නැබියුරු විපැලුම සොයාගැන්ම

නැබියුරු විපැලුම[1] 1938 දෙසැම්බරයේ දී රසායනික විදුදතුවන් වන ඔටෝ හාන් හා ෆ්‍රිට්ස් ස්ට්‍රාස්මන් හා භෞතික විදුදතුවන් වන ලීස මයෙට්නා හා ඔටෝ ‌රොබත් ෆ්‍රීෂ් හා විසින් සොයාගැනිණ. විපැලුම යනු නැබියුරු පිළිකුරක්[2] හෝ රෙදෙව්-සකුරු[3] ගෙවීයෑම් පෙරසක් (radioactive decay process) හෝ වන අතර එහි දී පරමාණුවකැ නැබියුරුව කුදු, සැහැල්ලු නැබියුරු දෙකකට හෝ වැඩි ගණනකට හෝ ද බොහෝ විටැ අනෙකුදු අංශු වලට ද බෙදී යේ. විපැලුම් පෙරස බොහෝ විටැ ගැමා රැස් නිපයන අතර රෙදෙව්-සකුරු ගෙවීයෑමේ ඔද ප්‍රමිතීන්ට අනුවැ පවා සුවිසල් ඔද[4] පමණෙක් (amount) නිදහස් කරයි. ඇල්ෆා ගෙවීයෑම  හා බීටා ගෙවීයෑම  හා ගැනැ සොයුනනුවන් එ වතදු දැනැ සිටි මුත් නැබියුරු දාම පිළිකුරක් සිදුවියැ හැකි බව සොයාගැන්ම නැබියුරු බලය හා නැබියුරු අවි හා දිවැඩුමට හේතු වූයෙන් විපැලුම විසල් වැදැගත්ක‌මක් ලබා-ගති. නැබියුරු විපැලුම සොයාගැන්ම වෙනුවෙන් හාන්ට 1944 රසායන සොයුන සඳහා වූ නොබෙල් තෑග්ග පිරිනැමුණි.

හාන් හා ස්ට්‍රාස්මන් හා විසින් නිරික්සි, මයෙට්නා හා ෆ්‍රීෂ් හා විසින් ප්‍රවාදගත කැරුණු නැබියුරු පිළිකුර.

බර්ලිනයේ රසායන සොයුන පිළිබැඳි කයිසර් විල්හෙල්ම් ආයතනයේ හාන් හා ස්ට්‍රැස්මන් හා යුරේනියම් වලට ලැසි නෑලිරොන් මගින් පහර දුන් අතර එ මගින් බේරියම් නිපැයී ඇතැ යි සොයාගතු. හාන්, නැබියුරුවේ පුපුරා යාමක් සැලැකැවූ නමුදු ප්‍රතිඵල සඳහා භෞතික පදනම කුමක් දැයි ඔහුට නිශ්චිත නො වී. ඔවුහු මාස කිහිපයකට පෙරැ නාසි ජර්මනියෙන් පලාගිය ස්වීඩනයේ මයෙට්නා වෙත පහිණයෙන් තම සොයාගැනුම් සැළ කළහ. මයෙට්නා හා ඇය බෑණා වූ ෆ්‍රිෂ් හා යුරේනියම් නැබියුරුව දෙකඩ වී ඇති බව ප්‍රවාදගත කැරැ එය ඔප්පු කැරැ ඔවුනගේ සොයාගැනීම් නේචරයේ පැවැසැවූ හ. එක් එක් විසංයෝජනය(?) මගින් නිකිති ඔද අසල් විසින් මෙගා-විදුරොන්-වෝල්ත 200ක් බව මයෙට්නා ගණනය කළ අතර ෆ්‍රිෂ් මෙය නිරික්සී. පණ ලකු සැල් බෙදුම[5] හා සම වැ ඒ පෙරස හේ "විපැලුම" ලෙස නම් කළේ යි.

රෙදෙව්-සකිරියාව හා රෙදෙව්-සකුරු දෑහි සොබාව හා ගුණ හා පිළිබැඳි වැ සාළිස් වසක් පුරා කැරුණු සවික්සුමෙකින් පසු වැ මේ සොයාගැන්ම සිදු වියැ. 1932 දී ජේමිස් චැඩ්වික් විසින් නෑලිරොන සොයාගැන්ම නැබියුරු transmutation සඳහා නව කෙමක් නිමැවී යැ. ඔන්රිකෝ ෆර්මි හා රෝමයේ ඔහු සගයන් හා යුරේනියම්වලට නෑලිරොන් මගින් පහර දීමේ පල හැදෑරූ අතර, ෆර්මි නිගමනය කළේ ඔහුගේ පිරියෙසුම් මඟින් පිරිරොන් 93කින් හා 94කින් හා යුත්, තම පිරිස විසින් ඕසීනියම් හා හෙස්පීරියම් හා ලෙස නම් කැරුණු, නව මුලටු නිමැවී ඇති බවයි. ෆර්මි 1938 භෞතික සොයුන සඳහා නොබෙල් තෑග්ග දිනාගත්තේ ඔහුගේ "නෑලිරොන් පිරිරවිසුරුම(?) (ප්‍රකිරණය) මගින් නිපැයෙන නව රෙදෙව්-සකුරු මුලටුවල පැවැත්ම හා ලැසි නෑලිරොන් මගින් ඇති කැරුණු නැබියුරු පිළිකුරු හා බැඳි සොයාගැනුම්" වෙනුවෙනි. කෙසේ වතදු, ඔහුගේ ප්රතිඵල පිළිබැඳි ෆර්මිගේ විසිඳුමෙන් සැවොම ඒත්තු ගැන්වුණේ නැති. Ida Noddack සැලැකැවූයේ නව, බරතර මුලටු 93 නිමැවෙනවා වෙනුවට නැබියුරුව විසල් කැබැලිවලට කැඩී ඇතැ යි සිතියැ හැකි බවයි. ආරිස්තිද් වොන් ග්‍රොස්(?) (Aristid von Grosse) සැලැකැවූයේ ෆර්මිගේ පිරිස සොයාගත් දෑ ප්‍රෝටැක්ටිනියම් සමස්ථානිකයක් බවයි.

මෙය, ප්‍රොටැක්ටිනියම්හි ස්ථායීතම සමස්ථානිකය සොයා ගත්, හාන් හා මයෙට්නා ඔවුනගේ සගයා වූ ස්ට්‍රැස්මන් සමඟ පෙරස පිළිබැඳි සිව් වසක් දිගු සවික්සුමක් පැවැත්වීමට පෙලැඹැවී. බොහෝ වෙහෙසී බොහෝ සොයාගැනීම් වලින් පසු වැ, ඔවුන් නිරික්සූයේ විපැලුම බවත්, ෆර්මි විසින් සොයාගත් නව මුලටු විපැලුම් නිපැයි බවත් තීරණය කළ හ. ඔවුනගේ කාර්යය භෞතික සොයුන පිළිබැඳි දිගු-කැලි ඇදැහීම් උඩු යටිකුරු කළ අතර සැබෑ 93 (නෙප්ටූනියම්) හා 94 (ප්ලූටෝනියම්) මුලටු සොයා ගැන්මටත්, අනෙකුදු මුලටුවලැ විපැලුම සොයා ගැන්මටත්, යුරේනියම්වලැ යුරේනියම්-235 සමස්ථානිකයේ භූමිකාව තීරණය කිරීමටත් මඟ පෑදී. නීල්ස් බෝර් හා ජෝන් වීලර හා විපැලුම් යාන්ත්‍රණය පහදනුව දියර බිඳු මාදිලිය පිළිනිමැවූ හ.

  1. න්‍යෂ්ටික විඛණ්ඩනය
  2. පිළිකුරයි - ප්‍රතික්‍රියා කරයි; පිළිකුර - ප්‍රතික්‍රියාව
  3. Radioactive
  4. හෙළ බසින්: ඔද - Energy; බලය - Power; සවිය - Strength; වැර - Force
  5. division of biological cells