කුරුවිට, රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. කෘෂිකර්ම උපදේශක කාර්යාලය ගොවිජනසේවා මධ්‍යස්ථානයේ ස්ථාපිත කර අැත. කුරුවිට කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයට ග්‍රාම නිලධාරි වසම් 25 ක් අයත් වේ.

සංචාරක ආකර්ෂණ සංස්කරණය

 
දෙල්ගමුව රජ මහා විහාරයේ වූ ඓතිහාසික කුරහන් ගල
  • දෙල්ගමුව රජ මහා විහාරය - වර්ෂ 43ක කාලයක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ, සඟවා තැබූ විහාරස්ථානය ලෙස දෙල්ගමුව රජ මහා විහාරය සැළකේ.
  • බටතොට ලෙන - බෞද්ධ සාහිත්‍යයහි සඳහන් වන දිවා ගුහාව ලෙස විශ්වාස කෙරෙන බටතොට ලෙන, බටතොට පුරාණ ගල්ලෙන් විහාර පරිශ්‍රයෙහි පිහිටා ඇත.
  • බටදොඹ ලෙන - මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක හමුවන ප්‍රධාන පුරාවිද්‍යා ස්ථානයක් වේ. මීට වසර 40,000 කට‌ පෙර විසූ ආදී මානවයින් පිළිබඳ සාධක රාශියක්‌ මෙම ස්ථානයෙන් වාර්තා වී තිබේ.

ඛණ්ඩාංක: 06°46′N 80°22′E / 6.767°N 80.367°E / 6.767; 80.367

"https://si.wikipedia.org/w/index.php?title=කුරුවිට&oldid=415021" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි