චන්ද්‍රයාගේ සෝඩියම් වලිගය

මිනිස් ඇසට ග්‍රහණය කළ නොහැකි තරම් ප්‍රභාහීන සෝඩියම් පරමාණු "වලිගයක්" චන්ද්‍රයා සතු බව සොයා ගෙන ඇත. එය සැතපුම් සිය දහස් ගණනක් දිගු අතර, බොස්ටන් විශ්වවිද්‍යාලයීය විද්‍යාඥයෝ 1998දී ලියොනිඩ් උල්කා කුණාටුව නිරික්ෂණය කරමින් සිටියදී එය සොයාගත්හ. චන්ද්‍රයා එහි පෘෂ්ඨයෙන් පරමාණුක සෝඩියම් වායුව නිරතුරුව නිකුත් කරන අතර, සූර්ය විකිරණ පීඩනය විසින් සෝඩියම් පරමාණු සූර්ය-විරුද්ධ දිශාවකට ත්වරණය කෙරුම නිසා, සූර්යයාගෙන් ඉවතට දිශා ගත වන දිගටි වලිගයක් සැදෙයි. 1998 ලියොනිඩ් උල්කා වර්ෂාව විසින් වලිගයේ ස්කන්ධය තාවකාලික ලෙසින් තෙගුණ කළේ චන්ද්‍රයාගෙන් නිර්වායු වන සෝඩියම් පරමාණු ගහණයට තවත් පරමාණු එක් කිරීමෙනි.

කුඩා උල්කාෂ්මයන් වැන්නන් දෛනික ලෙසින් ගැටීම නිසා චන්ද්‍රයාගේ සතත "වලිගයක්" ඇති වන අතර, ලියොනිඩ් විසින් එය වැඩි කරලීමෙන්, පෘථිවියෙහි සිට එය නැරඹීමේ සාමාන්‍ය හැකියාවන් තීව්‍ර කරලීය.

මෙයද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  • "මූන්ස් ටේල් ස්පෙටෙඩ්". බීබීසී. 1999-06-09. සම්ප්‍රවේශය 2009-11-15.
  • "ඇස්ට්‍රොනොමර්ස් ඩිස්කවර් දැට් මූන් හෑස්, ලෝං කොමට්-ලයික් ටේල්". සීඑන්එන්. 1999-06-07. සම්ප්‍රවේශය 2007-12-18.
  • "ලූනා ලියොනිඩ්ස් 2000". නාසා. 2000-11-17. සම්ප්‍රවේශය 2007-12-18.