය-පීර අවකාශ සලසයි. නියපොතු කපනයන් සමහරවිටෙක කුඩා (සාක්කු) පිහියක් හෝ නිය අල්වනයක් (කපන නියපොතු අලවා ගන්නා ආම්පන්නයක්) සහිත වෙයි. නිය සිඳිනයක් උත්තල හෝ අවතල හිසක් සහිත වෙයි. අවතල සිඳුම් අග සහිත විශේෂිත නිය සිඳිනයන් භාවිත වන්නේ පයැඟිලි නියපොතු සිඳලීම සඳහා වන අතර, උත්තල සිඳුම් අග සහිත ඒවා අතැඟිලි නියපොතු සඳහා වෙති. කපනයෙහි ප්‍රධාන අක්ෂයසමාන්තර හෝ ලම්භක හෝ වන පරිදි එය පිහිටන අයුරින් කැපුම් හිස නිෂ්පාදනය කල හැක. පයඟිලි නියපොතු කැපීමේදී නිය වෙත ප්‍රවේශ්‍ය වීමේ දුෂ්කරතාවය පිළිබඳ ගැටළුව වෙත අවධානය යොමු කිරීමක් ලෙසින් ප්‍රධාන අක්ෂයට සමාන්තර ලෙසින් තැනුනු කැපුම් හිස් දැක්වීය හැකිය.

ඉතිහාසය සංස්කරණය

 
හැල්ස්ටැට් සංස්කෘතියෙහි (6-8වන සියවස් ක්‍රිපූ පමණ) සොහොනක් තුල තිබී හමුවූ දැළිපිහිය (ඉහළ) සහ අස්ථිමය මිටක් සහිත නියපොතු කපනය (පහළ)

නියපොතු කපනයෙහි නිමැවුම්කරු හරියාකාරයෙන් නොදන්නා නමුත්, නියපොතු සිඳිනය වැඩිදියුණුව සඳහා එක්සත් ජනපද පේටන්ට් බලපත්‍රයක් 1875 දී වැලන්ටයින් ෆොජර්ටි විසින් ඉල්ලා ඇති බවක් (එවන් උපකරණ එවිට පැවැති බවක් මෙනයින් ගම්‍ය වේ) පෙනේ.[2] නියපොතු කපනයන් වැඩිදියුණු කිරීමට ඉල්ලා තිබූ අනෙකුත් පේටන්ට් නම් 1876 දී, විලියම් සී. එඩ්ජ්,[3] සහ, 1878දී, ජෝන් එච්. හෝල්මන්.[4] සම්පූර්ණ නියපොතු කපනයන් සඳහා (වැඩිදියුණු කිරීම් පමණක් නොවේ) ඉල්ලුම්කිරීම අතර, 1881දී, ඉයුජින් හෙයිම් සහ සෙලෙස්ටින් මාට්ස්,[5] 1885දී, ජෝර්ජ් එච්. කෝට්ස් (නියපොතු කපනයක් සඳහා),[6] සහ, 1905දී, චැපල් එස්. කාටර් ( කනෙක්ටිකට් බැප්ටිස්ට් සභාවේදේවගැතිවරයාගේ පුත්‍රයා)[7] නියපොතු සිඳිනයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගති [8] [9] [10] පසුව 1922දී තවත් පේටන්ට් බලපත්‍රයක් සමගින්.[11] 1913දී, ඇන්සෝනියා, කනෙක්ටිකට් හි එච්. සී. කුක් සමාගමෙහි ලේකම් වශයෙන් කාටර් ක්‍රියා කල අතර [12] මෙම සමාගම 1903 දී හෙන්රි සී. කුක්, ලුවිස් අයි. කුක්, සහ චැපල් එස්. කාටර් විසින් එච්. ටී. කුක් යන්ත්‍ර සමාගම ලෙසින් සංස්ථාපනය කෙරිණි.[13] 1928 දී පමණ, සමාගමෙහි සභාපති ලෙසට කාටර් පත්වූ අතර, එවිට ඔහු හිමිකම් පෑවේ, 1896දී පමණ, "ජෙම්"-ලකුණ අතැඟිලි නියපොතු කපනය එළිදැකි බවයි.[14]

1906දී, එල්.ටී. ස්නෝ සමාගම[15] නියපොතු කපනයන් නිෂ්පාදනය කලෝය.[16] 1908දී පමණ[17] (හෝ 1911දී), නිව්යෝර්ක් හි කිං කිල්ප් සමාගම නියපොතු කපනයන් නිෂ්පාදනය කලහ.[18][19]


ආශ්‍රිත සංස්කරණය

  1. විශේෂයෙන් නියපොතු කපනයන්වෙතින් නියකැපීම වෙත බියක් දක්වන දරුවන්ට එයින් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා, මේවා "දරුවන්-විසින්-භාවිතාය-වලකන" නියපොතු කපනයන් ලෙස එළිදකිති.
  2. US 161112, ෆොජර්ටි, වැලන්ටයින්, "ඉම්ප්‍රෑව්මන්ට් ඉන් ෆින්ග-නේල් ට්‍රිමර්ස්", නිකුතුව පෙබරවාරි 24, 1875 
  3. US 183256, එජ්, විලියම් සී., "ඉම්ප්‍රෑව්මන්ට් ඉන් ෆින්ග-නේල් ට්‍රිමර්ස්", නිකුතුව ඔක්තෝම්බර් 17, 1876 
  4. US 205088, හෝල්මන්, ජෝන් එච්., "ඉම්ප්‍රෑව්මන්ට් ඉන් ෆින්ග-නේල් ට්‍රිමර්ස්", නිකුතුව අප්‍රේල් 17, 1878 
  5. US 244891, හෙයිම්, ඉයුජින් & මාට්ස්, සෙලෙස්ටින්, "ෆින්ග-නේල් ට්‍රිමර්", නිකුතුව ජූලි 26, 1881 
  6. US 342780, කෝට්ස්, ජෝර්ජ් එච්., "ෆින්ග-නේල් කටර්", නිකුතුව අගෝස්තු 24, 1885 
  7. "සෙල්ඩන් කාටර් දේවගැතිවරයා මිය යයි". ද ඩේ. මැයි 25, 1916.
  8. නියපොතු කපනයෙහි කෙටි ඉතිහාසයක් ද සයිස් ඔෆ් තෝට්ස්: එසේස් ඇන්ඩ් අද නම්බර්, නිකල්සන් බේකර්, නිව්යෝක්: වින්ටේජ් 1997. ISBN 0-679-77624-9 හි මුද්‍රිතව ඇත.
  9. US 797937, කාටර්, චැපල් එස්., "ෆින්ග-නේල් ට්‍රිමර්", නිකුතුව අගෝස්තු, 1905 
  10. US 797938, කාටර්, චැපල් එස්., "ෆින්ග-නේල් ට්‍රිමර්", නිකුතුව අගෝස්තු 22, 1905 
  11. US 1436010, කාටර්, චැපල් එස්. & කාටර්, හෙඩ්ලි පී., "ෆින්ග-නේල් ට්‍රිමර්", නිකුතුව නොවැම්බර් 21, 1922 
  12. ඇන් එක්ස්පෝට් ෂිපිං ටුවර් ඔෆ් නිව්යෝක් සිටි, ඇමරිකන් ඉන්ඩස්ට්‍රීස්, 14 වෙළුම, අංකය 5, නැෂනල් එසෝසියේෂන් ඔෆ් මැනුෆැක්චරර්ස්, දෙසැම්බර් 1913, පි.43 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කරන ලදි)
  13. නෝට්ස්, නිවුස් ඇන්ඩ් පර්සනල්ස්, මොඩර්න් මෙෂිනරි, වෙළුම් 13-14, මැයි 1903, පි. 167 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කරන ලදි)
  14. [1], දි ඇමරිකන් එක්ස්පෝටර්, වෙළුම 102, ජෝන් සී. කොච්රන් සමාගම., 1928, පි.162 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කරන ලදි)
  15. 1889දී, ලුවී ටී. ස්නෝ ස්ට්‍රෝං ෆය ආම්ස් කම්පනි හි අයිතිකරු වීමට ලුවී ටී. ස්නෝ සමත් විය (ඇරඹුම 1884 සහ පෙරදී ස්ට්‍රෝං කාට්‍රිජ් කම්පනි, ඇරඹුම 1881) -- බලන්න ස්ට්‍රෝං ෆය ආම්ස් කම්පනි සංරක්ෂණය කළ පිටපත 2010-09-18 at the Wayback Machine
  16. බීට්ස් දෙම් ඕල්: ද ස්නෝ නේල් ක්ලිපර්, හාඩ්වෙයා ඩීලර්ස් මැගසින් හි වෙළෙඳ දැන්වීම, වෙළුම 25, ජනවාරි 1906, පි.32 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කෙරිණි)
  17. ඇන්ටික් නේල් ක්ලිපර්ස් ~ කිං ක්ලිප් සංරක්ෂණය කළ පිටපත 2011-07-14 at the Wayback Machine (30 අගෝස්තු 2010 Millscentral.com වෙතින් සම්ප්‍රවේෂණය කෙරිණි)
  18. දි ඊරා ඩ්‍රගිස්ට්ස් ඩිරෙක්ටරි, වෙළුම 15, ඩී.ඕ. හේයින්ස් සහ සමාගම, 1911 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්‍ප්‍රවේෂණය කෙරිණි)
  19. 1910-20's "කිංක්ලිප්" ස්ටීල් නේල් ක්ලිපර් (ජපන්; 30 අගෝස්තු 2010 funny-supply.com වෙතින් සම්ප්‍රවේෂණය කෙරිණි)
"https://si.wikipedia.org/w/index.php?title=නියපොතු_කපනය&oldid=592427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි