ජවගාල් ශ්‍රීනාත් (උපත 31 අගෝස්තු 1969) යනු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමානයෙහි අයිසීසී තරග තීරකයෙක් වෙයි. ඉන්දියාවේ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් අතර එකෙකු බවට ඔහු සැලකෙන අතර එක් දින ජාත්‍යන්තර තරග වලදී කඩුළු 300 කට වැඩියෙන් දවා ගත් එකම ඉන්දීය වේග පන්දු යවන්නා ලෙසින් තවමත් වැජඹෙයි.[1]

ජවගාල් ශ්‍රීනාත්

ඔහුගේ විශ්‍රාම යෑම තෙක් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සඳහා ඉදිරි පෙළ වේග පන්දු යවන්නා වූ ඔහු, කපිල් දේව් ගෙන් පසුව ටෙස්ට් කඩුළු 200 ක් දවාලූ දෙවන ඉන්දීය වේග පන්දු යවන්නා වෙයි.

ආශ්‍රිත සංස්කරණය

  1. "ක්‍රිකට් රෙකෝඩ්ස්-ඉන්ඩියා-ඕඩීඅයි-මෝස්ට් විකට්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 5 මැයි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ජවගාල්_ශ්‍රීනාත්&oldid=485145" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි