.පරාක්‍රමබාහු රජතුමා පාණ්ඩ්‍ය දේශයෙන් ගෙන ආ සිරකරුවන් ලවා මෙය කර වූ නිසා දෙමළ මහා සෑය වශයෙන් හැඳින් වේ. වට ප්‍රමාණය අඩි 1500 ක් පමණ වන අතර ස්තූපයේ අර්ධයක් නිමවා ඒ මත කුඩා ස්තූපයක් ගොඩනංවා ඇත. දෙමහල, දෙමහල් යන්න දෙමළ වශයෙන් හැදින් වී යැයි ද මතයක් තිබේ. මහා පරාක්‍රමබාහු රජුට සියලු වෙහෙර විහාර නිමාකළ හැකි වුවත් සම්පූර්ණයෙන් නිමා කළ නොහැකි වුයේ ද මේ වෙහෙරයි. මෙහි උස මීටර් 15.36 කි. දෙමළ සෑයේ මුදුනට නැගුණු විට පොළොන්නරුව ප්‍රදේශයම දර්ශනය වේ. දෙමළ මහා සෑය නිර්මාණය කිරීමට හේතුවුයේ මන්දැයි විවිධ මතයන් පවති. එනම් පරාක්‍රමබාහු රජු මිය ගිය පසු භෂ්මාවශේෂ මේ දැවැන්ත කොටසේ තැන්පත් කරන්න ඇතැයි සැකයක් පවතී. [1]

මූලාශ්‍ර සංස්කරණය

  1. "දෙමළ මහා සෑය, දිවයින". සම්ප්‍රවේශය 2017-02-06.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දෙමළ_මහා_සෑය&oldid=660189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි