දුරකථනයට පෙර බිහිවූ පණිවිඩ කොටන කලාව (Telegraph)

වත්මන් ජංගම දුරකථන භාෂාවෙන් දුරකථනයක කෙටීම ලෙස හදුන්වන්නේ SMS Type  කිරීමයි.ජංගම දුරකථනයේ ආරම්භක සංකල්ප අතරින් එක් සංකල්පයක් ලෙස මෙය හදුන්වා දිය හැකිය.

1880 දී පුද්ගලික හා ව්‍යාපාර සන්නිවේදනය සඳහා තිබුනේ ප්‍රධාන ක්‍රම දෙකකි.ඉන් එකක් තැපෑල වූ අතර අනෙක Telegraph යන්ත්‍රය විය. ටෙලිග්‍රාෆ් යන්ත්‍රය යනු ඉතා සරල මට්ටමේ SMS යැවීමේ ක්‍රමයක් ලෙස හැදින්වීම නිවැරදිය.මේ මගින් පණිවිඩ යැවීමට භාවිතා කලේ අන්තර් ජාතික Morse Code හෙවත් මෝස් කේත භාෂාවයි. තඹ කම්බි හරහා ඕනෑම තැනකට විදුලි තරංග මගින් පණිවිඩ යැවීම මෙමගින් සිදුකෙරුනු අතර 19 වන සියවස වන විට මෙම ටෙලිග්‍රාෆ් කම්බි මහද්වීප හා සාගර හරහාද පැතිර ගොස් තිබුනි. ටෙලිග්‍රාෆ් පණිවිඩ වල ගැටලුව වූයේ පණිවිඩය Morse Code බවට පෙරලීමට හා Morse Code මගින් ලැබෙන පණිවිඩය නැවත ඉංග්‍රීසියට හැරවීමට සෑම විටම Morse Code දන්නා අයෙකු ටෙලිග්‍රාෆ් යන්ත්‍රය අසල සිටිය යුතු වීමයි.