කුඩා පරිමාණ පරිගණක

කුඩා පරිගණකය (mini) යනු බහු පරිශීලක පරිගණක වර්ගයක් වෙත යොදන ලද අභාවයට ගිය යෙදුමකි. එය පරිගණක වර්ගවල මධ්‍යම පරාසයට අයත් වේ. එනම් විශාල බහු - පරිශීලක පද්ධති (විශාල පරිගණක) සහ කුඩා තනි-පරිශීලක පද්ධති (ක්ෂුද්‍ර පරිගණක හෝ පෞද්ගලික පරිගණක) අතරමැද පරාසයට මේවා අයත්වේ.අතීතයේ දී මෙම පරිගණක ඒවා සඳහාම විශේෂිත දෘඩාංග සහ මෙහෙයුම් පද්ධති වලින් යුක්ත වූ අතර මෙම කාණ්ඩයේ විශේෂිත ලක්ෂණයක් වූයේ කුඩා ලිපිත තීරු පැවතීමයි. (දත්ත වදන අඩංගු බීට් සංඛ්‍යාව සලකන්න - මෙය බීට් 8-24 අතර සංඛ්‍යෘවක් වන අතර සාමාන්‍යයේ බීට් 16ක පමණ අගයක් ගනී) දැවැන්ත සුපිරි පරිගණක සහ වඩාත් කුඩා පරිගණක අතර පැහැදිලි වෙනස්කම් දැකගත හැකි නමුත් නූතන මධ්‍යම ප්‍රමාණයේ පරිගණක සහ පෞද්ගලික පරිගණක අතර වෙනස එතරම් පැහැදිලි නොවේ.ඒ අනුව එම මධ්‍යම ප්‍රමාණ පරිගණක වඩාත් ප්‍රභල ලෙස සකස් කල පෞද්ගලික පරිගණක ආකාරයක් ලෙසම සැලකිය හැක. වර්තමානයේ මෙම වර්ගයට අයත් පරිගණක හැඳින්වීම සඳහා භාවිතා කෙරෙන සාමාන්‍ය පද අතරට මධ්‍යම පරාස පද්ධති (IBM - පාලන්ස්) කාර්යමධ්‍යස්ථාන (Sun Microsystems සහ සාමාන්‍ය UNIX / Linux පාලන්ස් ) සහ සේවාදායක පරිගණක යන ඒවා අයත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කුඩා_පරිමාණ_පරිගණක&oldid=623672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි