නර්තන ක්ෂණ නිර්මාණය

නර්තන ක්ෂණ නිර්මාණය යනු එම අවස්ථාවේ ම නිර්මාණය කළ නර්තන ඉදිරිපත් කිරීම වන අතර බොහෝ විට විසි වන සියවසේ ප‍්‍රසාංගික නර්තනයේ දී ඉදිරිපත් කරනු ලැබූවත් එයට ආවේණික නොවේ. ක්ෂණ නිර්මාණයෝ විවිධ නිර්මාණාත්මක ක‍්‍රම වේදයන් පාදක කරගෙන ඇතිවිය හැකි අතර එයින් සමහරක් පහත දැක්වේ. බොඩි මැපින් - ශරීරය හා මනස කේන්ද්‍ර කරගෙන ඇතිවූවකි මට්ටම් හැඩතල හා ප‍්‍රවේග සංවේදී අත්දැකීම් - ස්පර්ශය හරහා ගොඩනැගෙන ක්ෂණ නිර්මාණය සංජානික පටිපාටිය ජනප‍්‍රිය මතයෙන් බැහැරව නර්තන ක්ෂණ නිර්මාණය යන්න නව නිර්මාණ බිහිකිරීම පමණක් නොව ශරීරය එහි සාම්ප‍්‍රදායික චලනයන්ගෙන් වෙන් කරලීම ලෙසද අරුත් දැක්විය හැක. නර්තනවේදී මයිකල් ජැක්සන් ක්ෂණ නිර්මාණය මෙම අරුත් දෙකම සංජානනය වන ලෙස භාවිතා කරයි. ඔහු බිලී ජීන් ගීතයට නර්තනයක් ඉදිරිපත් කිරීමට කැමති, සෑම අවස්ථාවකම නව නර්තනයක් ඉදිරිපත් වන්නේ නම් පමණක් බව ඔහු ප‍්‍රකාශ කරයි.

ආර්ජන්ටිනියානු ටැංගෝ නැටුම් සංස්කරණය

ආර්ජන්ටිනියානු ටැංගෝ නැටුම් යනු නිර්මාණශීලීත්වය මත රඳා පවත්නා රංගන ශෛලියකි. මෙම නැටුම්හි නර්තන පසුබිම වේදිකාව හා පරිසරය සහ එහි තරඟකාරීත්වය අනුව නිර්මාණකරණය වෙනස් වේ.තවද සංගීත නාද රටා ,නර්තන සහකාරිය හෝ සහකරු සහ රංගන වින්‍යාසය මෙම ටැංගෝ නර්තන කලාවේ නිර්මාණකරණයට මහත් රුකුලක් වී ඇත.

උදරය නැටවීම ( බෙලි නැටුම්) සංස්කරණය

මෙම නැටුම් ප්‍රචලිතව ඇත්තේ ක්ෂණික නිර්මාණ නැටුම් යනුවෙනි. මෙම නැටුම් සඳහා සජීවී සංගීත රිද්ම භාවිතා නොවේ. වෘත්තීමය නැටුම් ශිල්පීන් ප්‍රසිද්ධ ස්ථානවල සහ සමාජීය ශාලාවල ද සතියකට රාත්‍රී හයක් හා රාත්‍රියට තුන්වරක් මෙම නැටුම් පෙර සූදානමකින් තොරව ඉදිරිපත් කෙරේ. මෙම නැටුම් කණ්ඩායම කණ්ඩායම් නැටුම් ලෙස ප්‍රචලිත වී ඇත. පෙර සූදානමකින් තොර වුවද ඉතා අලංකාර ලෙස හා මනා හැකියාවකින් යුතුව මෙම රංගන ශිල්පීන් ඔවුන්ගේ ක්ෂණික නිර්මාණයන් ඉදිරිපත් කරයි. මෙම නැටුම් ශෛලිය ප්‍රචලිව ඇත්තේ ඇමරිකානු එක්සත් ජනපදයේය.

"https://si.wikipedia.org/w/index.php?title=නර්තන_ක්ෂණ_නිර්මාණය&oldid=471776" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි