කූඩියාට්ටම්

(කූඩියට්ටම් වෙතින් යළි-යොමු කරන ලදි)

කූඩියාට්ටම් හෙවත් කුටියාට්ටම් යනු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සාම්ප්‍රදායිකව රඟ දැක්වෙන නාට්‍ය ආකාරයකි. මෙය හින්දු දේවාල වල සංස්කෘත භාෂාවෙන් රඟ දැක්වෙන අතර අවම වශයෙන් වසර 2000 ක් වත් පැරණි යැයි විශ්වාස කෙරේ. මෙය යුනෙස්කෝ සංවිධානය විසින් වාචික සහ සියුම් මානව උරුමයෙහි ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස නිළ වශයෙන් නම් කර ඇත.

ගුරු මානි මාධව චක්යාර් සහ ඔහුගේ කණ්ඩායම තොරණායුධම් (මෙය අභිශේක නාටක නම් රාමායනය මත පදනම් වු භාෂා නාට්‍යයේ කොටසකි) කූඩියට්ටම රග දක්වන අයුරු (1962 - චෙන්නායි නුවරදී) මෙය කේරලයෙන් බැහැර රඟ දක්වන ලද ප්‍රථම කූඩියාට්ටම් සන්දර්ශනය වේ.


ආරම්භය සංස්කරණය

කේරලයෙහි ආදි රජෙකු වු කුල සේකර වර්ම චෙරමන් පෙරුමාල් කූඩියට්ටම් එහි වර්ථමාන ආකාරය දක්වා සංශෝධනය කළ පුද්ගලයා ලෙස සැලකෙන අතර ඔහු ලියු අට්ට ප්‍රකාරම් (රංගන අත්පොත) නම් ග්‍රන්ථය මෙම කලා ක්‍ෂේත්‍රය සදහා අදාළ වඩාත් ප්‍රබලම ප්‍රකාශනය ලෙස සැලකේ.

භාවිතා වන උපකරණ සංස්කරණය

මිසවානා තුළ ගබඩා කෙරෙන මිසාවු (මිසවානා යනු මිසාවු ගබඩා කිරීම සදහා විශේෂයෙන් තැනුනු ලී පෙට්ටියකි). මිසාවු යනු කූඩියට්ටම් හි සාම්ප්‍රදායිකව භාවිතා කෙරෙන ප්‍රධාන සංගීත භාණ්ඩය වන අතර එය පිරිගැටුම් වර්ගයට අයත් සංගීත භාණ්ඩයකි. එය අම්බලාවාසි නම්භියාර් කුලයට අයත් පුද්ගලයෙකු විසින් වාදනය කරන අතර නාගියාරාම වරයෙකු කුසිතාලමක් (තාලම්පට වර්ගයක්) වාදනය කරමින් ඔහු‍‍ට සහය වෙයි. කෙසේ නමුත් වඩාත් නූතනව එඩක්කා නම් සාම්ප්‍රදායික බෙරයද රඟ දැක්වීම සදහා සංගීතය සැපයීමට ආධාර කර ගැනීම ආරම්භව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කූඩියාට්ටම්&oldid=471796" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි