කුට්ටන් ශ්‍රී ලාංකික හෝටල් සහ සංචාරක ක්‍ෂේත්‍රයේ ජීවමාන සංකේතයක් සේ සැලකුම් ලැබූ පුද්ගලයෙකි. හෙතම ක්‍රි.ව. 1942 සිට ගෝල් ෆේස් හෝටලයේ සේවය කලේය.

කොට්ටරපට්ටු චට්ටු කුට්ටන්
මියගිය දිනයක්‍රි.ව. 2014
පුරවැසිබවශ්‍රී ලාංකික
රැකියාවදොරටුපාල

මුල් අවධිය සංස්කරණය

දකුණු ඉන්දියාවේ කේරලයෙහි උපන් කුට්ටන් 18 වන වියේදී එනම් 1938 වසරේදී, ඔහුගේ දෙමාපියන්ගේ අභාවයෙන් පසු රැකියාවක් සොයා ගනු වස් බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට සංක්‍රමණය විය. පසුව කොළඹ රැකියා කිහිපයක නිරත වීමෙන් අනතුරුව ඔහු 1942 වර්ෂයේදී ගෝල් ෆේස් හෝටලයේ සේවයට එක්විය.

මරණය සංස්කරණය

මියයන විට කුට්ටන්ගේ වයස අවුරුදු 94 ක් විය.[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. Charles Haviland (18 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකා'ස් ෆේමස් ගෝල් ෆේස් හොටෙල් ඩෝර්මන් ඩයිස්". බීබීසී නිවුස්. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2014.

බාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කුට්ටන්&oldid=591760" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි