දමිතා අබේරත්න (සැප්තැම්බර් 14) ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියකි.[1][2]

දමිතා අබේරත්න
උපත
දමිතා බුද්ධිනී අබේරත්න

සැප්තැම්බර් 14, 1975 (1975-09-14) (වයස 48)
සක්‍රීය වසර1987–වර්ථමානය තෙක්
සම්මානසරසවිය හොඳම නිළිය සම්මානය (2003)
සුමති හොඳම නිළිය සම්මානය (2006)
වෙබ් අඩවියDamitha Abeyratne සඳහා IMDb හි ඇති තොරතුරු

මුල් අවධිය සංස්කරණය

දමිතා අබේරත්න, ඇගේ අධ්‍යාපන කටයුතු නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයෙනුත්, මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙනුත් හදාරණ ලදී.

වෘත්තීය දිවිය සංස්කරණය

1987 වසරේදී (ඇයට වයස අවුරුදු 8ක් පමණ කාලයේදී) පස්සෙ ගෙනා මනමාලී ටෙලිනාට්‍යයේ රංගනයට එක්වෙමින් දමිතා සිය කලා දිවිය කුඩා කලදීම ඇරඹුවාය. පසුව 1993 වසරේදී තිරගත වූ අයි. හේවාවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මීහරකා චිත්‍රපටය, දමිතාගේ රංගනය ශ්‍රී ලංකා රිදී තිරයට මුහුකල මුල්ම චිත්‍රපටිය ලෙස සඳහන් වෙයි. 2003 වසරේදී දමිතා රංගනයෙන් දායක වූ ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලී චිත්‍රපටිය, ඇගේ රංගන දිවියේ සුවිශේෂී සනිටුහනක් සළකුණු කල සංධිස්ථානයක් ලෙස හැඳින්වේ. මෙම සුළං කිරිල්ලී චිත්‍රපටියේ සිදුකල විශිෂ්ඨ රංගනය හේතුවෙන් දමිතාට, දේශීය මෙන්ම ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් හීදී සම්මාන රැසක් හිමිවිය.[3][4][5]

රංගනයන් සංස්කරණය

වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය
1993 මී හරකා අයි. හේවාවසම්
2003 සුළං කිරිල්ලී ඉනෝකා සත්‍යාංගනී
2011 ගාමනි සරත් වීරසේකර
2015 මහරජ ගැමුණු ජයන්ත චන්ද්‍රසිරි
2015 ප්‍රවේගය ඩොනල්ඩ් ජයන්ත

සම්මාන සංස්කරණය

වසර සම්මානය පිරිනැමීම කරුණු
1995 හොඳම නිළිය සම්මානය O.C.I.C සම්මාන දඬුබස්නාමානය සඳහා
1995 හොඳම සහාය නිළිය ස්වර්ණ සංඛ සම්මානය මීහරකා සඳහා
1996 කුසලතා සම්මානය සරසවිය සම්මාන මීහරකා සඳහා
2004 හොඳම නිළිය සම්මානය සරසවිය සම්මාන සුළං කිරිල්ලී සඳහා
2004 හොඳම නිළිය සම්මානය SIGNIS සම්මාන සුළං කිරිල්ලී සඳහා
2004 හොඳම නිළිය සම්මානය 8වන ඩකා ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල සුළං කිරිල්ලී සඳහා
2004 හොඳම නිළිය සම්මානය තමිල්නාඩු ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල සුළං කිරිල්ලී සඳහා
2005 හොඳම නිළිය සම්මානය ජනාධිපති සම්මාන සුළං කිරිල්ලී සඳහා
2005 විශ්ව කීර්ති සම්මානය ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල 2 කදී සම්මාන හිමිකරගැනීම වෙනුවෙන්
2005 කැපීපෙනෙන තාරුණ්‍ය පෞර්ෂ්‍යය ජූනියර් චේම්බර් ශ්‍රී ලංකා කලාව වෙනුවෙන් දැක්වූ දායකත්වයන් උදෙසා
2006 හොඳම නිළිය සම්මානය සුමති සම්මාන කෙළි මඩල සඳහා

ආශ්‍රිත සංස්කරණය

  1. "දමිතා'ස් "ඩේලි මිරර්" ප්‍රොෆයිල්". ඩේලි මිරර්(ශ්‍රී ලංකා). 25 ජනවාරි 2005.
  2. "සරසවිය අවෝර්ඩ්ස්:ඇන්ඩ් ද වර්ඩික්ට් ඉස්..." සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකා). 29 අගෝස්තු 2004. 2005-04-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-08.
  3. "වංසක්කාරයෝ එක්ස්පෝසස් ඊවිල්ස් ඔෆ් පොලිටික්ස්". TV ටයිම්ස්(ශ්‍රී ලංකා,ISSN:1391-0531). 15 ජුලි 2007.
  4. "සිල්වර් ග්ලිටර් ඉන් ඩාර්ක් ටයිම්". ද අයිලන්ඩ්(ශ්‍රී ලංකා). 19 ජනවාරි 2005.
  5. "දමිතා රීචස් ස්ටාඩොම්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකා). 24 නොවැම්බර් 2004.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දමිතා_අබේරත්න&oldid=592258" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි